ජනපතිවරණ අපේක්‍ෂක ඇප තැන්පතු භාර ගැනීම අද සිට ලබන 6 දා දක්වා

ජනපතිවරණ අපේක්‍ෂක ඇප තැන්පතු භාර ගැනීම අද සිට ලබන 6 දා දක්වා

ජනාධිපතිවරණයට තරග කිරීම සඳහා අපේක්‍ෂා කරන අපේක්‍ෂකයන් වෙනුවෙන් ඇප තැන්පතු භාර ගැනීම අද (19 දා* සිට ලබන 6 දා දහවල් 12.00 දක්වා සිදුකරන බව මැතිවරණ කොමිසම පවසයි.

තරග කිරීමට අපේක්‍ෂා කරන දේශපාලන පක්‍ෂවල අපේක්‍ෂකයන් සඳහා එම දිනවල දිනපතා පෙරවරු 9.00 සිට පස්වරු 4.00 දක්වා ඇප මුදල් භාර ගැනීම මැතිවරණ මහ ලේකම් කාර්යාලයේදී සිදුකෙරේ.

එමෙන්ම නාම යෝජනා පත‍්‍ර භාර ගැනීම ලබන 07 දා පෙරවරු 9.00 සිට 11.00 දක්වා මැතිවරණ මහ ලේකම් කාර්යාලයේ රැුස්වීම් ශාලාවේදී මැතිවරණ කොමිසමේ සභාපති මහින්ද දේශපි‍්‍රය මහතාගේ ප‍්‍රධානත්වයෙන් සිදුකෙරේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *