අපිට ඇති ඉන්දියාවට නැති ICC යේ අපූරු නීති පොත

ශ්‍රී ලංකා පිළේ කෝඩුකාර දගපන්දු යවන අකිල ධනංජයගේ පන්දු යැවීම සම්බන්ධයෙන් ICC විසින් නැවත චෝදනා එල්ල කර ඇත මෑත කාලයේ මෙරට ක්‍රිකට් ක්‍රීඩාවට පැමිණි නව යොවුන් ක්‍රීඩක අකිල ධනංජය පසුගිය සමයේද පන්දු යැවීමේ ඉරියව්ව සම්බන්ධයෙන් චෝදනා ලබන ලදී අනතුරුව තමන්ගේ පන්දුයවීමේ ඉරියව්ව නිවැරදි කරගැනීමට වසරක පමණ කාලයක් ජාත්‍යන්තර ක්‍රීඩාවට සමු දීමට සිදුවන ලදී .අනතුරුව ජාත්‍යන්තර පිටියට පිවිසි අකිල නැවත වතාවක් පන්දු යැවීමේ ඉරියව්ව සම්බන්ධයෙන් ප්‍රශ්නයක් ඇති කිරීම කණගාටු දායකය.

මෙරට ක්‍රිකට් ක්‍රීඩාව සම්බන්ධයෙන් තීරණ ගන්නා ශ්‍රී ලංකා ක්‍රිකට් වහාම මෙම ගැටළුව විසදීමට අකිල වෙනුවෙන් නැගී සිටිය යුතුය නැතිනම් තවත් වටිනා ක්‍රීඩකයෙකු රටට අහිමි වනු ඇත.තවත් වසර ගණනාවක් රට වෙනුවෙන් ක්‍රීඩා කිරීමට හැකි මෙවන් පන්දු යවන ක්‍රීඩකයන් රැකිය යුතුය. අපේ පන්දු සම්බන්ධයෙන් ICC ය නොබියව තම මතය ප්‍රකාශ කරන අතර ඔවුන්ගේ ඉරියව්ව වැරදි බවට චෝදනා කිරීමට දෙවරක් නොසිතයි එහෙත් අපේ අසල්වැසි ඉන්දියාවේ ක්‍රීඩකයන්ට එවැනි ගැටළු ප්‍රශ්න ඇතිකිරීමට ICC ය පසුබට වන්නේ කුමන කාරණයක් නිසා ද???

ICC ය මෙරට ක්‍රීඩකයන් ගණනාවකට පසුගිය සාමය පුරාම මෙවැනි චෝදනා එල්ල කිරීම සිදු වුව ද පසුගිය දශකය පුර ඉන්දීය පන්දු යවන ක්‍රීඩකයන්ට එවැනි චෝදනා එල්ලවී නොමැත ඒ ICC ය ඉන්දියාවට ඇති බිය නිසාද ICC යේ පාලන බලයෙන් වැඩි කොටසක් පාලනය වන්නේ ඉන්දීය ක්‍රිකට් පාලක මණ්ඩලය කියන ආකාරයට ද යන්න සැක සහිතය මෙනිසා ඉන්දියාවට නැති අපිට ඇති නීතිය කොතනද යන්න මෙරට ක්‍රීඩා ලෝලීන්ගේ අදහසයි

Leave a Reply

Your email address will not be published. Required fields are marked *