කෝටි දෙසීයක් කජු ඇට කොස් ඇට ද? ප්‍රධාන පුරවැසියා කියපු කථාව බොරු ද??

නෙලුම් කුළුණ ව්‍යපෘතියේ රුපියල් කෝටි දෙසීයක (2000000000 අතුරුදහන්වීම පිළිබදව මහාමාර්ග හා මාර්ග සංවර්ධන රාජ්‍ය අමාත්‍ය රංජන රාමනායක මහතාගේ මාධ්‍ය නිවේදනය
නෙලුම් කුළුණ ඉදිකිරීමේ කොන්ත්‍රාත්තුව වෙනුවෙන් චීනයේ ඇලිට් (ALIT ) නමැති සමාගමට අත්තිකාරමක් වශයෙන් 2012 වර්ෂයේදී රුපියල් කෝටි දෙසීයක (2000000000) හෙවත් බිලියන දෙකක මුදලකට සිදුවූ දේ සොයා ගැනීමට පවා නොහැකි වී ඇති බව ජනාධිපති මෛත්‍රී සිරිසේන මහතා සමස්ත ජනතාවට අවධාරණය කරන ලදී. එතුමා එසේ අනාවරණය කලේ නෙලුම් කුළුණ විවෘත කිරීමේ උත්සව අවස්ථාවේදී ය

රුපියල් බිලියන දහනවයකට හෙවත් රුපියල් කෝටි එක්දහස් නවසියයකට ඇස්තමේන්තු ගත ව්‍යාප්තිය අපේ රටේ ශ්‍රී ලංකා විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාව සහ චීනයේ CEIEC සහ ALIT යන සමාගම් සමග මෙම ගනුදෙනුව සිදුව ඇත

හිටපු ඇමති බැසිල් රාජපක්ෂ මහතා විසින් මුල් ගල තබා ඇත ඒ 2012 වර්ෂයේදීයමහදවල් මෙරට ජනතාවගේ අතිවිශාල මුදලක් මංකොල්ල කෑම සම්බන්ධයෙන් වහාම පරීක්ෂණය කලයුතුය මෙරටේ බදු ගෙවන ජනතාවගේ මුදල් මංකොල්ල කන පුද්ගලයා කව්ද ඔහුට එරෙහිව තම සටන දියත් කරන බවත් මෙම වංචාව සම්බධයෙන් අදාල අංශ දැනුවත් කර කඩිනම් පියවර ගන්නා ලෙස නියෝජය අමාත්‍ය රන්ජන් රාමනායක මහතාගේ මාධ්‍ය නිවේදනයේ සදහන් කරයි

Leave a Reply

Your email address will not be published. Required fields are marked *