අගමැතිට එරෙහිව හකීම්ගෙන් දැඩි චෝදනා // සජිත් වෙනුවෙන් එළිපිට කියයි

එළඹෙන ජනාධිපතිවරණය සදහා දින නියම කර තිබෙන මොහොතක අගමැතිවරයා ජනාධිපති දූරය කිරීම සදහා යෝජනාවක් ගෙන ඒම අපේ කණ්ඩායමේ ජයග්‍රාහී මානසිකත්වය බිද දැමීමක් මෙම යෝජනාව සම්පුර්ණයෙන්ම අගමැති රනිල් වික්‍රමසිංහ මහතාගේ යෝජනාවක් බව අපි දැනගත්තා එජාපයේ දිනන අපේක්ෂකයා සජිත් එයා දැම්මොත් විතරයි සියලු පාර්ශව එකතුවෙන්නේ

අගමැති රනිල් වික්‍රමසිංහ සමග අපි ඔක්තොම්බෙර් විප්ලවයේදී අපි සිට ගත්තේ අලුත් වැඩපිළිවෙලක් සමග ඉදිරියට යන පොරොන්දුව පිට මම මේ යෝජනාව ඇසුවහම පුදුම වුණා මම මේකට තදින්ම විරුද්ධ වුණා කැබිනට් මණ්ඩලයේ බහුතරයකගේ විරුද්ධත්වය මේසදහා හිමි වුණා අගමැතිවරයා සමග මේ සම්බන්ධයෙන් කිසිම සාකච්චාවක් අවශ්‍ය නැහැ ශ‍්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසයේ නායක ඇමැති රවුෆ් හකීම් මහතා කැබිනට් මණ්ඩල රැස්වීමෙන් අනතුරුව මාධ්‍ය අමතමින් මේ බව සදහන් කරන ලදී

හැකිනම් මෙම යෝජනාව පාර්ලිමේන්තු කණ්ඩායමට දාන්න අපි තුනෙන් දෙකක චන්දයකින් පරදනවා මේක විහිළුවක් දිනන්න පුළුවන් අපේක්ෂකයා දාලා මැතිවරණයට මුහුණ දෙන්නේ නැතිව මේ කරන වැඩේ හොද නැහැ අපේ ජයග්‍රාහී මානසිකත්වයට මේක බාධාවක් වෙනවා මේක මේ වෙලාවේ කරන්න තියෙන හදිසිය කුමක් ද කාගේ වුවමනාවක් ද කියල අපි දැනගන්න කැමතියි

Leave a Reply

Your email address will not be published. Required fields are marked *