ශ්‍රීලනිප සභාපති දූරයේ වැඩ ආවරණයට රෝහණ ලක්ෂමන් පත්කරයි!!!!

පොහොට්ටුව ශ්‍රීලනිපය සමග අත ගනී පිරිසක් අත අත් හරී ද???

ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතා ශ‍්‍රී ලංකා නිදහස් පක්‍ෂයේ දැනට දරන සභාපති දුරයේ වැඩ බැලීම වෙනුවෙන් නව සභාපතිවරයෙකු පත්කර ඇත ඒ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ හිටපු මහා ලේකම් රෝහණ ලක්ෂ්මන් පියදාස මහතායි ඒ අනුව 2015 වසරේ සිට අඛණ්ඩව ශ්‍රී ලංකා නිනිදහස් පක්ෂයේ සභාපති වශයෙන් කටයුතු කල ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා එම වගකීම තාවකාලිකව වැඩ ආවරණය කිරීම වෙනුවෙන් රෝහණ ලක්ෂමන් පියදාස මහතාට පවරා ඇත ජනාධිපති මෛත්‍රී පාල සිරිසේන මහතා මෙම තීරණය ගෙන ඇත්තේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය පිදුජන පෙරමුණේ ජනාධිපති අපේක්ෂක ගොටභය රාජපක්ෂ මහතා වෙත සහය පලකිරීම සදහා සුදානම් වන මොහොතකය.

පසු ගිය දින කිහිපය පුරාම ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මධ්‍යම කාරක සභාව රැස්වී ජනාධිපතිවරනයේදී සහය දැක්විය යුතු අපේක්ෂකයා සම්බන්ධයෙන් තීරණයක් ගැනීමට නොහැකිව සිටින ලදී එහෙත් ඊයේ දිනයේදී ශ්‍රී ලනිප මහා ලේකම් දයාසිරි ජයසේකර මහතා සදහන් කලේ තම පක්ෂය නිල වශයෙන් ගෝඨාභය රාජපක්ෂ මහතා වෙත සහය පලකිරීමට තීරණය කල බවයි මෙහිදී ශ්‍රීලනිපයේ පැහැදිලි බෙදීමක් සිදුව ඇති බවට වාර්තාවෙයි ඒ අනුව ශ්‍රීලනිප මන්ත්‍රී කණ්ඩායමක් ගෝඨාභයට සහය දැක්වීමත් තවත් පිරිසක් සජිත් ප්‍රේමදාස මහතාට සහය දැක්වීමට ඉදිරිපත්වීමට නියමිතය

Leave a Reply

Your email address will not be published. Required fields are marked *