ශවේන්ද්‍ර සිල්වා යුද හමුදාපති ධුරයට පත් කිරීම ඇමරිකාවේ “දැඩි අවධානයට”

ශවේන්ද්‍ර සිල්වා යුද හමුදාපති ධුරයට පත් කිරීම ඇමරිකාවේ “දැඩි අවධානයට”

මෙය බෙදාගන්න Facebook මෙය බෙදාගන්න Messenger මෙය බෙදාගන්න Twitter මෙය බෙදාගන්න ඊමේල් යවන්න
ශ්‍රී ලංකාවේ 23 වෙනි යුද හමුදාපතිවරයා ලෙස මේජර් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා එම තනතුරට පත් කෙරුණේ මෙතෙක් එහි කටයුතු කළ ලුතිනන් ජනරාල් මහේෂ් සේනානායක විශ්‍රාම යාම හේතුවෙනි.

ඒ සමගින් ලුතිනන් ජෙනරාල් නිලයට ද පැමිණෙන ශවේන්ද්‍ර සිල්වාගේ පත් කිරීම සම්බන්ධයෙන් සිය “දැඩි අවධානය” යොමු වී ඇති බව ඇමරිකා එක්සත් ජනපදය පවසයි.

“එක්සත් ජාතීන්ගේ සංවිධානය සහ වෙනත් සංවිධාන විසින් ලේඛනගත කර ඇති ඔහුට එරෙහිව මානව හිමිකම් උල්ලංඝනය කිරීම් පිළිබඳ චෝදනා බරපතල සහ විශ්වසනීය වේ,” යනුවෙන් කොළඹ පිහිටි එක්සත් ජනපද තානාපති කාර්යාලය නිකුත් කළ නිවේදනයක දැක්වේ.

බිබිසි

Leave a Reply

Your email address will not be published. Required fields are marked *