ශ්‍රි ලංගම වැඩ වර්ජකයෝ කපෝතියි! නියෝජ්‍ය ඇමති සැර ජියර් එකක් දමති

අද (19) ලංගම වර්ජනයේ නියතු වර්ජකයන්ගේ දෛනික වැටප් කප්පාදු කර සියලුම ලංගම ඩිපෝවලට පොලිස් ආරක්ෂාව සපයා පෞද්ගලික අංශයේ බස් රථ යොදවා රට පුරා බස් වර්ජනයට අප සාර්ථකව මුහුණ දෙන බව, ප්‍රවාහන හා ගුවන් සේවා නියෝජ්‍ය ඇමති අශෝක් අබේසිංහ පවසයි.(077766159)

ප්‍රවාහන හා ගුවන් සේවා නියෝජ්‍ය ඇමති අශෝක් අබේසිංහ පවසන්නේ මේය අපි කිසිසේත්ම අනුමත කරන්නේ නැති බවයි. සුළු පිරිසක් සිදු කරන මෙම වැඩ වර්ජනය අනුමත කරන්නේ නෑ.මේ සමබන්ධයෙන් මේ රටේ මහජනතාව යම් තින්දු තරණයක් ගත යතුව තිබෙන බවද හෙතෙම පවසයි.

මම ප්‍රකාශ කරන්නට කැමැතියි. මේ සඳහා ලංගමට සම්බන්ධ වු සෑම වෘත්තිය සමිතියක්ම එන්නේ නෑ.මේම වැඩ වර්ජනයට මෙය සම්පුර්නයෙන්ම අසාර්ථකයි. ශ්‍රි ලංගම ජාතික සේවක සංගමය මේ සම්බන්ධයෙන් පවසන්නේ වැඩ වර්ජනයට සහයෝගය දක්වන්නේ නැති බව මා සමඟ ප්‍රකාශ කළා. මේ වැඩ වර්ජනයට සහභාගි වන්නේ ඉතාම සිළු පිරිසක්.මේයට විශාල සේවක පිරිසක් එක්වන්නේ නෑ. ‍මෙම වැඩ වර්ජනයට විරුද්ධව සේවයට වාර්තා කරන්නට විශාල සේවක පිරිසක් එක්ව කැමැත්ත මේවන විට පලකර තිබෙනවා. නමුත් සේවයට වාර්තා කරන මේ පිරිසවලට තම ඩිපෝවලට සේවයට එන්නට මේ සුළු තරයක් වු විරෝධතා කරුවෝ අවහිරි කරන්නට බාධා කරන්නට කටයුතු කරන්නට සැලසුම් සකස් කරගෙන තිබෙන බවට ආරංචියක් තියනවා.

මේ සැලසුම් වලට නියමාකාර උත්තර අපි ලබා දෙනවා. මම වගකීමෙන් යුතුව ප්‍රකාශ කරන්නට කැමැතියි.මා මේ සම්බන්ධයෙන් වැදගත් වු තීන්දු තිරණ ගන්නවා. මේ උද්ඝෝෂන  කරුවන්ගේ  මේ අයගේ ප්‍රශ්න අප ඉදිරි සති තුන ඇතුලත දී විසදන්නට පියවර ගන්නවා.

ඒ පිළිබඳව සලකන්නේ නැතුව මේ ආකාරයට විපක්ෂයේ දේශපාලන උවමනා ඉටුකරන්ට සුළු පිරික් ගෙන යන කටයුතු සම්බන්ධයෙන් අපි පියවරක් ගන්නවා.

වර්ජනය සිදුකරන සියලුම සේවන නිලධාරි ඇතුලු රියදුරු කොන්දොස්තරවරු ආදි කොට ඇති සියලුම වර්ජකයන්ගේ වැටුප් දිනපතා කප්පාදු කරනවා.කපා දමන්නට අපි මේවන විට තිරණය කර තිබෙනවා.

මෙයට අමතරව, ලංකාවේ සියලුම ලංගම ඩිපෝවලට පොලිස් ආරක්ෂාව සපයන්නට කටයුතු කරනවා.පෞද්ගිලික අංශයේ බස් රථ ලංකාවේ 13 500 ක් පමණ තිබෙනවා. මේවා අතුරින් විශාල ප්‍රමාණයක් දෛනිකව ධාවනය වන්නේ නෑ.එු අනුව, එම බස් රථ උපයෝගි කරගෙන මේ වැඩ වර්ජනයට අපි සාර්ථකව මුහුණ දෙනවා.

 මේ සුළුතරයක් වු වර්ජකයන් සිදුකරන්නේ විපක්ෂයේ දේශපාලන උවමනාවන්. ඒවාට අපි සැලෙන්නේ නෑ.ශ්‍රි ලංගම සේවකයන්ගේ සේවක ප්‍රශ්න විසදිමට පියවර ගන්තේ අපියි. අපේ ආණඩුවයි. සේවකයන්ගේ වැටුප් වැඩිකර දිරි දිමනා වැඩිකර සහන සලස්සා සියලුම ලංගම සේවකයන්ගේ අයිතින් තහවුරු කළේ අපියි. විසදිය යුතු ප්‍රශ්ණ තවත් ඉතිරිව තිනෙවා. ඒ සියල්ලම ඉදිරි සති තුන ඇතුලත විසදනවා. ලංගමට බදවාගත යුතු සේවක සංඛ්‍යාව එම සේවා ප්‍රමාණය ආදි සියලුම පිළිබඳව අපි තිරණයක් ගෙන  තියනවා යැයි ද නියෝජ්‍ය ඇමති අශෝක් අබේසිංහ ප්‍රකාශ කළේය.

රටපුරා ශ්‍රි ලංගම ඩිපෝ එකසිය හයක (106) සේවක සේවිකාවෝ තිස් පන්දහසක් (35,000) අද (19) සිට තම අයිතිවාසිකම් හා ඉල්ලීම් ලබාදෙන තුරු අඛණ්ඩව දැවැන්ත වැඩ වර්ජනයක නිරත වන බව, සමත්ත ලංකා ප්‍රවාහන සේවක සංගමයේ ප්‍රධාන ලේකම් සේපාල ලියනගේ පවසයි.( 0715152319)

මෙම තිරණයට එළිබියේ ඊයේ (18) දින පැවැති උද්ඝෝෂණයකින් අනතුරුව ජනාධිපති ලේකම් කාර්යාලය නිලධාරින් සමග පැවැති සාකච්ජාවකින් අනතුරුවයි.

ඊයේ (18) දහවල් 12.30 ට පමණ කොළඹ පිටකොටව දුම්රිය ස්ථානය අසල උද්ඝෝෂණයක වූහ. පසුව එම ශ්‍රි ලංගම සේවකයෝ පෙළ පාලියකින් පෝස්ටර්,බැනර් ප්‍රදර්ශනය කරමින් සටන්පාඨ කියමින් ජනාධිපති ලේකම් කාර්ය අසලට ගමන් ගත්හ.

එහි දී ඒ අසල සිටි ආරක්ෂක නිලධාරිහු උද්ඝෝෂකයන්ගෙන් තෝරාගත් පස් දෙනෙකුට පමණක් ජනාධිපති ලේකම් කාර්යාලයේ නිලධාරිහු හමුවන්නට අවසරය ලබා දෙනු ලදි.

ඒ අනුව වෘත්තිය සමිති නායකයන් පස් දෙනෙකු (05) පුරා පැය එක හමාරකට ආසන්න කාලයක් ජනාධිපති ලේකම් කාර්යාලයේ නිලධාරිහු සමඟ සාකච්ජා පැවැත් වු නමුත් එකඟතාවයකින් තොරව සාකච්ජාව අවසන් වු බව,මාධ්‍යවලට අදහස් දක්වමින් සමත්ත ලංකා ප්‍රවාහන සේවක සංගමයේ ප්‍රධාන ලේකම් සේපාල ලියනගේ පවසයි.

මෙහි දී අදහස් දැක්වු සේපාල ලියනගේ කීවේ,ජනපති,ඇගමැති ,ප්‍රවාහන ඇමති, හා ඉහළ නිලධාරිහු සියලුම බලධාරිහු  ශ්‍රි ලංගම සේවක සේවිකාවන් දිගින් දිගටම රැවටු නිසා ජනතාවට අපහසුතාවයක් වුව ද අද සිට (19 ) ශ්‍රි ලංකා ගමනා ගමන මණ්ඩලයේ සියලුම සේවකයන් ඉල්ලිමි ලබාදෙන තුරු  වැඩ වර්ජනයක් තිරතවන බවයි.

රුපියල් 2500ක අන්තර් දීමනා මුදල ශ්‍රි ලංගම සේවකයන්ට ලබාදීමට කටයුතු නොකිරිම්, රුපියල් 2500 අන්තර් දීමනා මුදල ලබා නොදිම,අනියම් සේවකයන් ස්ථීර නොකිරීම,ලංගම සේවකයන්ගේ වැටුප් සංශෝධනය නිවැරදි නොකිරීම ආදි කරුණු කාරණා හේතු කොටගෙන මෙම වැඩ වර්ජනය දියත් කරන බවද හෙතෙම ප්‍රකාශ කළේය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *