පොහොට්ටුවේ සියළු දිස්ත්‍රික් සම්බන්ධීකරණය සුසිල්ට

පොහොට්ටුවේ යාන්ත්‍රණය නොමැති දිස්ත්‍රික් සදහා මන්ත්‍රීවරුන් පත්කරයි

එළඹෙන ජනපතිවරණය වෙනුවෙන් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ තම මැතිවරණ යාන්ත්‍රනය රට පුරා දියත් කිරීම වෙනුවෙන් තම දිස්ත්‍රික් සංවිධායකයින් පිරිසක් අලුතින් පත්කර ඇත පොදුජන පෙරමුණට අවාසි සහගත දිස්ත්‍රික් කිහිපයක් ඔවුන් හදුනා ගෙන ඇත විශේෂයෙන් උතුරු පළාතේ සෑම දිස්ත්‍රික්කයක්ම එයට අයත් වෙති එම වැඩ පිළිවෙල වෙනුවෙන් පසුගිය කාලයේ දකුණේ පළාත් පාලන ආයතන ප්‍රධානීන් මන්ත්‍රීවරුන් නියෝජිතයින් ඇතුළු කණ්ඩායම් උතුරු නැගෙන හිර ප්‍රදේශවල තම නිල රාජකාරී ලදී.

ප්‍රදේශයේ ජනතාව කුඩා කණ්ඩායම් වශයෙන් හදුනාගෙන ඔවුන් සමග පොදු කටයුතු උත්සව ආදිය කරන ලදී. ඒ තමන්ට දුර්වල දිත්‍රික් වෙනුවෙන් ශක්තිමත් යටිපෙලක් නිර්මාණය කිරීම සදහා ය අද දිනයේ ජනපතිවරණ මැතිවරණ කටයුතු වෙනුවෙන් එම දිස්ත්‍රික් වෙනුවෙන් සම්බන්ධීකරණ කටයුතු සඳහා වෙනත් දිස්ත‍්‍රික්ක නියෝජනය කරන පාර්ලිමේන්තු මන්ත‍්‍රීවරුන් පත්කිරීමට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ තීරණය කරන ලදී, ඒ අනුව බදුල්ල දිස්ත‍්‍රික්කය සඳහා ප‍්‍රසන්න රණතුංග, යාපනය දිස්ත‍්‍රික්කය සඳහා සනත් නිශාන්ත, මන්නාරම දිස්ත‍්‍රික්කය සඳහා නිමල් ලංසා සහ කිලිනොච්චිය දිස්ත‍්‍රික්කය සඳහා මහින්දානන්ද අලුත්ගමගේ යන පාර්ලිමේන්තු මන්ත‍්‍රීවරුන් පත්කර ඇත.

එම සියලුම දිස්ත‍්‍රික්කවල අධීක්‍ෂණ කටයුතු සඳහා පාර්ලිමේන්තු මන්ත‍්‍රී සුසිල් පේ‍්‍රමජයන්ත මහතා පත්කර ඇත.එමෙන්ම විපක්‍ෂනායක මහින්ද රාජපක්‍ෂ සහ ජනාධිපතිවරණ අපේක්‍ෂක ගෝඨාභය රාජපක්‍ෂ මහත්වරුන් දෙදෙනාගෙන් එක් අයකු හෝ සහභාගී වන ජනරැළියක් දිවයිනේ සෑම මැතිවරණ කොට්ඨාසයකම සංවිධානය කිරීමට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ තීරණය කර තිබේ.

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපතිවරණ මෙහෙයුම් කටයුතු සම්බන්ධයෙන් ජාතික සංවිධායක බැසිල් රාජපක්‍ෂ මහතාගේ ප‍්‍රධානත්වයෙන් ඊයේ (18) රාත්‍රියේ පැවැති එම පෙරමුණේ විශේෂ සාකච්ඡාවකදී මෙම තීරණ ගෙන ඇත.මෙහිදී තමන්ට අවාසි සහගත ප්‍රදේශ තවදුරටත් හදුනාගෙන නිසි වැඩපිළිවෙලක් තුලින් පරදේශවල ජනතාව දිනා ගැනීම සදහා ය

Leave a Reply

Your email address will not be published. Required fields are marked *