පණ්ඩුකාභයගෙන් ඇරඹි චෝල ආක්‍රමණයෙන් මහින්දට අහිමිවූ අනුරාධපුරයට වසර දාහකට පසු කිරුළ හිමිද? // 1019-2019

එදා මෙදා දේශපාලන වේදිකාවේ කථා අතරින් අපේක්ෂාවේ අපේක්ෂකයා ලෙසින් නම් කරන ලද ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර කුමාර දිසානායක සහෝදරයා විසින් පසුගිය 18 වන දින ගාලු මුවදොර පවතී මංගල රැලියේදී සිදුකල කථාව ,මෙරට දේශපාලන කරලියේ බොහෝ කථා බහට ලක්වූ කතාවක් විය වෙනදා දේශපාලන සංවාද ,දුෂණයට එරෙහි ප්‍රබල හඩ ,ජවිපෙ මර්දනය ආදී මාතෘකා වෙනුවට සැමට තේරෙන් බසින් නායකයෙකු සතු උසස් ගුණය විහිදා සිදුකල පුළුල් පරාසයක් සහිත කථාව අනාගත ශ්‍රී ලංකාවේ දේශපාලනයේ හොද ප්‍රගමනයක ආරම්භයක් විය.

පණ්ඩුකාභය රජතුමාගෙන් ආරම්භවූ අනුරාධපුර රාජධානිය 993 දී පළමුවන චෝළ අධිරාජ්‍යයා වූ රාජරාජා ශ්‍රී ලංකාව ආක්‍රමණය කළ අතර එවකට ශ්‍රී ලංකා පාලකයා වූ 5 වන මහින්දට රටේ දකුණු ප්‍රදේශයට පලා යාමට බල කෙරුනි. [42] පස්වන මහින්දගේ පාලනය දුර්වල යැයි මහාවංශය විස්තර කරන අතර මේ වන විට රට දරිද්‍රතාවයෙන් පීඩා වින්දා. වැටුප් නොමැතිකම හේතුවෙන් ඔහුගේ හමුදාව ඔහුට එරෙහිව නැගී සිටි බව එහි තවදුරටත් සඳහන් වේ. මෙම තත්වයෙන් ප්‍රයෝජන ගනිමින් පළමුවන රාජරාජාගේ පුත් රාජේන්ද්‍ර 1017 දී විශාල ආක්‍රමණයක් දියත් කළේය. පස්වන මහින්ද අල්ලාගෙන ඉන්දියාවට ගෙන ගිය අතර චෝලවරු අනුරාධපුර නගරය නෙරපා දැමූහ. ඔවුන් අගනුවර පොලොන්නාරුව වෙත ගෙන ගිය අතර, පසුව චෝල පාලන සමයෙන් පසු බලයට පත් වූ ශ්‍රී ලාංකික පාලකයෝ දිගින් දිගටම පොලොන්නරුව අගනුවර ලෙස භාවිතා කරමින් අනුරාධපුර රාජධානිය අවසන් කළහ.

අපේ ජනතාව ප්‍රෞඩ මිනිස් ප්‍රජාවක් බවට පත් කළ යුතුව තිබෙනවා. මේ රට ලෝකය තුළ නොසැලෙන රාජ්‍යයක් බවට පත් කළ යුතුයි. මෙය කළ හැක්කේ සියලු ජනතාව මේ සටන සඳහා එකතු කිරීමෙනුයි. මෙය අපට දිනිය හැකි සටනක්. සියලු දෙනා මේ පණිවිඩය ගම් නියම්ගම් කරා ගෙන යන කෙනෙක් බවට පත් වෙන්න. ඒ සඳහා ඔබ සැමට ආරාධනා කරනවා.

ජාතික ජන බලවේගයේ ජනාධිපති අපේක්ෂක අනුර දිසානායක මහතා ඊයේ එම සංවිධානයේ මංගල රැලියේදී ජනතාව අමතා ප්‍රකාශ කළේ ය.ජාතික ජන බලවේගය පිහිටුවීමෙන් පසු ඊයේ ගෝල්ෆේස් පිටියේදී ලක්ෂ ගණනක ජනතාවකගේ සහභාගිත්වයෙන් මෙම රැලිය පැවති අතර එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ අනුර දිසානායක මහතා.

එළඹෙන ජනාධිපතිවරණය සඳහා ජාතික ජන බලවේගය වෙනුවෙන් අපේක්ෂකයා ලෙස මා තෝරා ගනු ලැබ තිබෙනවා. ජාතික ජන බලවේගයටත් ඔබ ඇතුළු මේ රටේ පොදු ජනතාවටත් මා කෙරෙහි තබා ඇති විශ්වාසය කඩ නොකරන බවට සහතික වෙනවා. මා තඹුත්තේගමට ආසන්න කුඩා ගමක ඉපදී ශිෂ්‍ය අවදියේ සිට තිස් වසරක් දේශපාලනයේ නිරතව සිටිනවා. පසුබැසීම්, අභියෝගවලට මුහුණ දෙමින් අප දේශපාලනය කරමින් සිටිනවා. ඈත ගම් දනව්වල ජනතාවගේ සිට සියලු තරාතිරම්වල මිනිසුන්ගේ අත්දැකීම් මත පදනම් වෙමින් අදින් අරඹන මේ සටන සහතික වශයෙන්ම ජයග‍්‍රහණයෙන් කෙළවර කරනවා.

මේ ජනාධිපතිවරණය වනවිට රට තීරණාත්මක සන්ධිස්ථානයකට පැමිණ තිබෙනවා. එක් මාවතක් වන්නේ වසර 71ක් පුරා මේ රට පැමිණි යල් පිනූ විනාශකාරිත්වයේ මාවතයි. අනෙක සතුට, සැපත හා නිදහස පිරුණු සෞභාග්‍යයේ මාවතයි. මේ සෞභාග්‍යයේ මාවත තෝරා ගැනීම සඳහා සියලු ජනතාවට ආරාධනා කරනවා. රටට ආදරය කරන අදූෂිත දේශපාලනයේ, රට ගොඩනගන විද්වතුන්ගේ සහ රට මෙහෙයවන වැඩකරන ජනතාවගේ මධ්‍යස්ථානය මෙයයි. රටට අලුත් මාවත පෙන්වන්නේ ජාතික ජන බලවේගයයි.

මේ රටේ පිළුණු වූ හිරිකිත දූෂිත වළල්ලක් අතට දේශපාලන බලය අත්වී තිබෙනවා. සමාජයට දේශපාලනය පිළිකුල් කර තිබෙන්නේ මේ තත්වයයි. මේ දේශපාලන පොර පිටිය සුද්ධ කර පිරිසිදු කරන බවට අප සපථ කරනවා. නව ආර්ථික ගමනකට රට යොමු කළ යුතුව තිබෙනවා. නිෂ්පාදනය මත පදනම් වන ආර්ථිකයක් නිර්මාණය කරන බවටත් එහි ඵල ගොවි ජනතාව, ධීවර ජනතාව, කම්කරු ජනතාව ඇතුළත් සමාජයට ගලා යාමට සලස්වන බවටත් සපථ කරනවා.

මේ සමාජයේ විශාල ජනතාවක් විවිධ හේතු නිසා පීඩාවට පත්ව සිටිනවා. ජාතිකත්වය, කුලය, ලිංගිකත්වය මත ඔවුන් පීඩා විඳිනවා. සියලු අසාධාරණ සැලකීම් අහෝසි කොට ඔවුන් සියලු දෙනා මහා මිනිස් සමාජයක කොටස්කරුවන් බවට පත්කර ගන්නා බවට සපථ කරනවා.

අද මහජන ආරක්ෂාව ගැන සාකච්ඡාවක් පැමිණ තිබෙනවා. අද පාසල්, රෝහල් හා ඇතැම් ගම්මාන මායිම් අසලට පොලිස් මුරපොල පැමිණ තිබෙනවා. කිසිදු ජාතිවාදියෙකුට, අන්තවාදියෙකුට මේ මුරපොළවල් ඉවත් කළ නොහැකියි. ඔවුනට කළ හැකි වන්නේ ඒවා වැඩි කිරීම පමණයි. සැකය අවිශ්වාසය දුරු කළ, ජාතික සමගිය රජයන සමාජයක් ස්ථාපිත කරන බවට සපථ කරනවා.

මානව සමාජය ඉදිරියට ආවේ නිදහස් අදහස් ගැටී නිවැරදි අදහස් ඉදිරියට ගිය නිසයි. මානව අදහස් පෙට්ටගම්වල දමා වසා තැබිය නොහැකියි. එවැනි නිදහස් අදහස් ගැටෙන ප‍්‍රජාතන්ත‍්‍රවාදී පරිසරයක් නිර්මාණය කරන බවට පොරොන්දු වෙනවා. විධායක ජනාධිපති ධුරය අහෝසි කර පාර්ලිමේන්තුවට බලය පැවරෙන දේශපාලන ව්‍යුහයන් ශක්තිමත් කිරීමට කටයුතු කරනවා.

අප රටේ විශාල ජෛව විවිධත්වයක් ඇති පරිසර පද්ධතියක් තිබුණා. ලාභය හඹා යන මේ සමාජ ක‍්‍රමය එය විනාශ කරමින් යනවා. මේ රට සැකයකින් තොරව පලතුරක් ආහාරයට ගැනීමට බැරි තැනක් වී තිබෙනවා. ලෝකයේ කුණු ගෙනැවිත් දමන ස්ථානයක් බවට පත්වී තිබෙනවා. දරුවෙකුට විෂ නොමැති පලතුරක්, විෂ නොමැති ජල බිඳක්, පිරිසිදු හුස්මක් ලබාදීමට අප මැදිහත් වනවා.

අප අත්කරගන්නා සමාජ සංවර්ධනයේ ඵල ජනතාවට ලැබෙන සමාජයක් ස්ථාපිත කළ යුතුව තිබෙනවා. කුඩා දරුවන්ට පැහැදිලි අනාගයක් ලැබෙන, තරුණ තරුණියන්ට තමන්ගේ හැකියාවන්ට දක්ෂතාවයන්ට ප‍්‍රතිලාභ ලැබෙන, වැඩිහිටියන්ට සුරක්ෂිතභාවය ලැබෙන සමාජයක් අපි නිර්මාණය කළ යුතුයි. අපට එවැනි සිහිනයක් තිබෙනවා.

ඇමරිකානු කළු ජාතික විප්ලවීය නායක මාටින් ලූතර් කිං වරක් මෙහෙම කිවුවා. “මේ යුගයේ ඛේදවාචකය වූ කලී නරක මිනිසුන්ගේ නරක ක‍්‍රියා නොව හොඳ මිනිසුන්ගේ නිහැඬියාවයි” ඇතැමුන් මේ ඛේදවාචකය ගැන කම්පාවෙන් සිටිනවා. නමුත් අප වෙනස් වීමට මැදිහත් නොවුණහොත් ඵලක් නැහැ. මෙතැනට ලක්ෂ සංඛ්‍යාත ජනතාවක් ලෙස ඔබ මෙතැනට පැමිණ අපට ධෛර්යය ලබාදෙනවා. අප මේ රටේ ජනතාවට කිසිදා පසුතැවිලි වීමට සිදුනොවන අනාගතයක් ඔබට ලබා දෙන බවට සහතික වෙනවා.

අපේ ජනතාව ප්‍රෞඩ මිනිස් ප්‍රජාවක් බවට පත් කළ යුතුව තිබෙනවා. මේ රට ලෝකය තුළ නොසැලෙන රාජ්‍යයක් බවට පත් කළ යුතුයි. මෙය කළ හැක්කේ සියලු ජනතාව මේ සටන සඳහා එකතු කිරීමෙනුයි. මෙය අපට දිනිය හැකි සටනක්. සියලු දෙනා මේ පණිවිඩය ගම් නියම්ගම් කරා ගෙන යන කෙනෙක් බවට පත් වෙන්න. ඒ සඳහා ඔබ සැමට ආරාධනා කරනවා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *