පෙම් යුවළක් බියගැන්වූ තිස් දහසේ පොලිස් කප්පම මාට්ටු

ගල්කිස්ස පොලීසියට අනුයුක්ත කොස්තාපල් අත්අඩංගුවට

රත්මලාන, බොරුපන ප්‍රදේශයේ මෝටර් රථයක් තුළ සිටි පෙම් යුවළක් අශෝභන ලෙස හැසිරීම සම්බන්ධයෙන් පොලිස් කොස්තාපල් වරයෙකු ඔවුන් බියගනවා ඇත සිද්ධිය බරපතල බව පවසමින් මෙය අධිකරණයට රැගෙන යාමට හැකි බවත් නීති විරෝධී ක්‍රියාවක් බව හගවමින් පෙම් යුවල බියගන්වා ඇත අනතුරුව ඔවුන් සතුව තිබූ රුපියල් 30,000 ක මුදලක් බලෙන් ලබාගෙන ඇත එම සිද්ධියට අදාල ගල්කිස්ස පොලීසියට අනුයුක්තව සේවය කළ පොලිස් කොස්තාපල්වරයා . අත්අඩංගුවට ගෙන තිබේ.

සැකකාර පොලිස් කොස්තාපල්වරයාට චෝදනා එල්ල වී ඇත්තේ, පසුගිය දෙවැනි දින රාත්‍රියේ මෝටර් රථයක් තුළ සිටි පෙම් යුවළක් අශෝභන ලෙස හැසිරුනු බවට පවසමින් ඔවුන් බිය ගන්වා රුපියල් 50,000 ක මුදලක් ලබාදෙන ලෙස බලකර පසුව පෙම්වතාගෙන් රුපියල් 30,000 ක මුදලක් ලබාගත් බවටයි.සිද්ධිය සම්බන්ධයෙන් බස්නායක පළාත් දකුණ අපරාධ කොට්ඨාසයට ලැබුණු තොරතුරක් මත සිදු කළ විමර්ශනයකින් අනතුරුව සැකකාර පොලිස් කොස්තාපල්වරයා ඊයේ රාත්‍රි අත්අඩංගුවට ගත් බව පොලීසිය පැවසීය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *