අත්තනගල්ලේ ගස් හොරුන්ට වැඩ වරදී // තක්සේරු වාර්තා කැද වන්න නියෝගයක්!!

මංගලතිරිය ප්‍රදේශයේ වත්තකින් හොරෙන් කපාගෙන ගිය බව කියන විවිධ වර්ගයේ ගස් පණස් තුනක් පිළිබඳව තක්සේරු වාර්තාවක් මීරිගම අඩවි වන කාර්යාලයෙන් ලබා ගෙන මීළඟ දිනයේ අධිකරණයට ඉදිරිපත් කරන ලෙසට අත්තනගල්ල මහේස්ත්‍රාත් තරංගා රජපක‍ෂ මහත්මිය වීරගුල පොලිසියට නියෝග කළාය.

මංගලතිරිය ප්‍රදේශයේ වත්තක තිබූ විශාල වටිනාකමකින් යුතු විවිධ වර්ගයේ ගස් පණස් තුනක් හොරෙන් කපාගෙන යාම පිළබඳව ලද පැමිණිල්ලකට අනුව වීරගුල පොලිසිය පරීක‍ෂණ පවත්වා සැකකරුවන් දෙදෙනෙකු අත් අඩංගුවට ගෙන තිබිණි.

එසේ අත් අඩංගුවට ගන්නා ලද එම වත්තේ මුරකරු ලෙස සේවය කළ සෙල්ලසියා ජෙයරාම් හා කලෝටුවාව පදිංචි නීල් රූපසිංහ යන සැකකරුවන් දෙදෙනා අධිකරණය වෙත ඉදිරිපත් කිරීමෙන් අනතුරුව ඇප මතමුදා හැර සිටිති.

බී 914/2019 අංකය යටතේ පවතින එම නඩුව නැවත කැඳවූ අවස්ථාවේ වීරඟ=ල පොලිසියේ උප පොලිස් පරීක‍ෂක ජී.ඒ.ජී.එස්.එස්. ආරියසිංහ මහතාකරුණු දක්වමින් සැකකරුවන් දෙදෙනාට එරෙහිව චෝදනා පත්‍ර ඉදිරිපත්කිරීම සඳහා මීරිගම අඩවි වන කාර්යාලයෙන් දැවවල වටිනාකම පිළිබඳව තක්සේරු වාර්ථාවක් ලබා ගැනීමට අවසර ලබාදෙන මෙන් ඉල්ලා සිටියේය.

එම ඉල්ලීම සළකා බැලු මහේස්ත්‍රාත්වරිය එසේ මීරිගම අඩවි වන කාර්යාලයෙන් තක්සේරු වාර්තාවක් ලබාගෙන මීළඟ දිනයේ අධිකරණයට කරුණු වාර්තා කරන ලෙසට විරගුල පොලිසියට නියෝග කළාය.

සාමන්යෙන් සමාජයේ විෂමාචාර සිද්ධියකටම දේශපාලකයෙකු සම්බන්ධ බව මෙරට සමාජයේ ප්‍රකට කරුණකි සමාජයේ දේශපාලකයා වැටී ඇති තත්වය තේරුම් ගත හැකිය. මෙරට ජනයා දේශපාලනය සම්බන්ධයෙන් ඇති දැනුමේ අඩුව මත දුෂිත දේශපාලකයන්ට මෙරට හොද තෝතැන්නකි මෙම සිද්ධියට සම්බන්ධ දේශපාලකයා විසින් මින් පෙර සිදුකල සිද්ධීන් සම්බන්ධ තොරතුරු ද අප සතුව ඇත එම තොරතුරුවලින් පුවත්පත්වල වාර්තාවූ තොරතුරු කිහිපයක් දැනගැනීම සදහා ඉදිරිපත් කරන්නෙමු

Leave a Reply

Your email address will not be published. Required fields are marked *