එජාපය රටගිය මැති ඇමතීන් ගෙන්වයි!! 25 දා අපේක්ෂකයා නම්කිරීමේ සුදානමක්

එක්සත් ජාතික පක්ෂය නියෝජනය කරන ප්‍රජාතන්ත්‍රවාදී ජාතික පෙරමුණේ ජනාධිපති අපේක්ෂකයා නම් කිරීම සදහා පිටරට ගොස් සිටින මැති ඇමතිවරු දිවයිනට කැදවන ලෙස අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා අද (19) උපදෙස් දුන්නේය.ඒ අනුව දැනට විදේශ ගතව සිටින මැති ඇමතිවරුන්ට ලබන බදාදාට පෙර දිවයිනටපැමිණෙන ලෙස දැනුවත් කර ඇත.

ප්‍රජාතන්ත්‍රවාදී ජාතික පෙරමුණෙන් ජනාධිපතිවරණයට ජනාධිපති අපේක්ෂකයන් දෙදෙනෙකු ඉල්ලුම් කර ඇති.එසේ ඉල්ලුම් කර ඇති දෙදෙනාම එක්සත් ජාතික පක්ෂ සාමාජිකයන් වන අතර එක්සත් ජාතික පක්ෂ නියෝජ්‍ය නායක, නිවාස හා ඉදිකිරීම් අමාත්‍ය සජිත් ප්‍රේමදාස මෙන්ම කතානායක දේශබන්දු කරු ජයසූරිය යන අපේක්ෂකයින් දෙදෙනා වෙති.මේ අතරින් ඉදිරි ජනාධිපතිවරනයේදී ජයග්‍රාහී අපේක්ෂකයා තෝරාගැනීම සදහා සියලු මන්ත්‍රීවරුන්ගේ මතය විමසීමට අගමැති රනල් වික්‍රමසිංහ තීරනය කර ඇත

එක්සත් ජාතික පක්ෂය ප්‍රමුඛ ප්‍රජාතන්ත්‍රවාදී ජාතික පෙරමුණෙන් ජනාධිපතිවරණයට ඉදිරිපත් කරන අපේක්ෂකයා පිළිබද අවසන් තීන්දුව හෙට (සෙනසුරාදා) වන විට තමන්ට ලැබිය යුතු බව සිවිල් සංවිධාන හා බහුජන සංවිධාන වෙත අගමැතිවරයා දැනුම් දී ඇත.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *