“සියනෑවෙන් රජ පුටුව සොයායන මිනිසා” රොහාන් පල්ලෙවත්ත

ගම්පහට බැසිල් ගෙනාවා ජනපති මට ආණ්ඩුකාර දුරයක් දෙන්නම් කීවා මට රටවෙනුවෙන් කරන්න යුතුකමක් තිබෙනවා

මේ රටේ දුක්විදින මිනිසුන් වෙනුවෙන් අරගලය කරනවා මට රටවෙනුවෙන් කරන්න යුතුකමක් තිබෙනවා එංගලන්තය ඇතුළු බටහිර රටවල් රැසක් මට උදවු කරන්න කැමතියි මගේ පාලනයක් තුලින් රටට හොද කලක් උදාවන බව විශ්වාසයි ඔවුන් ලංකාවට උදවු කරන්න පොරොන්දු උනා

මම බැසිල් මහත්තයා දැනගෙන හිටියට හිතවත් කමක් තිබුණේ නැහැ මගේ සම්බන්ධය තිබුණේ යෝෂිත එක්ක මම රග්බි කණ්ඩායමේ සාමාජිකයෙක් යෝෂිත රගර් ක්‍රීඩකයෙක් නිසා අපි එකට සම්බන්ධ වෙලා වැඩ කළා ඒ හිතවත්කම නිසා මම ගම්පහට රාජපක්ෂ කෙනෙක් අවශ්‍ය බව කීවා මොකද ගම්පහ කියන්නේ විශාල දිස්ත්‍රික්කයක් එම ප්‍රදේශය සංවර්ධනය කරන්න යටිතල පහසුකම් ටික වැඩිකරන්න බැසිල් මහත්තයා වගේ ප්‍රබල චරිතයක අවශ්‍යතාවය තදින්ම දනී තිබුනා

මොන ගැටළු ප්‍රශ්න දුෂණ එම සංවර්ධනය තුලින් ඇති වුනාද කියල මට කියන්න බැහැ හැබැයි ගම්පහ පාරවල් ටික හොදට හැදුනා ඒක ඕනෑම කෙනෙක් දන්නා කාරණයක් ඒ ගමපහට බසී මහත්තයා ගෙන එන්න මම ලොකු වැඩ කොටසක් කළා මගේ ගෙදර ඔහුගේ කාර්යාලය බවට පත්කලා පසුව මගේ දෙමව් පියන්ගේ විශාල ඉඩම් ප්‍රමාණයක් මට උරුම වෙලා තිබුනා එම ඉඩමෙන් කොටසක තමයි දැනට නීතිමය ගැටළුවක් ඇතිවෙලා තියෙන කාර්යාලය සහ නිවස ඉදිවෙලා තියෙන්නේ මම සද්භාවයෙන් තමයි එම ඉඩම බැසිල් මහත්තයාට සහ පුෂ්පා රාජපක්ෂ මහත්මියට දුන්නේ මෙහි අයිතිය සම්පුර්ණයෙන්ම මා සතුයි

පස්සේ ඔය බැසිල් මහත්තයා ලගම ඉන්න ලේකම්වරයෙක් වන විලී ගමගේ කියන අය තමයි මේ ප්‍රශ්නය ඇතිකළේ මේ නිවස හැදුවේ නිර්මාණය කලේ ඔවුන් ඒ සදහා මුදල් දුන්නේ රාජපක්ෂ පදනමෙන් කියලා කියනවා මම කියන්නේ මේ ඉඩමේ සම්පුර්ණ අයිතිය ම සතු බවයි එතන කිසිම ගැටළුවක් නැහැ බැසිල් හරි පුෂ්පා හරි මේ සම්බන්ධයෙන් කිසිවක් කියා නැහැ මේ පැත්තක ඉන්න කණ්ඩායමක් තමයි මේ ගැටුම ඇතිකළේ කියලයි මම කියන්නේ

Leave a Reply

Your email address will not be published. Required fields are marked *