පාර්ලිමේන්තු මන්තී‍්‍ර සාලින්ද දිසානායකගේ පුරප්පාඩුවට කවුරැ පත් කරයිද???චන්ද්‍රිකාද??ශාන්ත බණ්ඩාරද?? ඞී. බී. හේරත් ද???

පාර්ලිමේන්තු මන්තී‍්‍ර සාලින්ද දිසානායකගේ පුරප්පාඩුවට කවුරැ පත් කරයිද???චන්ද්‍රිකාද??ශාන්ත බණ්ඩාරද?? ඞී. බී. හේරත් ද???

කුරුණෑගල දිස්ති‍්‍රක් පාර්ලිමේන්තු මන්තී‍්‍ර සාලින්ද දිසානායක මහතාගේ අභාවයෙන් පුරප්පාඩු වූ මන්තී‍්‍ර ධුරයට, ජාතික ලැයිස්තු මන්ති‍්‍ර ධුරයෙන් ඉවත් වූ ශාන්ත බණ්ඩාර මහතා නැවත පත් කිරීමට කිසිසේත් නොහැකි බව ශී‍්‍ර ලංකා පොදුජන පෙරමුණේ සභාපති මහාචාර්ය ජී. එල්. පීරිස් මහතා පැවසීය.

ශාන්ත බණ්ඩාර මහතා පත් කිරීමේ උත්සාහය කිසිසේත් අනුමත කළ නොහැකි නීති විරෝධී, පාර්ලිමේන්තු සම්ප‍්‍රදායට පටහැනි කි‍්‍රයාවකට අවතීරණය වීමක් බව ද හෙතෙම කියා සිටියේය.

සාලින්ද දිසානායක මහතාගේ අභාවයෙන් එම මන්තී‍්‍ර ධුරය පුරප්පාඩු වන අවස්ථාවේ ශාන්ත බණ්ඩාර මහතා පාර්ලිමේන්තු මන්තී‍්‍රවරයකු බැවින් දිස්ති‍්‍රක් ලැයිස්තුවක් හරහා තවත් වරක් ඔහුට පාර්ලිමේන්තුවට පත් වීමට රටේ නීතිය හා සම්ප‍්‍රදායට අනුව කිසිම ඉඩක් නැතැයි ද මහාචාර්ය ජී. එල්. පීරිස් මහතා සඳහන් කළේය.

ශාන්ත බණ්ඩාර මන්තී‍්‍රවරයා ජාතික ලැයිස්තු මන්තී‍්‍ර ධුරයෙන් ඉවත් වූයේ සාලින්ද දිසානායක මන්තී‍්‍රවරයා අභාවයට පත්ව දින දෙකකට පසුව බවත් දැන් නැවතත් කුරුණෑගල දිස්ති‍්‍රක් ලැයිස්තුවෙන් පාර්ලිමේන්තුවට ඒමට උත්සාහ දැරීම කළ හැකි දෙයක් නොවන බවත් පැවසූ ජී. එල්. පීරිස් මහතා මන්තී‍්‍ර ධුරය කුරුණෑගල දිස්ති‍්‍රක් ලැයිස්තුවේ ඊළඟ මනාප ලබා සිටින ඞී. බී. හේරත් මහතාට හිමි විය යුතු බවත් කීවේය.

සාලින්ද දිසානායක මහතාගෙන් හිස් වූ පුරප්පාඩුව පිරවීමට පාර්ලිමේන්තු නීතිය, සම්ප‍්‍රදාය සහ සදාචාරය අමතක කර කටයුතු කිරීමට උත්සාහ දරන්නේ මනාප අනුව මන්තී‍්‍ර ධුරය හිමි විය යුතු ඊළඟ පුද්ගලයා ශී‍්‍ර ලංකා පොදුජන පෙරමුණට (පොහොට්ටුවට) හිතවත් අයකු බවට හැඟීමෙන් යැයි ද හෙතෙම කිවේය.

මේ අතර හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා කුමාරතුංග මහත්මියද පාර්ලිමේන්තුවට මන්ත්‍රීවරියක් ලෙස පත් කිරීමේ උත්සාහයක් පවතින බවද දේශපාලන ක්ෂේත්‍රයෙන් වාර්තා වේ ඇතැම් දේශපාලකයින් මෙම පුරප්පාඩුවට හිටපු ජනපතිනිය පත්කිරීමට උත්සාහයක්ද තිබෙන අන්දම පසුගිය දිනවල මාධ්‍ය මගින් වාර්තා කර තිබුණි

Leave a Reply

Your email address will not be published. Required fields are marked *