ජනාධිපතිවරණයේදී නිවැරදි පුද්ගලයා පත් නොකලොත් ජාතියත්, ආගමත් ඉවරයි.. මේ අවසන් අවස්ථාවයි..- අස්ගිරි මහ නාහිමි

ජනාධිපතිවරණයේදී නිවැරදි පුද්ගලයා පත් නොකලොත් ජාතියත්, ආගමත් ඉවරයි.. මේ අවසන් අවස්ථාවයි..- අස්ගිරි මහ නාහිමි

ඉදිරි ජනාධිපතිවරණයේදී නිවැරදි පුද්ගලයෙකු ජනාධිපතිවරයා බවට පත් නොකර ගතහොත් ජාතිය විනාශ වී යනු ඇතැයි අස්ගිරි පාර්ශ්වයේ මහා නායක වරකාගොඩ ශ්‍රී ඥානරතන හිමියෝ පවසති.

ජනාධිපතිවරණයේදී ජනතාව බුද්ධිමත්ව කටයුතු නොකළහොත් මේ රට නැතිවෙන්නට පුලුවන් වෙයිද උන්වහන්සේ කියා සිටිති.

මහ නා හිමියන් මෙම අදහස් පළ කරන ලද්දේ බදුල්ලේ පැවති උත්සව සභාවක් අමතමිනි.

මේ උදාවී ඇත්තේ රට බේරාගැනීමට අවසාන අවස්ථාව යැයි බොහෝ දෙනා පවසන බවද උන්වහන්සේ පැවසූහ.

මේ මොහොතේ බුද්ධිමත් කටයුතු නොකළහොත් ජාතියත් ආගමත් නැතිවේ යැයි බොහෝ දෙනා කියන තත්ත්වයකට පත්ව ඇතැයි උන්වහන්සේ තවදුරටත් කියා සිටියහ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *