ඒකීය රාජ්‍යක ජනපතිවරු තිදෙනෙක් පත්කළ යුතුයි!! //නීතිඥ ජේ.ඒ. කුලරත්නගේ යෝජනාවලිය

අද වන විට ලෝකයේ බොහෝ රටවල විවිධ ආණ්ඩුකම ව්‍යවස්ථා දක්නට ලැබේ  අතීතයේදී ව බොහෝ රටවල මෙන්ම ශ්‍රී ලංකාවේද රාජ්‍ය පාලනය ගෙන ගියේ රජ මූලික කරගත් පාලන ක්‍රමයක් තුළිනි. එය බොහෝවිට ඒකාධිපති විය. පසුව ලොවට සමාජවාදී කොමියුනිස්ට්වාදී ලිබරල්වාදී ඒකාධිපතිවාදී ‍ප්‍රජාතන්ත්‍රවාදී යන නම්වලින් එම පාලන ක්‍රම වලට අනුගත වෙමින් ඒ ඒ රටවලට ගැළපෙන ලෙස විවිධ නායකයින් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවන් බිහි කරන ලදී. 

ලොව සාර්ථකම රාජ්‍ය පාලනය ලෙස සැලකෙන ලිච්ඡවී රජ දරුවන්ගේ පාලන සමයේ අපට උගත හැකි පාඩම් බොහෝය. සාමයෙන් රැස්වී සාමයේ සාකච්ඡාකර සාමයෙන් විසිර ගොස් රට පාලනය කළේය. එහි අරුත රජ පාලනයක් තිබුනත් රට ඉතාමත් යහපත් අයුරින් පාලනය කිරීම සඳහා වූ ක්‍රමවේදයක් සකස්කර තිබූ බවයි. එතන ඒකාධිපතිවාදය තිබුණේ නැත 

ඒ ආකාරයටම ආදර්ශමත් රජ සංකල්පය භාවිතා කරගනිමින් ව ආණ්ඩුක්‍රම කෙටුම්පතක් ඉදිරිපත් කිරීමට ශ්‍රී  ලාංකිකයකු සමත් වී ඇත.  ඔහු නීති ක්ෂේත්‍රයේ දශක ගණනාවක් අත්දැකීම සහිත විද්වතෙක් වශයෙන්ම මෙන්ම සමාජ ක්‍රියාකාරිකයකු වන නීතිඥ ජේ.ඒ. කුලරත්න මහතාය. ඔහු විසින් රජ සංකල්පය මූලික කරගනිමින් ‍ප්‍රරජාතන්ත්‍රවාදී එමෙන්ම රටට සෘජූ නායකත්වය ලබාදිය හැකි ආණ්ඩුකම කෙටුම්පතක් සකස් කර ඇත, එහි විශේෂත්වය වනුයේ ජනාධිපතිවරු තිදෙනෙක් පත් කිරීමයි.

අනාගත රටේ පාලනයට ජනාධිපතිවරු හෝ වරියන් තිදෙනෙක්

අසිරු තත්වයට පත් වී සිටින රට හා රට වැසියා ගොඩ ගැනීමට බලය සොයා යන ගමනේ දී රටේ දේශපාලන පක්ෂ නායකයින්ගේ එකමුතුවක් අපේක්ෂා කරමි. නියම මග හෙලිකර ගැනීමේ පූර්ණ හැකියාව ඇත්තේ එම නායකයින්ට පමණි.

1948 සිට අප රට පාලනය කළ සියලූම පාලකයින්ට රට හා රටවැසියාගේ ප්‍රගතිය වෙනුවෙන් කිසිම වැඩක් කිරීමට නොහැකි වුනේ ආණ්ඩුක්‍රමය තුළ තිඛෙන ප්‍රධාන වරදක් නිසයි. වැඩ කිරීම සදහා පාලක ඔබට "බලය˜ අවශ්‍යයි. පාලක ඔබට අවශ්‍ය "බලය˜සොයා යන ගමනේදී පාලක ඔබ සැමගේ සහාය අවශ්‍යමයි. පවතින ආණ්ඩුක්‍රමය තුළ සගවා ඇති එම බලය ලබා ගත හැක්කේ පාලකයින් වන ඔබ සැම විසින් පමණය. මග හෙලිවීමෙන් පසු බලය ලබා ගතහැකි පාලක ඔබට එදා සිට අද දක්වා ශාප කරමින් සිටින රට වැසියා වෙනුවෙන් වැඩ කරල පෙන්නල වැඩකාරයො වෙන්න අනගි අවස්ථාවක් රජ සංකල්පය තුළ වරම් ලබනා ජනාධිපතිකරුන් හෝ වරියන් තිදෙනෙකු සියලූම පාර්ලිමේන්තු මහජන නියෝජිතයින් සමග අසුන් ගන්නා ක්‍රමවේදය තුළින් අපේක්ෂිත නොබෙදුණු බලය පාලක ඔබහට ලැබෙනවා ඇත මෙම බලය තුලින් රට හා රට වැසියා වෙනුවෙන් වැඩ කිරීමේ අනගි අවස්ථාව පාලක ඔබට ලැබෙනවා ඇත පාලන ශේෂ්ත්‍රයේ එදා සිට අද දක්වා මේ රට පාලනය කල පාලකයෝ හා අද බලයේ සිටින පාලකයෝ හොද දක්ෂ අය බව දනිමි ඒත් බලය නැති නිසා වැඩක් කිරීමට නොහැකි වූ බැවින් ජනතාවගෙන් බැනුම් අහනවා ,අපහාසයටත් ලක් වෙනවා පවතින ආණ්ඩු ක්‍රමය තුල බලයට ආවත් රට හා රට වැසියාගේ දියුණුවට වැඩක් කරන්න බෑ .

ඒත් බලය නැති නිසා වැඩක් කිරීමට නොහැකි වූ බැවින් ජනතාවගෙන් බැනුම් අහනවා, අපහාසයටත් ලක් වෙනවා. රජ සංකල්පය තුළින් ජනාධිපති වරු හෝ වරියන් තිදෙනෙකු වෙත ඒක රාශී කෙරෙන අසීමිත ඒකීය බලය බල තුලනයකින් අනතුරුව මහජන පාර්ලිමේන්තු නියෝජිත පිරිසගේ බලය හා එක් කිරීමෙන් ඇති වන "බලය˜ නියම බලය ලෙස දකිමි.

බලය නැතුව වැඩ කරන්න බෑ,

බලය තිබුනත් බල ඛෙදීමක් තුළ වැඩ කරන්න බෑ,

1948 පෙබරවාරි 04 අප රට හා රට වැසියෝ ඉංග්‍රීසීන්ගෙන් නිදහස ලැබීමත් සමගම අද අප රටේ ක්‍රියාත්මක වන ප්‍රජාතන්ත්‍රවාදී පාලන ක්‍රමය ඉංග්‍රීසීන් විසින් අප රටට හදුන්වා දෙනු ලැබීය. එයින් ඉතාමත් සතුටට පත් රටවැසියා එම පාලන ක්‍රමය තුළ තමන් කැමති පාලකයින් තම ඡන්දයෙන් පත්කරමින් රට හා රටවැසියා පාලනය කිරීම සදහා එම පාලකයින්ට බලය පවරමින් අද දක්වාම වසර 71 තුළ දිගු ගමනක් පැමින ඇත.මෙතරම් දිගු කාලයක් පැමිණි ඒ ගමනේදී රට හෝ රට වැසියාට එම පාලන ක්‍රමය තුළින් සිදු වු කිසිදු සුගතියක් නැත.

එබදු සුගතියක් නොලැබීමට හේතුව කුමක් දැයි පෙන්වා දීම හා එම නිසාම එම පාලන ක්‍රමයෙන් ඉවත් වී වෙනත් තුන්වන සංකල්පයක් තුළ සුගතියක් ලැබිය හැකි මග හෙලිකර දීම මගේ එකම වෑයමයි. ඈත අතීතයේ සිට අප රට හා රට වැසියා පාලනය වුයේ රජු නැමැති පුද්ගලයාගෙනි. එම පාලනය සඳහා රජු වෙත අසීමිත ඒකීය බලයක් තිබුණි. එම බලය රජු වෙත ලැබුනේ රට වැසියාගෙන් නොවීම නිසා රජු රට වැසියාට වගකීමට බැඳී සිටියේ නැත. තමන්ට මනාප පරිදි පත්කරගත් අමාත්‍ය මණ්ඩලයක් සමගින් තමන් මනාප ආකාරයට එදා රජු විසින් රට හා රට වැසියාව පාලනය කළා. රජු වෙත තිබු අසීමිත නොඛෙදුනු බලය ඒ සඳහා රජු උපයෝගි කරගනු ලැබුවා.

එම පාලන ක්‍රමය තුලින් රට හා රටවැසියාට හොඳක් මෙන්ම නරකක් ද සිදු වු අවස්ථා තිබුණා. රජුගේ පාලනයෙන් නරකක් සිදුවීමට තිබු අවකාශය වලකාලීමට රට හා රටවැසියා අත කිසිම බලයක් තිබුනේ නෑ. එම හේතුව නිසාම රජුගේ වැරදි ක්‍රියවන් නිසා අසහනයට පත් රට වැසියා රජුගෙන් මිදීමට කටයුතු කළා. අවසානයේදී රට හා රටවැසියා වර්තමානයේ ක්‍රියාත්මක වන ජනතාව විසින් මැතිවරණයකදී තොරාපත් කරනු ලබන පාර්ලිමේන්තු මහජන නියෝජිත පිරිසකගෙන් පාලනය වන අද පවතින ප්‍රජාතන්ත්‍රවාදී පාලන ක්‍රමය තුළට පිවිසී දුක්පීඩා විඳිමින් ඉන් ගැලවීමට ද ක්‍රමවේදයක් නොමැතිව වසර 71 ක් තමන් විසින් පත් කරනු ලැබු ජනතා නියෝජිතයන්ගේ ද පිහිටක් අනුකම්පාවක් නොලබා අසරණව සිටිනවා.

අසරණව සිටින රට හා රට වැසියා හට මෙම තත්ත්වය උදාවීමට තුඩු දී ඇති හේතුව කුමක්ද? 1948 වසරේ සිට පැවත එන වර්තමාන පාලන ක්‍රමය තුළ කටයුතු කරන රටේ පාලක පක‍ෂයට රට හා රටවැසියාගේ අභිවෘද්ධිය සඳහා වැඩකිරීමට බලයක් නොමැතිවීම එකම හේතුව ද? එනම් පාලක පක‍ෂය හා විරුද්ධ පක‍ෂය යනුවෙන් රටේ පාලක පිරිස දෙකට කඩා බලය බේදාහැර තිබීමේ හේතුව ද? එසේත් නොමැති නම් එදා සිට අද දක්වා තේරීපත් වුනු මහජන නියෝජිතයින්ගේ නොහැකියාව ද?

පාර්ලිමේන්තු මහජන නියෝජිතයින් තෝරා පත්කර ගැනීම සඳහා පවත්වනු ලබන මහමැතිවරණයකදී දේශපාලන පක‍ෂවලින් හා ස්වාධීනව නාම යෝජනා බාරදීමෙන් අනතුරව දේශපාලන පොර පිටියේ තරග බිමට පිවිසෙන දහසක් හැකියාවන් හා දක‍ෂතාවයන්ගෙන් පන්නරය ලැබූ සියදහස් ගණනක් අපේක්ෂකයින් අතරින් රටවැසියා විසින් තෝරා පත් කරගනු ලබන්නේ උපරිම සේවයක් රට හා රටවැසියා වෙනුවෙන් අපේක්ෂා කළ හැකි වැඩිම සුදුසුකම් ඇති පාර්ලිමේන්තුවේ ආසන සංඛ්‍යාව සඳහා අවශ්‍ය අතලොස්සක් දෙනා පමණි.මෙබඳු තත්වයක් යටතේ රටවැසියා විසින් 1948 සිට තෝරාපත් කරගනු ලැබූ පාලක පාර්ලිමේන්තු මහජන නියෝජිතයින්ගෙන් රට හා රටවැසියාගේ උන්නතියට හේතුවන කිසිවක් සිදු නොවීමට හේතුව කුමක් දැයි සෙවිය යුතුය. පත්කරගනු ලැබූ පාලකයින්ගේ නොහැකියාව ද? නැත. ඔවුන් අතරින් වැඩි දෙනා දක්ෂ එමෙන්ම රට හා රට වැසියාට ආදරය කළ අය වීම නිසා නොහැකියාවක් ගැන තීරණය කළ නොහැක. රට හා රටවැසියා වෙනුවෙන් මහගු සේවයක් කිරීමට තරම් “බලය” ක් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව මගින් පාලකයින් වෙත ලබා දී නොමැති වීම ප්‍රධානතම හේතුවයි. ඉංග්‍රීසිීන් විසින් 1948 පෙබරවාරි 04 රට හා රටවැසියාට නිදහස දෙනවාත් සමගම ඔවුන් විසින් අප වෙත හඳුන්වා දුන් ආණ්ඩුක්‍රමය තුළ බලය ඛෙදීම න්‍යාය පදනම් කර ගනිමින් පාලක පක‍ෂය හා විරුද්ධ පක‍ෂය යනුවෙන් බලය ඛෙදා දුන් දෙපිරිසක් රට හා රටවැසියා පාලනයට හඳුන්වා දෙනු ලැබුවා.

ඒ අයුරින් බලය ඛෙදාදුන් දෙපිරිසක් මෙරට පාලනය සඳහා හඳුන්වා දීමට හේතුවු ප්‍රධාන කරුණක් තිඛෙනවා. ලංකාවට නිදහස දෙන අවස්ථාව වන විට ලාංකික ජනතාව වෙත දේශපාලන දැනුමක් නොතිබුණ නිසාත් ඒ හේතු නිසාම පාලකයින් හට අසීමිත ඒකීය බලයක් හඳුන්වා දෙනු ලැබුවහොත් පාලකයින් අත්තනෝමතිකව ක්‍රියාකිරීමට ඉඩ තිබූ හෙයින් එම තත්වයෙන් රට හා රටවැසියා රක‍ෂණය කිරීම සඳහා ඉංග්‍රීසීන් විසින් හිතාමතාම බලය ඛෙදීමේ න්‍යාය ආණ්ඩුක්‍රමය හඳුන්වාදෙනු ලැබුවා. දෙවනුව එමගින් නිදහස ලබන අප රටේ ඇතිවිය හැකි උන්නතිය අඩපණ කිරීමේ අරමුණින් හිතාමතාම ඉංග්‍රීසීන් විසින් පාර්ලිමේන්තුවට තේරී පත්කරගනු ලබන මන්ත්‍රී කණ්ඩායම පාලක පක්ෂය හා විපක්ෂය යනුවෙන් දෙකට ඛෙදීම නිසා විපක්ෂයේ සිටින මන්ත්‍රීන්ගේ බලය අක්‍රීය කර ඇත.

පාලන තන්ත්‍රයට ඔවුන්ගේ සේවය අහිමි කර ඇත. විරුද්ධ පක්ෂ මන්ත්‍රීන්ගේ බලය අවතක්සේරු කර ඇත. පාලක පක්ෂ මන්ත්‍රීන්ගේ බලය පමණක් ක්‍රියාවට නැගිය හැකි අයුරින් නිර්මාණය කර ඇත. බලය ලබන පාලක පක්ෂ මන්ත්‍රීන් කණ්ඩායම රජ්ජුරුවෝ උඩයි උඩයි සෙසු ඇත්තෝ බිමයි බිමයි කියමින් පිස්සු නටනවා. ජාතික ප්‍රතිපත්තියක් මත ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව නිර්මාණය කර නොමැති වීමේ හේතුව නිසා බලය ලබන පාලක පක්ෂ මන්ත්‍රී කණ්ඩායම යා යුතු මගක් නිර්මාණය වී නැති නිසා තම තමන් කැමති අයුරින් මේ අයුරින් රට හා රට වැසියා වෙනුවෙන් වැඩකිරීමට සලසමින් පාර්ලිමේන්තු මහජන නියෝජිතයින්ට ජනතාව විසින් දෙනු ලබන බලය කප්පාදු කරමින් හා විරුද්ධ පක්ෂ මන්ත්‍රීන්ගේ බලය අවතක්සේරු කරමින් ක්‍රියාත්මක වන ආණ්ඩුක්‍රමය තවදුරටත් පවත්වාගෙන යාමෙන් අගතියක් මිස සුගතියක් නම් සිදුවේද?
ඉංග්‍රීසීන් විසින් ප්‍රදානය කල ආණ්ඩුක්‍රමය මගින් අප රට පාලකයින්ට පළදවා ඇත්තේ උරචක්‍ර මාලයක් බව කිසිවෙකු විසින් තේරුම් ගෙන නැත.

ඒ නිසාම එක්තරා රජෙක් දුහුල් ඇදුමෙන් සැරසී වීදි සංචාරය කළා සේ අප රට පාළකයෝත් ඉංග්‍රීසීන් විසින් පළදවන ලද උරචක්‍ර මාලය පැළදගෙන අවුරුදු 71ක් මහ මග ගමන් කර තිඛෙනවා. ඒත් කිසි වැඩක් වෙලා නෑ නේද? පාලක ඔබට දැන් මහන්සි ඇති නේද? තවත් මදිද? එහෙනම් බර උසුලා සිටිය නොහැකි රටේ ජනතාව විසින්ම පාලක ඔබ පැළදගෙන සිටින උරචක්‍රමාලය විකල්ප මාර්ගයක් මගින් ඉවත් කර ඔබට නියම බලය ලබා දෙන තුරු ඔහොම යං.

මෙම හේතුව නිසාම එදා එනම් 1948 දී රට හා රට වැසියා රක‍ෂණය කිරීමේ අරමුණින් හා රටේ දියුණුව අඩපණ කිරීමේ අරමුණින් ඉංග්‍රීසීන් අපහට හදුන්වා දුන් ආණ්ඩු ක්‍රමය තුළ පාලක පක‍ෂය වෙත ලබා දී ඇත්තේ රජු වෙත තිබූ ඒකීය නොඛෙදුන අසීමිත බලයට ඛෙහෙවින් අඩු ඛෙදී පවතින්නා වූ බලයකි. එම හේතුව නිසාම නොඛෙදුන ඒකීය බලය තුලින් රජු විසින් කල කිසිවක් කීරීමට පාලක පක‍ෂය හා විරුද්ධ පක‍ෂය යනුවෙන් බලය ඛෙදා දුන් මහජන නියෝජිත පාලකයින් පිරිසට නොහැකිවිය. රට හා රට වැසියාගේ උන්නතිය වෙනුවෙන් කිසිවක් කළ නොහැකි තත්වයට පාලක පක‍ෂය පත්වුනා. විරුද්ධ පක‍ෂය විසින් පාලක පක‍ෂ ක්‍රියාවන්ට අකුල් හෙලීම ද එයට හේතු වුනා.

මේ ක්‍රමය තුළ පසු කාලයේදී රටේ බලයට පත්වුණ පසු කාලීන පාලකයින් තමන් බලය ලැබුවත් රට වැසියන්ගේ උන්නතිය පතා වැඩ කිරීමට බලයක් තමන් වෙත නොමැති බව දැන සිටිය. වර්තමාන පාලකයිනුත් දැනුවත්ව සිටිනවා. එසේ වුවද බල තන්හාව වස්තුව රැස් කිරීමේ අවශ්‍යතාවය සුර සැප විදීමේ ආශාව නිසාම නොයෙකුත් ප්‍රතිපත්ති ප්‍රකාශන ඉදිරිපත් කරමින් තමන්ට කළ නොහැකි දේවල් දෙන බවට බොරු පොරොන්දු දෙමින් ඒ අය රටේ පාලකයින් ලෙස බලය ලබනවා. බොරු පොරොන්දු දී බලය ලබන බොරුකාරයෝ කියන චෝදනාවටත් ඔවුන් ලක්වන අතර ලැජ්ජාව, බිය, සැක රටේ පාලකයින් වෙතින් අතුරුදන් වෙලා. ඇත්ත මේ තත්වය වුනත් අවුරුදු පහෙන් පහට මැතිවරණයකින් පාලකයින් මාරු කිරීම හෝ ස්ථීර කිරීම දිගින් දිගටම රට වැසියා විසින් අද දක්වා කරගෙන එනවා. මේ පාලනක්‍රමයෙන් මිදීමට රට හා රට වැසියාට නොහැකිව පසු වෙනවා.

රට හා රට වැසිසියාට අහිතකර වුවද පාලකයින් හට හිතකර මෙම පාලන ක්‍රමයෙක් මිදීමට තමන්හට බලයක් නොමැති බවද රට වැසියන් දනන්නවා. රජ සංකල්පයේ රජුගෙන් මිදීමට ක්‍රමවේදයක් නොතිබුණා සේම වර්තමාන තමන්ට අහිතකර පාලන ක්‍රමයෙන් අත්මිදී තුන්වන සංකල්පයක් කරා යාමට හැකිවනු සඳහා හඳුන්වාදී ඇති ක්‍රමවේදයක් ද නැත. මේ හේතුව නිසාම වර්තමානයේ අසරණව සිටින රට වැසියාට ඇති එකම විකල්පය වන්නේ රජ සංකල්පය තුල රජුගෙන් විමුක්තිය ලැබීමට ගත් ක්‍රියා මාර්ගය පමණි. පවතින පාලන ක්‍රමයෙන් විමුක්තිය පතන රටවැසියා එබඳු විකල්ප මාර්ගයක් වෙත පිවිසීමටද ඉඩ ඇත. 1971 අප්‍රියෙල් චේගුවේරා කැරුල්ල එබඳු උත්සහයක් ලෙස හැඳින්විය හැක.

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව තුළ පදනම්ව ඇති පාලක පක‍ෂ හා විරුද්ධ පක‍ෂ නමැති බලඛෙදීමේ න්‍යාය මත රට හා රටවැසියා වෙනුවෙන් කිසිවක් කිරීමට තමන් හට බලය නැති බව දන්නා නම ගිය පාලකයෝ අවුරුදු පහෙන් පහට පාලකයින් ලෙස බලයට පත් වන අතර රට හා රටවැසියාට හෙන ගැහැව්වත් කමක් නෑ කියා තම තමන්ගේ උන්නතියට ධනය රැස් කරමින් සුර සැප විඳින කණ්ඩායමක් බවට පත් වී සිටිනවා. බලයක් ඉවත් කල හැක්කේ බලයක් තුළිනි. ඒ අනුව නීත්‍යානුකූල බලය හිමි මහජන නියෝජිත පාලකයින් හට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ ඇති මෙම වරද ඉවත් කිරීමේ හැකියාව තිඛෙනවා. එසේ දැන දැනත් ඔවුන් එය ඉවත් කරන්නේ නෑ. රට හා රටවැසියාට අහිතකර වු මෙම පාලන ක්‍රමය පාලකයින් හට සුර සැප උදාකරන ක්‍රමවේදයක් වෙලා. වංචාව, දුෂණය, සොරකම පාලකයින් හට සුලූ දෙයක් වෙලා. පවතින ක්‍රමය දඩමීමා කරගෙන ජීවත් වෙනවා.

එසේ නොමැති නම් තමන්ගේ වරප්‍රසාද වැඩි කරගැනීම සඳහා නොයෙක්වර ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව වෙනස් කිරීමට කටයුතු කරන මෙම පාලකයින් රටට හා රට වැසියාට අහිතකර වු මෙම ක්‍රමය වෙනස් නොකිරීමට හේතුව කුමක්ද? රට හා රට වැසියාට සුගතියක් උදාකර දීම සදහා අවශ්‍ය ප්‍රධාන කටයුත්ත වන බල ඛෙදීමේ න්‍යාය පදනම් කරගත් පාලක හා විපක්ෂ පාලන ක්‍රමය ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවෙන් ඉවත් කර නොදී කටයුතු කරන පාලක පිරිස වසර 71ක් පුරා විදි සුරසැප අහිමි කර ගැනීමට අකමැත්තෙන්ම තමන්ට හිතකර වූ එම පාලන ක්‍රමය දඩමීමා කරගෙන රට හා රට වැසියන් විනාශ මුඛයට ඇද දැමීමට ඉඩ හැර බලා සිටිය හැකිද? 1948 සිට රට පාලනය සදහා අවශ්‍ය වූ පාලකයින් දේශපාලන පක්ෂ තුළින් පත්වී ඇත. මුළු රට පුරාම එක් එක් පක්ෂ වෙනුවෙන් කැපවී සිටින විශාල පාක්ෂිකයින් සංඛ්‍යාවක් එම පක්ෂය තුළ රැදී සිටිනවා. එක් එක් පක්ෂවල රැදී සිටින මෙම පාක්ෂිකයින් තුළ පාක්ෂික හැගීම් දැඩි ලෙස පවතින නිසා එම කණ්ඩායම් අතර දැඩි අසමගියක් වර්ධනය වී ඇත.

මෙම පාක්ෂිකයින් තම පක්ෂ නායකයින් රටේ පාලකයින් ලෙස ජයග්‍රහණය කරවීමට දරණ උත්සාහය නිසා ඔවුන් තුළ ඇතිවී තිඛෙන අසමගිය අද වන විට තව තවත් වැඩි වී ඇත. පක්ෂ නායකයින් තම පාක්ෂිකයින් පිනවීමේ අදහසින් සෑම විටම රටේ පාලකයින් වී සිටීමට වෙර දරනු දැකිය හැකිය. බල ඛෙදී පවතින පාලන තන්ත්‍රය තුළදී රට හා රට වැසියා වෙනුවෙන් කළ හැකි දෙයක් නැති බව දැන සිටියත් මෙම පක්ෂ නායකයින් නැවත නැවතත් එම පාලන තත්ත්‍රය තුළ පාලකයින් වීමට උත්සාහ කරනු දැකිය හැකිය. මෙම හේතුව නිසාම පක්ෂ නායක එකමුතුවක් තුළින් ආණ්ඩු ක්‍රමය තුළ පවතින පාලක පක්ෂය හා විපක්ෂය යනුවෙන් බල ඛෙදූ පාලනය අහෝසි කිරීමට පියවර නොගෙන සිටිනවා වීමටද පුලූවන. මේ හේතු මත එසේ නිහඩව සිටීමෙන් පාලකයින් වන තමන්ට සුගතියක්මිස අගතියක් නොවන බව දන්නා පක්ෂ නායකයින් තුළ ඇති විය හැකි එකමුතුවක් ගැන සිතීමට පවා අපහසුය.

මෙබදු වාතාවරණයක් තුළ වුවද පක්ෂ නායකයින් තුළ එක මුතුවක් මා අපේක්ෂා කරමි. පක්ෂ නායක එකමුතුව මගින් පලකයින් හට ආණ්ඩුක්‍රමය තුළ පවතින බල ඛෙදීමේ න්‍යාය නීත්‍යානුකූලව අහෝසි කළ හැකිය. බල අරගලයේ යෙදී සිටින පක්ෂ නායකයින් වැඩි දෙනෙකුට මා විසින් යෝජිත රට වැසි ආණ්ඩුව තුළ ජනපති වරම් ලැබීමේ අවස්ථාව උදා වනවා ඇත. ඒ අනුව රටේ හා රට වැසියාගේ අභිවෘද්ධිය සදහා වර්තමාන දේශපාලන පොර පිටියේ තම තමන්ගේ දක්ෂ කම් හා හැකියාවන් කියාපාමින් සිටින අති දක්ෂ පිරිසිදු චේතනාවන්ගෙන් පෝෂණය වුණු එමෙන්ම රට වැසියා අතර වරින් වර ජනප්‍රියත්වයට පත්වෙමින් සිටින දේශපාලනඥයින් තිදෙනෙකුගේ අති උතුම් සේවය මා විසින් යෝජිත "රට වැසි ආණ්ඩු˜ සංකල්පය තුළ පක්ෂ නායකයින් අතර ඇති විය හැකි එකමුතුවක් තුළින් ලබාගත හැකි බවද මා දකිමි.

රට හා රටවැසියගේ සුගතිය තකා පාලකයින් වෙත අලූත් සංකල්පයක් මත ලබාදෙන බලය අසීමිත බලයක් විය යුතු අතර එය නොඛෙදෙන බලයක් විය යුතුය. එසේම වර්තමාන පාලන තන්ත්‍රයේ සිටින පාලක පක්ෂ සියලූම මහජන නියෝජිතයින්ගේ බලතල, වරප්‍රසාද, අයිතිවාසිකම් හා වගකීම් පවතින ආකාරයටම සුරක්ෂිත විය යුතුය. පාලක පක්ෂයේ මහජන නියෝජිතයින් හට ඇති එම සියළු බලතල, වරප්‍රසාද, අයිතිවාසිකම් හා යුතුකම් විරුද්ධ පක්ෂ මහජන නියෝජිත සියලූ දෙනාටම ඒ අයුරින්ම අදාළ විය යුතුය. විරුද්ධ පක්ෂයක් නොමැතිව අසීමිත බලයකින් රට හා රට වැසියන් ගොඩ ගැනීමේ හැකියාව සියලූම මහජන පාර්ලිමේන්තු නියෝජිතයින් සහිත "රට වැසි ආණ්ඩුවට ලැඛෙනු ඇත.˜ රට වැසියා විසින් පාර්ලිමෙන්තු මහජන නියෝජිතයින් හා ජනපතිවරු හෝ වරියන් තිදෙනා වෙත දෙනු ලබන රට වැසියා සතු වූ පරමාදිපත්‍ය බලය ඒ අයුරින්ම බලතුලනයක් තුළින් රට හා රට වැසියාගේ උන්නතිය පතා යෙදවීමේ හැකියාව උදා වෙනවා ඇත.

රට හා රට වැසියා හට වැඩ දායක නොවූ පාලක පක්ෂය හා විරුද්ධ පක්ෂය මගින් බල ඛෙදීමේ න්‍යාය මත රට පාලනය අහෝසි කිරීම සදහා දේශපාලන ෙක‍ෂ්ත්‍රයේ සිටින සියලූම පක්ෂ නායකයින්ගේ එකමුතුවක් පළමුව අපේක්ෂා කරමි. අවශ්‍ය පරිදි ආගමික නායකයින්ගේ හා බුද්ධිමතුන්ගේ සහභාගීත්වයද ඒ සදහා අපේක්ෂා කරමි. මෙම සාකච්ඡාවෙන් අනතුරුව වර්තමාන පාලක පක්ෂ හා විරුද්ධ පක්ෂ පාර්ලිමේන්තු මහජන නියෝජිතයින්ගේ කැමැත්තෙන් පාලන ක්‍රමය තුළ ඇති බල ඛෙදීමේ න්‍යාය අහෝසි කිරීමට උත්සාහ කිරීමේ හැකියාව ඇත.

පක්ෂ නායක එකමුතුවේ තීරණය අනුව ඉදිරි මැතිවරණයකදී ආණ්ඩුක්‍රම සංශෝදනයක් සදහා අවශ්‍ය 2/3 ඡන්ද ප්‍රමාණයක් ලබා ගැනීමේ උත්සාහයක් පල ගැන්විය හැකිය. මෙබ`දු උත්සාහයන්ගේ ප්‍රතිඵලයක් ලෙසින් බල ඛෙදීමේ න්‍යාය මත පදනම් වූ පාලන ක්‍රමය අහෝසි කිරීමෙන් අනතුරුව යෝජිත රජ සංකල්පය තුළින් පෝෂණය වන ජනාධිපති වරුන් හෝ වරියන් තිදෙනෙකුගේ හා තේරී පත්වන සියලූම පාර්ලිමේන්තු මහජන නියෝජිතයන්ගේ සහභාගීත්වයෙන් යුතු රට වැසි ආණ්ඩුව පිහිටුවා ගැනීමේ හැකියාව ඇත.

රජුගේ පාලනයෙන් මිදී 1948 සිට මේ දක්වා වසර 71ක් තුළ පාලක පක්ෂය හා විපක්ෂය අතර බලය ඛෙදී පැවතුනු බල පෙදීමේ න්‍යාය මත පදනම් වූ පාලනය තුළ සිරවී සිටි රට හා රටවැසියා ආණ්ඩුක්‍රම සංශෝදනය මගින් ඉන් මිදීමෙන් පසු මා විසින් විස්තරාත්මකව පැහැදිලි කෙරෙන ජනාධිපතිවරු හෝ වරියන් තිදෙනෙකුගෙන් සමන් විත අනාගත ආන්ඩවක් සකස් විය යුතු නම් ඒ සදහා එම සංකල්පය රටේ වර්තමාන පාලකයින්, දේශපාලනඥයින්, සියලූම දේශපාලන නායකයින්, ආගමික නායකයින් හා බුද්ධිමතුන් ඇතුලූ රට වැසි බහුතරයක් දෙනාගේ පිළිගැනීමක්, මනාපයක් ලැඛෙන අයුරින් පැහැදිලි හා සරල සංකල්පයක් තුළින් ප්‍රජාතන්ත්‍රවාදී පාලන තන්ත්‍රය තුළ නීත්‍යානුකූලව ස්ථාපනය කර පවත්වාගෙන යාමේ හැකියාව ඇත්තාවූ ක්‍රමවේදයක් තුළ නිර්මාණය වී ඇති බවට ඒත්තු ගැන්වීම මගින් කළ යුතු යැයි සිතමි.

රජ සංකල්පය තුළ ජනාධිපතිවරුන් හෝ වරියන් තිදෙනෙකු වරම් ලබනා
“රටවැසි ආණ්ඩුව˜

රජ සංකල්පය තුළ රජු වෙත අසීමිත කිය ඒබලයක් ඒකරාශී වී තිබූ ආකාරයෙන් යෝජිත ජනාධිපතිවරු හෝ වරියන් තිදෙනා තුළට රජු වෙත තිබූ අසීමිත, කීය ඒබලය ඒකරාශී කළ යුතුය. මේ අයුරින් දෙකෙන් ඛෙදිය නොහැකි චරිත තුනක් හෙවත් ජනාධිපති තිදෙනෙක් තුළ අසීමිත බලයක් ඒකරාශී කිරීමේදී එම බලය රජු වෙත තිබූ අසීමිත බලයට සමාන වුවද තීන්දු, තීරණ ගැනීමේදී බලතුලනයක් තුළින් තිදෙනාගේ වැඩි කැමැත්ත මත ක්‍රියා කිරීමට සැලසීම විශේෂත්වයකි. මේ මගින් අසීමිත බලය රක්ෂණය වනු ඇත.

මහා මැතිවරණයකදී තෝරා පත් කර ගනු ලබන පාර්ලිමේන්තු මහජන නියෝජිතයින්ගේ බලයත් ජනපතිවරු හෝ වරියන් තිදෙනා වෙත ඒකරාශී කර ඇති අසීමිත බලයත් එක් කළ විට නොඛෙදුන අසීමිත බලයක් බලතුලනයක් තුළින් පාලන තන්ත්‍රය තුළට ලැඛෙනවා ඇත. බලය සොයා යන ගමනේදී රට හා රට වැසියාට වැඩ දායක වන මෙම “රජ තුන් කට්ටුව˜ නමින් ජන ව්‍යවහාරයේ පවතින “බල˜ සංකල්පය සොයා ගත හැකි විය.

මීට අමතරව අධිකරණ ෙක‍ෂ්ත්‍රයේද ඒකීය බලයක් ස්ථාපනය කර ඇති හැටි දැකිය හැක. පහළ අධිකරණයේ සිට ඉහල අධිකරණය වන ශ්‍රේෂ්ඨාධිකරණය දක්වා කටයුතු කරන විනිසුරුවරුන් හෝ වරියන් හට ලැබී ඇති ඒකීය බලය ජනතා පරමාදිපත්‍ය විසින් ලබාදී ඇත. පහළ අධිකරණ වලදී විනිසුරුවන් විසින් ඒකීය බලය මත දෙනු ලබන නියෝග හා තීන්දු අභියෝගයට ලක් කරමින් අභියාචනා කිරීමේ බලය ජනතා පරමාධිපත්‍ය තුළ ඉතිරි කරගෙන තිඛෙන ආකාරයද දක්නට ඇත. අධිකරණ ෙක‍ෂ්ත්‍රය තුළට ලබා දී ඇති මෙම ඒකීය “බලය˜ අධිකරණ ෙක‍ෂ්ත්‍රයේ ඉහළම මට්ටම තුළදී හෙවත් ශ්‍රේෂ්ඨාධිකරණය තුළදී අභියෝගයට ලක් කළ නොහැකි සේ රජු වෙත තිබූ ඒකීය “බලය˜ට සම තත්වයකට බලවත්ව ස්ථාපනය කර තිඛෙන ආකරය දක්නට හැකිය. පරමාධිපත්‍යයේ උපත වන මිනිසා විසින් ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවන් වෙත ලබා දී ඇති මෙම ඒකීය බලය පාවිච්චි කර මින් තමන් වෙත එම බලය ලබා දුන් මිනිසා නීත්‍යානුකූලව ජීවිතක්ෂයට පත් කිරීමේ නියෝග දීමේ හැකියාවද ඔවුන් වෙත පවරා තිඛෙන හේතුව නිසාම ශ්‍රේෂ්ඨාධිකරණයට ඇති එම බලය රජු වෙත තිබූ අසීමිත බලයට නොදෙවෙනි හා ඒ සමාන “බලය˜ ක් බව පැහැදිලිය.

අධිකරණ ෙක‍ෂ්ත්‍රය තුළ ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවන් වෙත එබදු අසීමිත කීය බලයක් හිමිකර දීමට ජනතාවට තම පරමාධිපත්‍ය බලය මගින් හැකියාව තිඛෙන හේතුව මත රට හා රට වැසියා පාලනය සදහා ප්‍රජාතන්ත්‍රවාදය තුළ පවතින ජනතා නියෝජිත පාර්ලිමේන්තු පාලන ක්‍රමයේ ඉහළම පෙත්ත හෙවත් තනතුර ලෙස හැදින්වෙන “ජනාධිපති˜ තණතුර තුලටද එබදුම අසීමිත කීය බලයක් දීමට හැකියාවක් ඇති බව පැහැදිලිය. ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවන් වෙත ලැබී ඇති අසීමිත කීය බලය මඩුලූ හෙවත් කට්ටු ක්‍රමය නමැති ක්‍රමවේදය තුළින් ක්‍රියාත්මක වන ආකාරය දැකිය හැකිය. රට හා රට වැසියාට බලපාන වැදගත් වූ කරුණු වලදී මෙම දෙකෙන් නොඛෙදෙන විනිසුරු මඩුලූ හෙවත් කට්ටු විසින් දෙනු ලබන තීන්දු හා නියෝග කා විසිනුත් පිළිගැනීමේ සම්ප්‍රදායට රට වැසියා හුරු පුරුදු වී සිටින බැවින් එබදු බලයක් වර්තමාන රටේ පාලන තන්ත්‍රයේ ඉහළ පෙත්තේ ස්ථාපනය කර ඇති ජනාධිපති තණතුරට ලබා දිය හැකිය.

රට වැසියා විසින් පාලනය සදහා ඡන්දයෙන් තෝරා පත්කර ගනු ලබන ජනතා නියෝජිතයින් හට එබදු අසීමිත බලයක් ලබා දීම මගින් රට හා රට වැසියාගේ උන්නතිය සදහා වැඩ කිරීමේ හැකියාවක් ඔවුන් හට ලබාදිය යුතුය. දහා අධිකරණ ෙක‍ෂ්ත්‍රයේ මුදුන් පෙත්තේ ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවන් දෙකෙන් නොඛෙදෙන විනිසුරු මඩුලූ මගින් ක්‍රියා කරන ක්‍රමවේදය ජනාධිපති තණතුර වෙතද හදුන්වා දිය යුතුය. දෙකෙන් නොඛෙදෙන ජනාධිපති මඩුල්ලක් ඒ සදහා පාලන තන්ත්‍රයේ මුදුන් පෙත්ත තුළට එක්කල යුතුය. ඒ සදහා අද පවතින මැතිවරණ ක්‍රමය තුළින් ජනාධිපතිවරු හෝ වරියන් තිදෙනෙකු තෝරා පත්කරගත යුතුය. ඒ සදහා ක්‍රමවේදයක් හදුන්වා දිය යුතුය.

මේ අයුරින් මා විසින් යෝජිත උපරිම බලය උපයෝගී කරගනිමින් රජ සංකල්පයෙන් පෝෂණය වන ජනපතිවරු හෝ වරියන් තිදෙනෙකුගෙන් හා රට වැසියා විසින් මැතිවරණයකදී තෝරා පත්කරගන්නා සමාන වරප්‍රසාද බලතල අයිතිවාසිකම් හා යුතුකම්වලින් පෝෂණය වන මහජන නියෝජිත පිරිසගේ එකමුතුවෙන් පිහිටුවන මෙම රජය බලවත් රජයක් වන්නේය. මෙය "පුරවැසි ආන්ඩුව˜ යනුවෙන් නම් කළ හැක. මේ සදහා පළමුව වර්තමාන පාලක මෛත්‍රීපාල සිරිසේන ජනාධිපති උතුමානන්ද, අගමැති රනිල් වික්‍රමසිංහ මැතිතුමන්ද, විරුද්ධ පක්ෂ නායක මහින්ද රාජපක්ෂ මැතිදුන්ද ඇතුලූ සියලූම දේශපාලන පක්ෂ නායකයින් ඇතුලූ සියලූම මහජන නියෝජිතයින්ගේද සියලූම ආගමිකයින්ගේ හා බුද්ධිමතුන්ගේද සහභාගීත්වයෙන් කෙරෙන සාකච්ඡාවක් අපේක්ෂා කරමි.
පවතින පාලන ක්‍රමය වෙනස් කිරීම සදහා නීත්‍යානුකූල බලය ඇත්තේ පාර්ලිමේන්තු මහජන නියෝජිතයින් හට බැවින් සියලූ දෙනා විසින් මේ සදහා සම්මුතියක් ඇතිකර ගනිමින් ආන්ඩු ක්‍රම ව්‍යවස්ථාව සංශෝධනය ස`දහා කටයුතු කළ යුතුය.

  1. ඉන් අනතුරුව පවතින දේශපාලන පක්ෂ ක්‍රමය හා මැතිවරණ ක්‍රමය අනු සාරයෙන් ජනපතිවරු හෝ වරියන් තිදෙනෙකු පත්කරගත යුතුය. ජනාධිපතිවරණයේදී එක් එක් පක්ෂයකින් අපේක්ෂකයින් දෙදෙනෙකු නම් කළ යුතු අතර ඒ දෙදෙනා එකම ජාතියකින් විය යුතුය. (One Race ) ජනාධිපතිවරණ ප්‍රතිඵල අනුව වැඩිම මනාප සංඛ්‍යාවක් ගන්නා පක්ෂයේ වැඩිම මනාප ලබාගෙන ඇති අපේක්ෂකයා ද දෙවන ස්ථානයට මනාප ගන්නා පක්ෂයේ වැඩිම මනාප ලබාගෙන ඇති අපේක්ෂකයාද තුන්වන තැනට මනාප ලබාගත් පක්ෂයේ වැඩිම මනාප ලබා ඇති අපේක්ෂයාද ජනාධිපති වරුන් ලෙස තෝරා ගත යුතුය.
  2. සියලූම පක්ෂ නියෝජනය වන පරිදි අමාත්‍යමණ්ඩලයක් පත් කරගත යුතුය.
  3. විරුද්ධ පක්ෂ්‍යක් නොමැති බැවින් සියලූම මහජන නියෝජිතයින් සමාන බලතල, වරප්‍රසාද, අයිතිවාසිකම් හා යුතුකම්වලින් හෙබි අයවලූන් ලෙස හ`දුනාගත යුතුයි. සියලූ දෙනාම පාලනයේ හවුල් කරුවන් විය යුතුයි.
  4. ජාතික ප්‍රතිපත්තියක් මත ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සකස් විය යුතුය.
  5. ජාති භේදයෙන්, ආගම් භේදයෙන් හා පක්ෂ භේදයෙන් තොරව සියලූම රට වැසියාගේ අයිතිවාසිකම් යුතුකම් හා වගකීම් සමානව රක්ෂණය කළ යුතුයි.
  6. වෙනත් සියල්ල පත්වන පාලකයින්ට මනාප පරිදි සකසා ගත හැක.

ලැඛෙන ප්‍රතිඵල
1948 සිට පැවතෙන පක්ෂ ක්‍රමය තුළ ඛෙදී විසිරී සිටින සිංහල රට වැසියා එකතු වීම උදා විය හැකි දහසකුත් එකක් වන ප්‍රතිඵල අතුරින් ප්‍රධානම පලය ලෙස දකින අතර එමගින් රටේ හා රට වැසියාගේ දියුණුව කඩිනමින් හා සීඝ්‍රයෙන් සිදුවනු ඇත.

ඒ තුළ මා දකින තවත් දහසක් ප්‍රතිඵලද පාලන තන්ත්‍රය තුළින් දැකිය හැකි වනු ඇත.
ලෝකයේ පැවති පාලන ක්‍රම කොතෙකුත් ඇත. එසේ පවතින පාලන ක්‍රමද කොතෙකුත් ඇත. ඒ අතර ජාත්‍යන්තර අනුමැතිය ලබන හා නොලබන පාලන ක්‍රමද දක්නට ඇත. මෙබ`දු පාලන ක්‍රම කොතෙකුත් අසන්න හා දකින්න තිබුනද ඒ කිසිවක පිටුවහලක් නොලබමින් මෙම “රට වැසි ආණ්ඩුව˜ සංකල්පය නිර්මාණය කරන ලද්දේ අපේ රටේ අතීතය අපේ රටේ වර්තමානය හා අපේ රටේ අනාගතයත් රට වැසියාගේ අතීතයත් රට වැසියාගේ වර්තමානයත් රට වැසියාගේ අනාගතයත් යන සියල්ල සැලකිල්ලට ගනිමින් රට හා රට වැසියාට තුන්කල් සැනසුමක් හා යහපතක් පමණක් අපේක්ෂා කරමිනි.
අවසන්

කාලෝචිත සංවාදයකට කැමැත්තෙන් සිටිමි.
නීතිඥ, ජේ .ඒ. කුලරත්න
හික්ගොල්ල වත්ත,
බාදුරාගොඩ පාර,
වේයන්ගොඩ.
දුරකථන : 033-2287844/077-6368647

පිලිගැන්වීම,

  1. ජනාධිපති තුමා
  2. අගමැති තුමා
  3. විරුද්ධ පක්ෂ නායක තුමා
  4. කථානායක තුමා
  5. සියලූම පක්ෂ නායකතුමන්ලා
  6. සියලූම ආගමික නායක පූජ්‍ය වන්දනීය පූජනීය උන්වහන්සේලා
  7. සියලූම රට වැසි බුද්ධිමතුන් හා රට වැසියන් වෙත
  8. සියලූම පාර්ලිමේන්තු මහජන නියෝජිතයින්

රටක් පාලනය වන්නේ රටේ මුලික නීතිය වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව මගිනි රටේ ප්‍රධාන පුරවැසියාගේ සිට සමස්ථ රටම එම ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට ගරුකරමින් එම ව්‍යවස්ථාවට අනුව කටයුතු කිරීම කලයුතුය සාමන්‍යයෙන් ලෝකයේ සෑම රටක්ම ව්‍යවස්ථාවක් මගින් එම රටේ පාලන ක්‍රම වේදය පිළිඹිබු කරනු ලබයි.

එහෙත් එවැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් නොමැතිව සුපිරි ප්‍රජාතන්ත්‍රවාදයක් ඇති රටක් වශයෙන් සැලකෙන්නේ එංගලන්තයයි එහි ව්‍යවස්ථාවක් නොමැත ඇත්තේ එහෙත් ව්‍යවස්ථාමය ලියවිල්ලක් නොමැති වුවද ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් ඇති රටකට වඩා හොදින් ප්‍රජාතන්ත්‍රවාදය ක්‍රියාත්මකවෙයි ඒ එම රටේ සම්ප්‍රදායට රටේ සියලු දෙනාම ගරු කිරීම නිසාය තවත් රටවල් කිහිපයක ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් තිබුණද එය නිසි පරිදි ක්‍රියාත්මක නොවෙති ඒ සදහා රටේ අභ්‍යන්තර හේතු කරනා රැසක් ඒ සදහා බලපා තිබීම නිසාය

අපේ රටේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව 1948 සුදු අධිරාජ්‍යා මෙරටට නිදහස ලබාදෙන අවස්ථාවේ තිබූ ව්‍යවස්ථාව සහ අද දක්වා ඇතිවූ නව ව්‍යවස්ථා සහ සංශෝධනයන් සම්බන්ධයෙන් පැහැදිළි කරගැනීම කලයුතුය . අපි මේ මොහොතේ රට පාලනය වන්නේ 1978 දී මෙරටට හදුන්වා දුන් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවයි එම ව්‍යවස්ථාව අවස්ථා ගනකදී සංශෝධනය වී ඇත අවසන් වශයෙන් සංශෝධනය වුයේ 2015 වර්ෂයේදීය ඒ 19 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයයි.

ඒ ආකාරයට 1978 ව්‍යවස්ථාවට 19 වතාවක් සංශෝධන එක්කර ඇත ලෝකයේ මෙතරම් සංශෝධන ගෙනා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් තිබේදැයි හදුනා ගැනීමට නොහැක ඒ නිසා අපේ රටේ ව්‍යවස්ථාව සංශෝධනයෙන් එහාට ගිය රටට පූර්ණ නව ව්‍යවස්ථාවක් ඇතිකිරීමේ අවස්ථාවක් තදින්ම දනී ඇති යුගයක මෙරට දීර්ඝ කාලයක් නීති ශේත්‍රයේ කටයුතු කල සමාජ විද්‍යාව මෙන්ම දේශීය පරිපාලන ක්‍රමයන් පිළිබද හසල දැනීමක් ඇති සමාජ ක්‍රියාකාරිකයෙකු වශයෙන් වර්තමානයේ කටයුතු කරන නීතිඥ ජේ.ඒ. කුලරත්න මහතා ව්‍යවස්ථාවක් සදහා නව ව්‍යවස්ථා කෙටුම්පතක් පසුගියදා රටට හදුන්වා දෙමින් මෙම අදහස් පලකරන ලදී.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *