ලිත්කෝ ඉංජිනේරු සමාගම ISO 9001/2015 ජාත්‍යන්තර ප්‍රමිති සහතිකයෙන් පිදුම් ලබයි

විවිධ කර්මාන්ත සඳහා යන්ත්‍රසූත්‍ර දේශීයව නිෂ්පාදනය කිරීම ලිත්කෝ ඉංජිනේරු පුද්ගලික සමාගම

අප රටට විවිධ කර්මාන්ත සඳහා අවශ්‍ය කරනු ලබන යන්ත්‍රසූත්‍ර බහුල ලෙස ලබා ගන්නේ විදේශ රටවලින්ය. දේශීයව නිෂ්පාදනය සිදුවන්නේ ඉතාමත් අල්ප වශයෙනි. නවීන තාක්ෂණය භාවිතා කරමින් මෙලෙස විවිධ කර්මාන්ත සඳහා අවශ්‍ය යන්ත්‍ර සූත්‍ර නිෂ්පාදනය කරන අතර ආයතන අතරින් එක් ආයතනයක් ලෙස නිට්ටඹුව මල්වත්ත ප්‍රදේශයේ පිහිටි ලිත්කෝ ආයතනය හැඳින්විය හැකියි.

එම ආයතනය ආරම්භ කළේ 2004 වසරේදිය. අපේ රටට සම්පතක් වූ ජනප්‍රියතාවය පසුපස නොගිය නිපැයුම්කරුවෙක් වන ලලිත් රෝහණ පෙරේරා මහතා විසින් මෙම ආයතනය ආරම්භ කරනු ලැබීය. ඔහු ගැන අපි පසුවට කතා කරමු
මෙම ආයතනය මඟින් වර්තමානය වන විට කෘෂි සහ සත්ව නිෂ්පාදන අංශ සඳහා උපකරණ ;ආහාර නිෂ්පාදන ආශ්‍රිත උපකරණ ;කසළ කළමනාකරණයට අවශ්‍ය උපකරණ ; ඇතුළු නොයෙකුත් කර්මාන්ත සඳහා අවශ්‍ය යන්ත්‍ර සූත්‍ර ගණනාවක්ම නිෂ්පාදනය කරනු ලැබේ ඇතැම් යන්ත්‍රසූත්‍ර විදේශයටද අපනයනය කිරීමට තරම් මෙම ආයතනයේ නිෂ්පාදන වලට හැකිවී තිබේ. මෙවැනි පසුබිමක ලිත්කෝ ඉංජිනේරු සමාගම ISO 9001/2015 සහතිකය හිමිව ඇත

iso 9001 සහතිකය සඳහා අවශ්‍ය කරන නිර්නායක සපුරා තිබෙන බව මෙරට urs certification lanka [pvt] ltd ආයතනය මඟින් iso සහතිකය නිකුත් කරනු ලබන එංගලන්තයේ අදාළ ආයතනය වෙත දැනුම් දී ඇත. ඒ අනුව මෙම ජාත්‍යන්තර iso9001 සහතිකය එංගලන්තයේ ජාත්‍යන්තර ප්‍රමිති සහතික නිකුත් කරනු ලබන ආයතනය මගින් නිකුත් කර ඇත.

එම iso 9001 ප්‍රමිති සහතිකය ලබා දීම පසුගියදා කොල්ලුපිටිය හෝටලයේදී ශ්‍රවණාගාරයේ දී සිදුකෙරිණි. urs certification india [pvt] ltd ආයතනයේ අධ්‍යක්ෂක ankur sangawa මහතා විසින් එම සහතිකය ලිත්කෝ සමාගමෙහි සභාපති ලලිත් රෝහණ පෙරේරා මහතාට ප්‍රදානය කිරීම සිදු විය.

අවස්ථාවට urs certification lanka [pvt] ltd ආයතනයේ අධ්‍යක්ෂක ඩබ්ලිව් ඉන්ද්‍ර කුමාර ඉන්ද්‍ර කුමාර ඉන්ද්‍ර කුමාර් සහ ආයතනයේ කාර්ය මණ්ඩලය ද එක්ව සිටියහ

ඔහුගේ ජනප්‍රියතාවය සඳහාවත් නැතහොත් ව්‍යාපාරික අවස්ථාවන් සඳහා ප්‍රචාරය ලබා දීම සඳහාවත් නොව මෙම සටහන අප ඔබ වෙත ගෙන එන්නේ මෙරට ජනතාවට ද ආදර්ශමත් පූර්වාදර්ශයක් නිසාය.80 දශකයේ කොට්ටාව ආනන්ද ශාස්ත්‍රාලයේ ඉගෙනුම ලැබූ සිසුවෙක් ඉදිරි දැක්මක් සහිතව අධිෂ්ඨානශීලී ගමනක නියැලෙමින් සිටිනි. ඔහු ලියනගේ ලලිත් රෝහන පෙරේරා නම් විය. ඔහුගේ පියා කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ රැකියාවේ නියුතු වුවත් ජූලි වර්ජනයෙන් රැකියාව අහිමි වීම නිසා දැඩි දුෂ්කරතා මධ්‍යයේ අධ්‍යාපනය හදාරන්නට මෙම දරුවාට සිදුවිය.

1988 අපොස උසස් පෙළ විභාගයට මුහුණ දුන් ලලිත් රෝහන කටුබැද්ද තාක්ෂණික ආයතනය තුළින් තාක්ෂණික ඩිප්ලෝමා පාඨමාලාව හැදෑරීය. පසුුව මෙරට විවිධ කර්මාන්තශාලා කීහිපයකම රැකියාව කළ ඔහු පසුව විදේශගත විය. මහා බිතාන්‍යය ; අයර්ලන්තය; නෙදර්ලන්තය ඇතුළු රටවලට ගිය ඔහු එම රටවල සිට යන්ත්‍රසූත්‍ර නිෂ්පාදනය කරන්නට විය. එම නිෂ්පාදන ලංකාවට එවීමට ද ඔහු කටයුතු කළේය.

ඔහුට එම සංවර්ධිත රටවල නැවතී අති සාර්ථක ජීවිතයක් ගත කිරීමේ හැකියාව ඕනෑවටත් වඩා තිබුණේය. එම රටවල පුරවැසිභාවය ද ඔහුට ලබා ගැනීමට හැකියාව තිබුණි. නමුත් අරමුණ ඊට වෙනස්ය. ඔහුගේ කැමැත්ත තම දැනුමෙන් මව් රටට යමක් කරන්නටය. ශ්‍රී ලංකාවට පැමිණි ඔහු නිට්ටඹුව මල්වත්ත ප්‍රදේශයේ තම ආයතනය ආරම්භ කර යන්ත්‍රසූත්‍ර නිෂ්පාදනය කරන්නට විය. ඒ 2004 වර්ෂයේ සිටය.

ලලිත් මහතාගේ තාක්ෂණික හැකියාව විශිෂ්ඨය. ඔහු විසින් කර්මාන්තශාලාවලට අවශ්‍ය යන්ත්‍ර සූත්‍ර නිපදවීම තුළින් එම හැකියාව මනාව පැහැදිලි වනු ඇත. විදේශයෙන් ආනයනය කරන යන්ත්‍ර සූත්‍ර අවශ්‍යතාවය සපුරා ගැනීමට හැකි අයුරින් ඒ සඳහා වැයවන මුදලට වඩා ඉතා අඩු මුදලකින් නිර්මාණය කර දීමට ඔහුට හැකි විය. ඒ සඳහා ඔහුගේ නායකත්වය යටතේ කාර්යමණ්ඩලය සූදානම්ව සිටී.

ශ්‍රී ලංකාවේ තදින්ම දැනෙන ගැටළුවකට පිළියම් ලබා දීමට දැනට වසර තුනකට පමණ පෙර ඔහු ඉදිරිපත් විය. ඒ කැළි කසල කළමනාකරනයටය. කැලිකසල කිසිදු පරිසර හානියක් ඇති නොවන ලෙස ප්‍රතිචක්‍රීයකරණය කර ඒ තුළින් විදුලිය ද නිපදවීමට හැකි බව ඔහු ප්‍රයෝගික ව පෙන්වා දීම සිදු කළේය. ඒ සම්බන්ධව එකළ මාධ්‍ය මගින් වාර්තා කලේය.

ඒ විදේශ රටවලින් රැගෙන එන උපකරණ වලටද වඩා ඉතා අඩු පිරිවැයක් භාවිතා කිරීමෙනි ගඟට ඉනි කැපුවා සේ ඔහුගේ ව්‍යායාමය අසාර්ථක වූයේ අදාළ බලධාරීන් ගේ ඇස් කන් අන්ධ වීම නිසාය

ඔහුගේ දැනුම නොසලකා හැරියේය. අදටත් විදේශ රටවල දැනුමට පසුපස යාමට අපේ රටට සිදුවිය. නමුත් ඔහු නොසැලී කටයුතු කළේය. මෙරටට ඔහුට හැකි අයුරින් උපකාර කිරීම ඔහුගේ වෑයම විය.

අද වන විට දේශියව යන්ත්‍රසූත්‍ර නිපදවීම නිසා මෙරටට විදේශ විනිමය ඉතුරු වීම පමණක් නොව එම යන්ත්‍රසූත්‍ර අපනයනය කිරීම මගින් රටට ආදායමක් ද ගලා ඒම සිදුවේ. රට සංවර්ධනය කළ යුත්තේ මෙවැනි සම්පත් උපයෝගී කරගනිමින්ය.

අද බොහෝ පුද්ගලයන් නිදහස් අධ්‍යාපනයේ කුසලතා සම්පූර්ණ කර පසුව විදේශගත වී එම රටවල් වෙනුවෙන් සේවය කරන අවස්ථා බහුලය. උදාහරණයක් වශයෙන් මොරටු සරසවියේ ඉංජිනේරු උපාධිය ලබා ගත් බුද්ධිමත් තරුණ තරුණියන් බහුතරයක් අද වාසය කරන්නේ විදේශ රටවලය.. මෙම තත්ත්වයට පාලකයින් ද වගකිව යුතු නමුත් තම රටට සේවය කිරීම ලාංකිකයින් වශයෙන් කටයුතු කිරීම ද ඔහුගේ ද වගකීමකි.

මේ අනුව බලන කළ ලලිත් රෝහන පෙරේරා මහතා ආදර්ශමත් චරිතයකි. ඔහු නිෂ්පාදනය කළ ඇතැම් යන්ත්‍ර සඳහා පේටන්ටි බලපත්‍ර ලබාගත හැකි වුවත් ඒ පසුපස මෙරටට විදේශ විනිමය ළඟාකර හා ඉතිරි කර දී රටේ යහපත වෙනුවෙන් කැපවීම ඔහුගේ ඉදිරි පැතුමයි
අප ඔහුට සුබ අනාගතයක් රට වෙනුවෙන් ප්‍රාර්ථනා කරමු

Leave a Reply

Your email address will not be published. Required fields are marked *