ස්ලිංගා ලෝක වාර්තා හතරක් තබයි!!!

ශ්‍රී ලංකාව සහ නවසීලන්තය අතර පල්ලෙකැලේ ජාත්‍යන්තර ක්‍රීඩා පිටියේ පවත්වන ලද තරග තුනකින් සම්න්විත තරගාවලියේ අවසන් විස්සයි-20 තරගයේදී පිට පිටම යැවූ පන්දු 4 කින් කඩුලු 4 ක් දවාගත් ලසිත් මාලිංග එවන් දස්මක් කළ ලොව පළමුවැනි ක්‍රීඩකයා ලෙසින් ක්‍රිකට් ඉතිහාසයට එක්විය. ඒ සමගම කඩුලු ත්‍රිත්වයක් ද ලබාගත් මාලිංග විස්සයි-20 අන්තර්ජාතික ක්‍රිකට් ක්‍රීඩාවේදී කඩුලු ත්‍රිත්ව දෙකකට හිමිකම් කී ලොව පළමු වැනි ක්‍රීඩකයා ලෙසින්ද ඉතිහාසගත විය.

ඊයේ තරගයේදී කොලින් මුන්රෝ දවාගැනීමත් සමගම විස්සයි-20 අන්තර්ජාතික ක්‍රිකට් ක්‍රීඩාවේදී කඩුලු 100 ක් ලබාගත් ලෝකයේ පළමුවැනි පන්දු යවන්නා ලෙසින් ලසිත් මාලිංග ක්‍රිකට් ඉතිහාසයට එක්විය. එමෙන්ම ලෝක වාර්තා තුනක් එකම තරගයකදී සිදුකල ලොව එකම ක්‍රීඩකයා ය. මේ අනුව නවසීලන්ත ශ්‍රී ලංකා 20-20 තරගයේ සමස්ථ ලෝක වාර්තා හතරක් වාර්තා කිරීමට ලසිත් මාලිංග සමත් වන ලදී

Leave a Reply

Your email address will not be published. Required fields are marked *