දුම්රිය වර්ජනය තවදුරටත්

.. දුම්රිය වර්ජනය තවදුරටත්

දුම්රිය සේවය සංවෘත සේවයක් බවට පත් කිරීම පමණක් ප‍්‍රමාණවත් නැතැයි පවසන දුම්රිය වෘත්තීය සමිති නියෝජිතයෝ ආර්. එම්. එක සහ ආර්. එම්. දෙක යන වැටුප් පරිමාණ ද ලබාදිය යුතු බව පවසති.
එම වැටුප් පරිමාණ ලබාදෙන තෙක් පසුගිය 25 දා ආරම්භ කරන ලද අඛණ්ඩ දුම්රිය වර්ජනය තවදුරටත් ක‍්‍රියාත්මක කරන බව ද ඔවුහු පවසති.

ඒ අනුව දුම්රිය රියැදුරු, නියාමක, පාලක ස්ථානාධිපතිවරු, අධීක්‍ෂණ කළමනාකාර ඇතුළු තාක්‍ෂණ සේවකයන් විසින් අරඹන ලද අඛණ්ඩ දුම්රිය වර්ජනය 6 වැනි දිනයටත් ඊයේ ක‍්‍රියාත්මක වූ අතර ඊයේ ධාවනය වී ඇත්තේ දුම්රිය නවයක් පමණි.

මේ හේතුව නිසා කාර්යාල සේවකයන් ඇතුළු දුම්රිය මගීහු දැඩි අසීරුතාවට පත්වූහ. මේ අතර කාර්යාල දුම්රිය හෝ ධාවනය කරවීමට වැඩපිළිවෙළක් සකසන බව ප‍්‍රවාහන රාජ්‍ය ඇමැති අශෝක් අබේසිංහ මහතා ‘දිවයින’ට කීය.

ඒ සම්බන්ධව මේ වනවිට සාකච්ඡුා කරමින් තිබෙන බව ද හෙතෙම වැඩිදුරටත් පැවසීය.

දිවයින

Leave a Reply

Your email address will not be published. Required fields are marked *