හිටපු බස්නාහිර පළාත් සභා මන්ත්‍රී කාමල් කුරුප්පුගේ පුද්ගලික මුදලින් ඓතිහාසික රද්දල්ගොඩ ‍ ජිනේන්ද්‍රාරාම පුරාණ විහාරස්ථානයට ප්‍රවේශ ද්වාරයක්

හිටපු බස්නාහිර පළාත් සභා මන්ත්‍රී කාමල් කුරුප්පුගේ පුද්ගලික මුදලින්  ඓතිහාසික රද්දල්ගොඩ ‍ ජිනේන්ද්‍රාරාම පුරාණ විහාරස්ථානයට ප්‍රවේශ ද්වාරයක්
ඔහු සිදුකලේ උදාර සේවයක්—-මහෝපාධ්‍ය පන්නිල ආනන්ද නාහිමි 

රද්දල්ගොඩ ‍ ජිනේන්ද්‍රාරාම පුරාණ විහාරස්ථානයේ  අභිනවයෙන් ඉදිකරන ලද ප්‍රවේශ ද්වාරය විවෘත කිරීම ඓතිහාසික අත්තනගල්ල ශ්‍රී අරහන්ත රජමහා විහාරාධිපති සීනාදී සිව් කෝරළයේ ප්‍රධාන සංඝනායක මහෝපාධ්‍ය පන්නිල ආනන්ද නාහිමි ගේ  ප්‍රධානත්වයෙන් සිදුවිය

මෙම ප්‍රවේශ ද්වාරය සඳහා අනුග්‍රහය ලබාදී ඇත්තේ හිටපු බස්නාහිර පළාත් සභා මන්ත්‍රී කමල් කුරුප්පු මහතා ය
බස්නාහිර පළාතේ ගම්පහ දිස්ත්‍රික්කයේ හාපිටිගම කෝරළයේ පිහිටි මෙම විහාරය ඓතිහාසික වටිනාකමින් යුක්ත වන අතර දකුණු ආසියාවේ කුඩාම ටැම්පිට විහාරය මෙහි ඉදිකර ඇත   මෙම විහාරස්ථානයේ අතීතය මහනුවර යුගය දක්වා දිව යයි  

ප්‍රවේශ දාරය ඉදිකිරීම සඳහා 2018-05-12 දින අස්ගිරි පාර්ශවයේ මහනායක වරකාගොඩ ඥානරතන නාහිමි අතින් මුල්ගල තබන ලදී   වසරක් වැනි කෙටි කලක් තුළ ඉදිකර අවසන් කිරීමට හැකිවිය මේ සඳහා කාමල් කුරුප්පු මහතා රුපියල් ලක්ෂ 40 ක පමණ මුදලක් වැයකර ඇත

මෙම අවස්ථාව සඳහා පාර්ලිමේන්තු මන්ත්‍රී විජේදාස රාජපක්ෂ මහතා ද එක්වූ අතර ඔහු විසින් ප්‍රවේශ දාරයේ පුවරුව නිරාවරණය කිරීමද සිදුවිය  
 කාමල් කුරුප්පු මහතා සිය පුද්ගලික ධනය වැයකර ඉදිකළ මෙම ක්‍රියාව අගය කිරීම වෙනුවෙන් විහාරයේ සංඝයා වහන්සේලා සහ දායක සභාව එක්ව ඇගයිමේ සම්මානයක් ලබාදීමද සිදු විය  එම ඇගයීමේ සම්මානය පන්නිල ආනන්ද නාහිමි අතින් ඔහුට ලබා දීම සිදුකෙරෙණි

මෙහිදී සිදු වූ තවත් විශේෂත්වයක් වනුයේ කොළඹ ආනන්ද විද්‍යාලයේ ඉගෙනුම ලබන 7 වසරේ කමෙිෂ් නිමිනාද කුරැප්පු  ශිෂ්‍යයා විසින් ඓතිහාසික රද්දල්ගොඩ ජිනේන්ද්‍රාරාම පුරාණ විහාරස්ථානය පිළිබදව රචනා කළ ග්‍රන්ථය එළිදැක්වීම යි එම ග්‍රන්ථය ආනන්ද නාහිමි ප්‍රදානය කර අනතුරුව සෙසු මහා සංඝරත්නයට පිළිගැන්වීමද සිදු කෙරෙනි

කාමල් කුරුප්පු මහතා සිදුකරන ලද මෙම උදාර සේවාව සියලුදෙනාම අගය කළ යුතුව ඇතැයි ද  සිය පුද්ගලික ධනය පරිත්‍යාග කරමින් මෙවන් සේවාවක් සිදුකිරීම අද සමාජයට ආදර්ශමත් බවද මෙහිදී පන්නිල ආනන්ද නායක හිමි ප්‍රකාශ කළේය

මෙහිදී හිටපු බස්නාහිර පළාත් සභා මන්ත්‍රී  කාමල් කුරුප්පු මහතා මෙසේ සඳහන් කළා

ඇත්ත වශයෙන්ම මේ පලාතේ අපේ හතර පේරුවේ දායක අය සහ මිරිගම කොට්ඨාසය් සියලු දෙනාගේ සහයෝගයෙන් මම වසර 10ක් බස්නාහිර පළාත් සභාව නියෝජනය කරනවා   අපේ කාලය තුළ මම යම් ශාසනික සේවාවක්  වගේම අධ්‍යාපනයට යම් සේවාවන් මෙන්ම සමාජීය වශයෙන්ද යම් කටයුතු ප්‍රමාණයක් මම කරන්න ඇති

ගිය අවුරුද්දේ කඨින පිංකම අපි භාරගෙන අපි උත්සවය කරපු දවසේ අපිට හිතුනා විහාරස්ථාන වෙනුවෙන් අපි යම් දෙයක් කළ යුතුයි කියලා 
ඒ ඉල්ලීම අපි නායක හාමුදුරුවන්ගෙන් කරපු අවස්ථාවේදී මේ විහාරස්ථානයේ පැවති අඩුපාඩුවක් පෙන්නල දුන්නා      ඒ වෙලාවෙ මගේ අම්මත් මගේ නෝනාත් ඒ සඳහා මට පුදුම රුකුලක් දුන්නා   

විහාරාධිපති  ගල්ගමුවෙි සද්ධාතිස්ස හිමි ගේ අනුශාසකත්වයෙන් මෙම උත්සවය සංවිධානය කර තිබුණි


Leave a Reply

Your email address will not be published. Required fields are marked *