ප්‍රබල ක්‍රීඩකයින් නොමැති ශ්‍රී ලංකා කණ්ඩායම පකිස්ථානයට

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම පකිස්තාන තරග සංචාරයට එක්වීමට අද (24) දිවයිනෙන් පිටත්ව යාමට නියමිතය. ශ්‍රී ලංකා පිලේ ටෙස් සහ එක්දින නිත්‍ය නායක දිමුත් කරුණාරත්න ඇතුළු ක්‍රීඩකයින් කිහිපදෙනෙකු සහ T 20 කණ්ඩායමේ නායක ලසිත් මාලිංග ඇතුළු ප්‍රධාන ක්‍රීඩකයින් කිහිපදෙනෙකුම ආරක්ෂක හේතුන් මත සංචාරයට එක් නොවන බව ශ්‍රී ලංකා ක්‍රිකට් වෙත ලිපි මගින් දැනුම් දෙන ලදී මේ අනුව එක්දින තරග තුන සදහා නායකත්වය ලහිරු තිරිමාන්න සහ පන්දුවාර 20 කණ්ඩායමේ නායකත්වය දසුන් ශානක වෙත ලබදී ඇත

මෙම තරග සංචාරයේදී ශ්‍රී ලංකාව එක්දින තරග 3 කට සහ පන්දුවාර 20 තරග තුනකට සහභාගිවීමට නියමිතව තිබේ.පාකිස්තාන රජය ප්‍රකාශ කරන ආකාරයට මෙම තරග සංචාරයට එක්වන ශ්‍රී ලංකා කණ්ඩායමට රාජ්‍ය නායකයෙකුට සපයන ආරක්‍ෂාවක් ලබා දීමට සුදානම් බව පකිස්ථානය දානවා ඇත .ශ්‍රී ලංකා – පාකිස්තාන පළමු එක්දින ක්‍රිකට් තරගය ලබන 27 වැනිදා කරච්චි නුවරදී පැවැත්වීමට නියමිතය

Leave a Reply

Your email address will not be published. Required fields are marked *