පකිස්ථානයේදී ක්‍රිකට් ගලිවර්ලා පැරදූ ලිළිපුට්ටන්ගේ වික්‍රමය

පාකිස්තානයට එරෙහිව ලාහෝරිහි ගඩාෆි ක්‍රීඩාංගණයේදී ඊයේ (07) පැවති දෙවැනි විස්සයි20 ජාත්‍යන්තර ක්‍රිකට් තරගයෙන් ලකුණු 35 ජයක් ලැබූ ශ්‍රී ලංකාව තවත් තරගයක් ඉතිරිව තිබියදීම දෙරට අතර පැවැත්වෙන විස්සයි20 තරගාවලිය 2–0 ලෙස ජයගැනීමට සමත්විය.මේ අනුව වසර ගණනාවකට පසු පකිස්ථානයට එරෙහිව පන්දුවාර 20 තරගයක් ජයග්‍රහණය කිරීමත් තරගාවලිය 2/0 ලෙස ජයගැනීමත් ශ්‍රී ලංකා කණ්ඩායම ලද විශාල ජයග්‍රහණයකි

ප්‍රධාන කණ්ඩායමේ බහුතර ක්‍රීඩකයින් රැසක් තරගාවලිය වර්ජනය කිරීම තුල යොවුන් ක්‍රීඩකයන් රැසකගෙන් සමන්විත කණ්ඩායමට නායකත්වය ලබාදුන්නේ යෝඋවුන් ක්‍රීඩක දසුන් ශානකය සැබවින්ම දසුන්ගේ කුළුදුල් නායකත්වය ප්‍රිය දසුනක් වන ලදී අනාගත ශ්‍රී ලංකා පිලේ නායකත්වය තම සුරතට වැටීමේ වැඩි ඉඩකඩක් මෙම තරගාවලිය තුලින් දසුන් ඉටු කරගන්නා ලදී

කලක් T 20 කණ්ඩායමෙන් ඉවතට විසිව තිබූ දනුෂ්ක ගුණතිලක තරගාවලියේ විශිෂ්ඨ දස්කම් කැපී පෙනෙයි යොවුන් ක්‍රීඩක භානුක රාජපක්ෂ කණ්ඩායමේ සිටිය යුතුම ක්‍රීඩකයෙකු බව පෙන්වා දෙන ලදී වනිදු සහ නුවන් ප්‍රදීප් සහ උදාන පන්දුවෙන් පකිස්ථානය මෙල්ල කරන ලදී මුලදී ලිළිපුට්ටන් හා ගලිවර්ලා අතර තරගයක් බව විචාරකයන් හදුන්වන ලදී ඒ සියලු අනාවැකි බිදිමින් ගලිවර්ලා පරදා ලිළිපුට්ටන් ජයග්‍රහණය කරන ලදී

Leave a Reply

Your email address will not be published. Required fields are marked *