අද සවස හදිසි කැබිනට් රැස්වීමක් 20වන සංශෝධනය සදහා ද??

වත්මන් දේශපාලන සහ මැතිවරණ උණුසුම අතරතුර අද සවස 3.00 ට ජනාධිපති ලේකම් කාර්යාලයේදී විශේෂ කැබිනට් හමුවක් පැවැත්වීමට නියමිතව තිබෙන බව වාර්තා වෙයි.මෙම විශේෂ හමුවේදී විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කිරීමට 20 වන සංශෝධණය ගෙන ඒම ගැන සාකච්ඡා කරනු ඇතැයිද සදහන්ය.

විධායක ජනාධිපති ධුරය අහෝසි කිරීම ගැන අද පෙරවරුයේදී ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන හා අගමැති රනිල් වික්‍රමසිංහ අතර සාකච්ඡාවක් පවත්වා ඇත.මෙට පෙරද එජාපයේ නියෝජිතයින් පිරිසක් ජනාධිපති දූරය අහෝසි කිරීම සම්බන්ධයෙන් ජනපති සමග සාකච්චා කරන ලදී එම කරුණු පදනම් කරගනිමින් අද පස්වරුවේ විශේෂ කැබිනට් හමුව සංවිධානය කර ඇත එමගින් 20 වන සංශෝධනය සම්බන්ධයෙන් දීර්ඝව සාකච්චා කිරීමට නියමිත බව සදහන් ය ජනාධිපතිවරණය කැදවීමත් සමග හදිසියේ 20 වන සංශෝධනය ගෙන ඒම සම්බන්ධයෙන් දේශපාලන පක්ෂ විමසිල්ලෙන් පසුවෙති

Leave a Reply

Your email address will not be published. Required fields are marked *