සිකුරාදා ඇමති සජිත් සෙනසුරාදා අගමැති සජිත් ද????

සජිත් එනවා සිකුරාදාට මාතරට එදා හවසට අගමති වෙයිද මේ දිනවල එක්සත් ජාතික පක්ෂයට හිතවත් සමාජ මාධ්‍ය සහ වෙබ් අඩවි මගින් අදාල පුවතට තටු දෙමින් ඇත ඒ එක්සත් ජාතික පක්ෂයේ නියෝජ්‍ය නායක ඇමැති සජිත් ප්‍රේමදාස මහතා මේ සති අන්තයේ එනම් සිකුරාදා ශ්‍රී ලංකාවේ අග්‍රාමාත්‍යවරයා ලෙස දිවුරුම් දීමට ඇති ඉඩකඩ සම්බන්ධයෙනි මෙහි සත්‍ය අසත්‍ය තාවය සම්බන්ධයෙන් තර්ක කිරීමක අවශ්‍ය නොවන අතර මේදිනවල එක්සත් ජාතික පක්ෂයේ අභ්‍යන්තරයේ ඇති ආරවුල තවමත් විසදී නැති මොහොතක පසුගිය වසරේ ඔක්තෝම්බර් 26 ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා නව අගමැතිවරයෙකු පත්කිරීමේ දෙවැනි මෙහෙයුම සදහා හොදම පරිසරය නිර්මාණය වී ඇත.

එම අවස්ථාවෙන් ජනපතිතුමන් ප්‍රයෝජන නොගනීයි කිව නොහැක දැනට පැහැදිලිව ඉහල මැද පහල එජාප බලවේග සජිත් වෙනුවෙන් ශක්තිමත් වීම මත එජාපයේ බලය රනිල් වික්‍රමසිංහ මහතගේ පක්ෂ බලය දියවෙමින් පවතින මොහොතක අගමැති තනතුර නමැති ඉත්තා වලට දැමීමේ මාවත විවරව ඇත යම් හෙයකින් එවන් වාතාවරණයක් ඇතිවීම තුල සමස්ත දේශපාලන ශේෂ්ත්‍රය උඩි යටිකුරු වනු ඇත එවන් පුවතක දේශපාලන ශේෂ්ත්‍රය තුල ඇතිවන බවට පසුගියදා ඉගි පලවන ලදී.

එනිසා සිකුරාදා දිනය හෝ ඉදිරි දින කිහිපය තුල දේශපාලනයේ පෙරළියට අවශ්‍ය පාර විවරව ඇත එජාපයේ පළාත් සභා මන්ත්‍රීවරුන් 123 න 97 දෙනෙකු සජිත්ගේ කෙටි දැනුම්දීම හමුවේ රැස්වීම තුල එජාපයේ නායක රනිල් වික්‍රමසිහ මහතා ඇතුළු කණ්ඩායම සලිත කරවන්නක් වී ඇත තත්වය එසේ තිබියෙදී දිනෙන් දින සජිත් පිල ප්‍රබලව නැගිටීම තුල සහ ජනතා ආකර්ෂණය තුල එජාප නායකත්වයට ජනපති අපේක්ෂක දූරය තවදුරටත් සගවා සිටීමට නොහැකි වනු ඇත.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මන්ත්‍රීවරුන් පිරිසකගේ සහයද මේ සදහා හිමිවනු ඇත. කෙසේ වෙතත් ඉදිරි ජනාධිපතිවනයට ඉදිරිපත් වීමට දින ගනිමින් සිටින සජිත් ප්‍රේමදාස මහතා සමජයේ දැඩි දෝෂ දර්ශනයට පත්ව ඇති අගමැති දුරයක් මේ මොහොතේ භාර ගනීද .අනෙක සජිත් ජනපති මෛත්‍රී සමග ගනුදෙනු කිරීම තුල රැඩිකල් එජාප පාක්ෂිකයන් ඔහුගෙන් ඇතවීමේ අවධානමක් නොමැති බව කිව නොහැක මෙය දැලි පිහියෙන් කිරිකන වැඩක් බව කිවයුතුය මේසියල්ල මතින් තවතෙක දෙයක් සමජ ගතවනු ඇත

Leave a Reply

Your email address will not be published. Required fields are marked *