යුද්ධය අවසන් කළ අපි ද්‍රවිඩ ජනතාව මරා දැමූ බවට වැරදි පණිවිඩයක් පතුරනවා -ගෝඨාභය රාජපක්ෂ

යුද්ධය අවසන් කළ අපි ද්‍රවිඩ ජනතාව මරා දැමූ බවට වැරදි පණිවිඩයක් පතුරනවා -ගෝඨාභය රාජපක්ෂ

යුද්ධය ආරම්භ කළ අය විසින් යුද්ධය අවසන් කළ අපි ද්‍රවිඩ ජනතාව මරපු අය යැයි කියා වැරදි පණිවිඩයක් ජනතාව අතර පතුරවනවා යැයි ශ‍්‍රීලංකා පොදුජන පෙරමුණ ජනාධිපති අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ මහතා පැවැසීය.

ඒ මහතා ඒ බැව් පැවැසුවේ බත්තරමුල්ල වෝටර්ස් ඒජ් හිදී ඉකුත් 05 වැනිදා පැවැති කන්ද උඩට තරුණ සංසදයේ හමුවේදීය.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ගෝඨාභය රාජපක්ෂ මහතා මෙසේ ද කීය.

මැතිවරණයක් එනකොට පොරොන්දු ලැයිස්තු ඉදිරිපත් කරනවා. පොරොන්දු ලැයිස්තුවකට වඩා ඔබේ අනාගතය ඔබ අතට ගන්නෙ කොහොමද කියන දේ ගැන කතා කරන්න මම කැමැතියි. ඔබ කුඩා කල සිටම සහ ඔබගේ දෙමාපියන් කුඩා කාලයේ සිට මෙවැනි පොරොන්දු රැසක් අහන්න ඇති. අධ්‍යාපනය ගැන ඔබ ප‍්‍රශ්න කළා. වසර ගණනාවක් තිස්සේ අධ්‍යාපනය ගැන කතා කළත් ඔබට අවශ්‍ය විදිහට අධ්‍යාපනය ලැබිලා නැහැ. නිවාස ගැන කතා කළත් මීට වසර සීයකට පෙර තිබුණු නිවාස අදත් තියෙන්නේ. මේ ප‍්‍රශ්න වලට ප‍්‍රශ්නවලට විසඳුම් දෙන විට කෙටි කාලීනවත් දීර්ඝ කාලීනවත් සිතිය යුතුයි. වතුකරයේ ජීවත්වන ඔබගේ ජීවිතය පිළිබඳව, වතු ආර්ථිකය පැත්තෙන් පමණක් සිතන්නේ නැතිව මනුෂ්‍යත්වය පැත්තෙන් සිතා විසඳුම් දිය යුතුයි.

අපේ රටේ විශාලම විදේශ විනිමයක් ගෙන එන්නේ වතු ආර්ථිකයෙන්. එහෙම වුවත් ඔබ ගැන කතා කරන විට තේ ආර්ථිකය ගැනම කතා කරනවා නම් ඒක අසාධාරණයක්. අනෙක් ප‍්‍රදේශවල වගේම මේ ප‍්‍රදේශයේ ජීවත්වන තරුණ තරුණියන්ගේ ජීවිත ඉහළට ගෙන ඒමේ කාරණය පිළිබඳව සිතා බලා මේ ප‍්‍රදේශ සංවර්ධනය කළ යුතුයි. මූලිකව අධ්‍යාපනය ලබා අධ්‍යාපනයෙන් ඉහළට ඇවිත් ඒ අධ්‍යාපනය තුළින් වෙනත් හොඳ රැකියා ලබාගැනීමේ හැකියාව ඇති කර, ඔබ ජීවත් වන පරිසරය තුළ හැමදාම දකින තේ වත්තට වඩා දෙයක් දකින්න ඔබ කැමතියි.

ඒ සමඟම දීර්ඝකාලීනවත් කෙටිකාලීනවත් ඔබේ ජීවිතය හොඳ තැනකට ගෙන ආ හැකි පියවර වලට අප යොමු විය යුතුයි. අපි කතා කරන්නේ මෙතැන ඉන්න කොටස ගැන පමණක් නෙමේ. සමස්තයක් විදිහට වතුකරේ සිටින ජනතාව ගැනයි. මෙතන සාමාන්‍ය පෙළ දක්වා උසස් පෙළ දක්වා, විශ්වවිද්‍යාලයට ඇතුළත් වීමට සුදුසු තරමට ඉගෙනගත් අය සිටින්න පුළුවන්. නමුත් සමස්තයක් වශයෙන් ඒ පළාත්වල අධ්‍යාපනය තිබෙන්නේ පහළ ස්ථානයක. සෑම කෙනෙකුටම අධ්‍යාපනය ලැබිය හැකි, ආර්ථිකයට දායක විය හැකි අධ්‍යාපන ක‍්‍රමයකට සියලූ දෙනාම යොමු විය යුතුයි. පොදුවේ ලංකාවේ සියලූම තරුණ තරුණියන්ට හොඳ රැකියාවක් ලැබීමේ හැකියාවක් හෙවත් නිපුණත්වයක් රජය විසින් ලබා නොදීම ගැටලූවක්.

ඒ කාරණය අපට ඉටු කළ හැකියිි. තාක්ෂණික හෝ කාර්මික විද්‍යාල හරහා ඔබට රැකියා ලබා ගැනීමට හැකි දැනුමක් නිපුණත්වයක් ලබා දිය යුතුයි. මෙය අපට කෙටි කාලීනව කළ හැකි දෙයක්. නමුත් නිපුණත්වයක් නැතිව රැකියාවක් සොයාගෙන කොළඹට ආවොත් ඔබ බලාපොරොත්තු වෙන වෙන ආදායම හෝ ජීවිතය ලබා ගැනීමේ හැකියාවක් ලැබෙන්නේ නෑ.

ඒ නිසා තරුණ තරුණියන්ට කෙටිකාලීනව නිපුණත්වයක් ලබා දීමේ වැඩපිළිවෙළකට අප යොමු විය යුතුයි. ඒ හරහා ඔබගේ ජීවිතය ඉදිරියට ගෙන යා හැකියි. වතුකරය පිළිබඳව අපි වෙනමම ආකාරයක සිතිය යුතුයි. වතුකරයේ තේ ආර්ථිකය ගැන පමණක් සිත සිතා වතුකරයේ සිටින ඔබගේ ජීවිතය ඉහළ තත්ත්වයකට ගෙන යන්නට පුළුවන් කමක් නැහැ. රජයක් විදිහට වතුකරයේ ජීවත්වන අයට හොඳ ආදායමක් ලබා දෙන්නේ කොහොමද කියන කාරණය ගැන සිතා බැලිය යුතුය.

හැමදාම වත්තේ වැඩ කරලා ලබන වේතනය විතරක් ඔබට සෑහෙන්නෙ නෑ. එයින් මිදී ඔබගේ ජීවිතය හොඳ තත්ත්වයකට ගෙන ඒමට හැකි ආර්ථික ක‍්‍රමවේදයකට යොමු වෙන්නේ කොහොමද කියන දේ ගැන සොයා බැලිය යුතුයි. ඔබගේ ප‍්‍රදේශයේ නගරය දිහා බලන්න. මේ නගර නවීන ආකාරයට දියුණු කළ හැකි නම් සංචාරක ක්ෂේත‍්‍රය හරහා ඕනෑතරම් රැකියා නිෂ්පාදනය කළ හැකියි. කොළඹ සිට මාතර දක්වා යන විට සංචාරකයන් වෙනුවෙන් අවස්ථාවන් නිර්මාණය වී තිබෙන හැටි දකිනවා. නමුත් කොළඹ සිට නුවරඑළිය දක්වා යනකොට අපි එවැන්නක් දකින්නේ නැහැ. හැම සංචාරකයෙක් ම නුවරඑළියෙ නැවතීමයි බලාපොරොත්තු වෙන්නේ. නමුත් මේ අතර මඟ විශාල වශයෙන් අවස්ථා තිබෙනවා සංචාරකයන් නවත්වා ගැනීමේ හැකියාව ඇති. එමගින් මේ ප‍්‍රදේශවල රැකියා උත්පාදනය කිරීමටත් ව්‍යවසායකයන් නිර්මාණය කිරීමටත් හැකියි. අපි වෙනස් කළ යුත්තේ මෙයයි.

වතු ආර්ථිකයට පමණක් ඔබව සීමා නොකර ඉන් ඔබ්බට ගිය ආර්ථිකයකට ඔබ පරිවර්තනය කළ යුතුයි. අපේ අනාගතේ අපේ අතේ කියමින් ඔබ බලාපොරොත්තු වන්නේ ඔබේ අනාගතය ඉස්සරහට ගෙන යන්න අවස්ථාවක්. මෙවැනි අවස්ථාවන් නිර්මාණය කිරීම හරහා ආර්ථීකයේ අවස්ථා වතුකරයේ තරුණ තරුණියන් අතරට ගෙන යා හැකියි. අනිවාර්යෙන්ම අධ්‍යාපනය දියුණු කළ යුතුයි. අධ්‍යාපනය දියුණු නොකළ මේ නව ආර්ථිකය තුළ හොඳ වේතනයක් ලැබිය හැකි රැකියාවක් ලබාගන්න සුදුසු වෙන්නේ නැහැ.

ඒ නිසයි කෙටිකාලීනව සහ දීර්ඝ කාලීනව මෙය වෙනස් කළ යුතු බව මම සඳහන් කරන්නේ. රජයක් ලෙස අපි ඒ අවස්ථාව වාතාවරණය සකස් කර දිය යුතුය. ඒ හරහා ඔබට අද ඉන්න තත්ත්වයට වඩා ඉහළ තත්ත්වයකට පැමිණීමට හැකියි.

ඔබ සිටින ඉඩම් වල එළවළු වගා කර කිසියම් ආදායමක් ලබාගැනීම වසර ගණනාවක සිට ඔබ කරනවා.එතනින් එහාට මෙය දියුණු කර වැඩි ආදායමක් ලබා ගැනීමට රජයක් ඔබට උදව් කරන්නේ කොහොමද කියන කාරණය ගැන අප සැලකිලිමත් විය යුතුයි. සීමිත බිම් ප‍්‍රමාණයක වැඩියෙන් ඵලදාවක් ලබා ගැනීමේ තාක්ෂණය අද ලෝකයේ තිබෙනවා. අද ලෝකයේ විශාල ම ඉල්ලූමක් තිබෙන්නේ කාබනික නිෂ්පාදන වලට. මේ නිෂ්පාදන ඔබට හඳුන්වා දෙනවා නම් ඔබේ ආදායම මීට වඩා වැඩි කිරිමේ හැකියාව තිබෙනවා. ගී‍්‍රන් හවුස් වැනි ක‍්‍රම හරහා ගොවියන්ට වැඩි ආදායමක් ලබා ගන්නටත් වසර පුරාම ඵලදාව ලබාගත හැකි තාක්ෂණ ක‍්‍රමවේදත් තිබෙනවා. එ් දේවල් රජයන් විසින් හඳුන්වා දිය යුතුයි.

ඔබ හැමදාමත් ජීවත් වීමට සුදුසු නිවසක් බලාපොරොත්තු වෙනවා. ඔබේ සනීපාරක්ෂාව සෞඛ්‍යය සම්බන්ධයෙන් රජයක් මීට වඩා සැළකිලිමත් විය යුතුයි. ඔබගේ දියුණුව ලබා ගන්නට හැකි ක‍්‍රමවේදයන් හරහා අපි ඉදිරියට යා යුතුයි. බලයට එන රජය මේවා තේරුම්ගෙන වටහාගෙන මේවා දියුණු කිරීම  අවශ්‍යයි. කොළඹ නගරයේ පැල්පත් ආශ‍්‍රිතව ජීවත්වන අය වෙනුවෙන් අපි තට්ටු නිවාස ලබා දුන්නා. අපි තට්ටු නිවාස පමණක් නෙවේ. ඔවුන් ජීවත් වෙන පරිසරය පාර ක‍්‍රීඩා පිටිය සෙල්ලම් කිරීමේ ස්ථාන වැඩිහිටියන් සඳහා සුදුසු ස්ථාන වැනි දේත් ඇති කළා. තේ එකක් බොන්න වත් නැති සමහර තැන් තියෙනවා. මේවා දියුණු කළ යුතුයි.එවැනි නගර දියුණු කිරීම හරහා සංචාරක ක්ෂේත‍්‍රය දියුණු වන්නේ නම් ඔබට කොළඹට ඒමේ අවශ්‍යතාවයක් ඇතිවෙන්නේ නැහැ. තමන්ගේ ගමේ ම රැකියාවක් සොයාගැනීමේ හැකියාව ඇති වෙනවා.

කිසිම දියුණුවක් නැති නගර ඕනෑ තරම් ඔබ දැක ඇති. අපි නුවරඑලියට යනකොට උඩරට ඇවිදිනකොට දියඇලි ඕනෑතරම් දැක තිබෙනවා. අපි එහි විනාඩි පහක පමණ කාලයක් නවතිනවා මිසක් රැකියා නිෂ්පාදනය කිරීමට හෝ ව්‍යාපාරයක් ඇති කිරීමේ ක‍්‍රමවේද සකස් කරල නැහැ. ස්වාභාවික පරිසරය සංචාරක ආකර්ෂණය ඇතිවන පරිදි දියුණු කිරීම මගින් අපට ආදායම් මාර්ග ඇති කිරීමේ හැකියාව තිබෙනවා.

රජයක් ලෙස අප ඔබ උනන්දු කළේ කළ යුත්තේ එවැනි දේ සඳහා යි. ඉන්දියාව වැනි රටවල පවා වැඩි ආදායමක් ලබා ගැනීමට හැකි ක‍්‍රමවලට යොමුවෙනවා. එවැනි කෘෂිකාර්මික ක‍්‍රමවේද රජයක් විදිහට අප හඳුන්වා දිය යුතුයි. අද ලෝකයේ ඕනෑ තරම් අවස්ථාවන් තිබෙනවා රැකියා නිෂ්පාදනය කරන්නටත් ආදායම් නිපදවීමටත්. සමස්තයක් වශයෙන් මගේ ආර්ථික සැලැස්ම හා සංවර්ධන සැලැස්ම එක පළාතකට පමණක් නොවේ ජනතා කේන්ද්‍රීය වූ ආර්ථික සැලැස්මකටයි මම යොමු වෙන්නේ. ජනතාව කේන්ද්‍ර කරගෙන ජනතාව නඟාසිටුවීම එයින් අදහස් වෙනවා.

ආර්ථිකය දියුණු කිරීම හරහා සමාජයේ එක් කොටසක් පමණක් විශාල ආදායමක් ලබනවා වෙනුවට සමස්ත සමාජයම විශාල ආදායමක් ලැබීමට යොමු කිරීම මගේ අදහසයි. ඒකපුද්ගල ආදායම ඉහළ ගියත් සමහර ජනතාව දුප්පත්. ඒ විදියට එක ජනකොටසක් දුප්පත්ව සිටිනවා නම් අපි මොනතරම් සංවර්ධන කටයුතුවල එළඹුණත් වැඩක් නැහැ. පහත්ම මට්ටමේ ජනතාව ඉහළට ඔසවා තබන්න, අඩුම තරමේ තමන්ට තුන් වේල කාලා ජීවත් ජීවත්වීමට හැකි ආර්ථික ක‍්‍රමවේදයක් තිබිය යුතුයි. මහින්ද රාජපක්ෂ මහතාගේ පාලන සමයේ අපි සැලසුම් ඉදිරිපත් කළා පමණක් නෙවෙයි ඒ සැලසුම් ක‍්‍රියාත්මක කළා. ලංකාව පුරා යටිතල පහසුකම් දියුණු වුණේ ඒ කාලයෙයි.

උතුරු නැගෙනහිර ප‍්‍රදේශ දෙස බලන්න. ඒ කාලයේ තිබුණේ උතුරු නැගෙනහිර ඔබට මතක නම් ඔබ දුටුවා නම් යුද්ධය නිසා උතුරු පළාතත් නැගෙනහිර පළාතත් සම්පූර්ණයෙන්ම විනාශ වෙලයි තිබුණේ. අද ඒ පළාත් වලට ගියොත් විශාල සංවර්ධනයක් වෙලා. මාර්ග ඉදි වෙලා. දුම්රිය මාර්ගය ඉදිවෙලා. විදුලිය ඇවිත්. පානීය ජලය ආදී වශයෙන් විශාල දියුණුවක් ඇති වෙලා තිබෙනවා. ඒ දියුණුව ඇති කළේ යුද්ධයෙන් වසර පහක් වැනි කෙටි කාලයක් තුළ නැගෙනහිර පළාතේ යටිතල පහසුකම් වගේම විශාල පාලම් ඉදිකළා. අපි මේ සියල්ල කළේ මහින්ද රාජපක්ෂ මහතාගේ පාලන සමයේ. සැලසුම් ඉදිරිපත් කළා පමණක් නෙවෙයි ඒවා ක‍්‍රියාවෙන් ඔප්පු කළා. කොළඹ නගරයේ පැල්පත් වාසීන් සඳහා තට්ටු නිවාස ක‍්‍රම යෝජනා කළා වගේම තට්ටු නිවාස විශාල ප‍්‍රමාණයක් ඉදිකළා. සැලසුම් ඉදිරිපත් කිරීමෙන් නතර නොවී අපි සැලසුම් ක‍්‍රියාත්මක කළා. යුද්ධය අවසන් කර මේ රට සංවර්ධනය කරන අවස්ථාවේ අපි උතුරු ප‍්‍රදේශයට බිලියන 65 කට වැඩි ප‍්‍රමාණයක් ආයෝජනය කළා. එමගින් තමයි එ් ප‍්‍රදේශ සංවර්ධනය කළේ. ඒ වගේම ඔබ ජීවත්වන කඳුරට ප‍්‍රදේශවල දියුණුවක් වෙලා නැති බව හඳුනාගෙන තිබෙනවා. ඒ නිසා ඔබේ පළාතේ ආර්ථිකය දියුණු කරන්නත් අපි මැදිහත් වෙනවා.

පැවැති රජයන් තේ ආර්ථිකය දියුණු කිරීම ගැන හිතුවා මිසක් ඔබේ දියුණුව ගැන හිතුවේ නැහැ කියලා මට හිතෙනවා.මම රාජ්‍ය ආරක්ෂක ලේකම් ලෙස මහජන සංවර්ධන අමාත්‍යාංශ ලේකම් ලෙසත් කතා කරමින් සිටියේ නැහැ. වැඩ කරලා පෙන්නුවා. සැලසුම් ක‍්‍රියාත්මක කළා. ඔබේ ප‍්‍රශ්න තේරුම් අරගෙන ඔබේ ප‍්‍රශ්න වලට හොඳ සැලසුම් ඉදිරිපත් කරලා ඒ සැලසුම් ක‍්‍රියාත්මක කිරීම මගේ අවශ්‍යතාවයයි.

අපි දරුණු මිනිස්සු කියලා වැරදි පණිවිඩ ජනතාව අතරට යවනවා. යුද සමයේ දමිළ ජනතාව මරපු අය යි කියනවා. අපි නෙවෙයි යුද්දේ් ඇරඹුවේ. අපි යුද්ධය අවසන් කරපු අයයි. ඒ යුද්ධය අවසන් කිරීම නිසා වසර දහයක් තුළ කිසිම ජීවිතයක් විනාශ වුණේ නැහැ. 2009 සිට මේ වන තෙක් යුද්ධය තිබුණා නම් ජීවිත කීයක් විනාශ වෙනවද. හමුදාවේ එල්ටීටීඊයේ”දමිළ සිවිල් ජනතාවගේ, සිංහල සිවිල් ජනතාවගේ ජීවිත විය හැකියි. ආර්ථික මරමස්ථාන

කොපමණ විනාශ වෙන්න තිබුණා ද. ඒ පළාත්වල කිසිම සංවර්ධනයක් යුද්ධයක් තිබියදී කරන්න පුලූවන්ද. දරුවන්ට පාසල් යන්න පුලූවන්ද. ඒ පැතිවල අධ්‍යාපනය සම්පූර්ණයෙන්ම කඩා වැටුණා. අද ආණ්ඩුවේ ඉන්නා අයයි යුද්දේ පටන් ගත්තෙ.

දිවයින

Leave a Reply

Your email address will not be published. Required fields are marked *