වර්ජනය අති සාර්ථකයි GMOA කියයි!! වර්ජනය අසාර්ථකයි අමාත්‍යාංශය කියයි!!

රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය විසින් ක්‍රියාත්මක පැය 24 ක වෛද්‍ය වැඩවර්ජනය මේ වනවිට ක්‍රියාත්මකව අදාල වැඩ වර්ජනය නිසා රෝහල් රැසක කටයුතු වලට බාධා වුවද සමස්තයක් ලෙස එම රෝහල්වල කටයුතු සාමන්‍ය පරිදි කරගෙන යාමට අවශ්‍ය කටයුතු කරන බව එම රෝහල් ආරංචිමාර්ග සදහන් කරයි මෙම වර්ජනයට කිසිඳු සහයක් නොදක්වන බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංසදය සඳහන් කරයි.

රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය සදහන් කරන්නේ බාල ඖෂධ සහ රජයේ රෝහල්වල පවතින දැඩි ඖෂධ හිඟය, වෛද්‍යවරුන්ගේ ස්ථාන මාරුකිරීම් සම්බන්ධව පවතින ගැටළු සහ වෛද්‍ය පත්වීම් ලබාදීමේ ගැටළු ඇතුළු කරුණු 8ක් මුල් කර ගනිමින් මෙම වර්ජනය ක්‍රියාත්මක කරන බව ඔවුන් පවසයි.

රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ වැඩවර්ජනය අසාධාරණ හා යුක්ති සහගත නොවන එකකැයිද එය දේශපාලන අරමුණක් උදෙසා සිදු කරන්නකැයිද රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංසදයේ ලේකම් වෛද්‍ය නිරෝෂණ ප්‍රේමරත්න මහතා කීය.මෙම වැඩවර්ජනය අතිශය අසාර්ථක එකක්වන අතර රෝහල් බහුතරයක කටයුතු අද සාමාන්‍ය පරිදි සිදුවනු ඇතැයි ද ලේකම්වරයා පැවැසීය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *