කථානායක කරු ජනපති සටනට ස්ථිරයි! ගම්පහ කාර්යාලයත් සකසයි!

කථානායක කරු ජයසූරිය මහතා එක්සත් ජාතික පක්ෂයේ ජනාධිපති අපේක්ෂකයා වශයෙන් පත්වීම ස්ථිර වෙමින් ඇත එහි තවත් පියවරක් ඉදිරියට තබමින් කරු ජයසූරිය මහතාගේ ගම්පහ ප්‍රධාන සම්බන්දීකරන කාර්යාලය මේ දිනවල ලහි ලහියේ ප්‍රතිසංස්කරණය වෙමින් ඇත. කතානායක වරයාගේ ගම්පහ නගර මධ්‍යයේ දැනට වසර කිහිපයක සිට අක්‍රියව පැවති ගම්පහ පල්ලිය මාර්ගයේ කාර්යාලය පිහිටා ඇත.

මෙම ප්‍රධාන කාර්යාලය පසුගිය කාලය පුරා වෘතීය පුහුණු මධ්‍යස්ථානයක් වශයෙන් ක්‍රියාත්මකව පවතින අතර එම ආසන්නයේ ඇති දෙමහල් ගොඩනැගිල්ල තීන්ත අලේප කර නව කාර්යාලය සදහා සුදානම් කරමින් ඇත එම කාර්යාලයට අවශ්‍ය කාර්යාල උපකරණ රැසක් අද දිනයේද ඇනවුම් කිරීම සිදුකිරීමට ගම්පහ සුප්‍රසිද්ධ ව්‍යාපාරික මහතෙකු කටයුතු කරන ලදී. මේ අනුව ඉදිරි ජනාධිපතිවරණයේදී එක්සත් ජාතික පෙරමුණ නියෝජනය කරමින් කථානායක කරු ජයසූරිය මහතා ඉදිරිපත්වීම බවට තවත් සාක්ෂි අවශ්‍ය නොවෙති.

එමෙන්ම කථානායක ධුරයෙන් ද ඉදිරි දින කිහිපය ඇතුලත ඉල්ලා අස්වීමට සූදානමක් ඇතැයි එතුමාට හිතවත් ආරංචි මාර්ග සදහන් කරයි එහෙත් මේ සම්බන්ධයෙන් නිල මට්ටමෙන් කිසිදු දැනුම්දීමක් මෙතෙක් සිදුකර නැත.එකසත් ජාතික පක්ෂයේ පවතින අර්බුධය දිගින් දිගටම උත්සන්න වීම මත කතානායක කරු ජයසූරිය මහතා ඉදිරිපත් කිරීමට තීරණය කිරීම එක්සත් ජාතික පාක්ෂිකයා පිළිගන්නා ආකාරය ඉදිරියේදී දැක ගත හැකිය

Leave a Reply

Your email address will not be published. Required fields are marked *