රුපවාහිනියට සහ සිරසට සජීවී විකාශය නවතන ලෙස මැතිවරණ කොමිසමෙන් නියෝග

ඊයේ කොළඹ සුගතදාස ගෘහස්ත ක්‍රීඩාංගණයේ පැවැති එක්සත් ජාතික පක්ෂයේ විශේෂ මහා සම්මේලනය සජීවීව විකාශය කිරීම නතර කරන්නැයි මැතිවරණ කොමිසම රූපවාහිනි නාලිකා දෙකකට නියෝග කර තිබුණි ඒ අනුව ජාතික රුපවාහිනියට සහ සිරස රුපවාහිනී ආයතන සදහා අදාල නියෝගයන් ලබා දී තිබුණි

එක්සත් ජාතික පක්ෂයේ විශේෂ මහා සමුළුව ජාතික රූපවාහිනිය හා සිරස නාලිකාව ඔස්සේ සජිවීව විකාශන කෙරුණු අතර එය මැතිවරණ කොමිසමේ නියෝගය මත අතරමගදී නතර කෙරිණි.

ලැබුණු පැමිණිලිමත මැතිවරණ කොමිසමේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් කිහිපදෙනෙකු අද පෙරවරුවේ ජාතික රූපවාහිනියට ගොස් එහා අධ්‍යක්ෂ ජනරාල්වරයා සහ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් හමුවී සජීවී විකාශය නතර කරන්නැයි ලිඛිතව සහ වාචිකව නියෝග කර තිබේ.

මේ අතර සිරස නාලිකාවටද සජීවී විකාශනය නතර කරන්නැයි මැතිවරණ කොමිසම නියෝග කර තිබූ අතර එම නාලිකාවද එය විකාශනය කිරීම අතරමග නතර කෙරිණි.

එක්සත් ජාතික පක්ෂයේ විශේෂ සමුළුව ජාතික රූපවාහිනියෙන් සජීවීව විකාශනය කිරීම සඳහා මුදල් ගෙවා නොතිබූ බවද රාජ්‍ය දේපොළ අවභාවිතය සම්බන්ධයෙන් වගකිවයුත්තන්ට එරෙහිව නීති තදින් ක්‍රියාත්මක කරන බවද මැතිවරණ කොමිසමේ නිලධාරීන් පැවසීය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *