මෙවර උසස් පෙළ ජීව විද්‍යා ප්‍රශ්න පත්තරය යළි සකස් කරන්න නැතිනම් වෛද්‍යවරු පවා බිහිවීම අපේ රටේ අඩු වෙයි—- විද්‍යාපීඨ හා උපාධිධාරී ගුරු හා මව්පිය සංසදය

මෙවර උසස් පෙළ ජීව විද්‍යා ප්‍රශ්න පත්තරය යළි සකස් කරන්න නැතිනම් වෛද්‍යවරු පවා බිහිවීම අපේ රටේ අඩු වෙයි—– විද්‍යාපීඨ හා උපාධිධාරී ගුරු හා මව්පිය සංසදය

මෙවර අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ නව ජීව විද්‍යා විෂය නිර්දේශය යටතේ ඒකක දහයක් පැවතියද පාසල් සිසුන්ට ඒකක පහක දැනුම පමණක් ලබාදීමට සිදුවු බැවින් , ඵම ඒකක පහ යටතේ ජීව විද්‍යා ප්‍රශ්ණ පත්රය සකස් කරන ලෙසට අධ්‍යාපන අමාත්‍යාංශයෙන් ඉල්ලා සිටින බව විද්‍යාපීඨයේ හා උපාධිධාරී ගුරු හා මව්පිය සංසදය ඊයේ (16) ගම්පහදී මාධ්‍ය හමුවක් පවත්වමින් පැවසීය..

නව ජීව විද්‍යා විෂය නිර්දේශය ඉංග්‍රීසි මාධ්‍යය සදහා විෂය නිර්දේශ ගුරු අත්පොත් 2017 වසරේ සිට අන්තර්ජාලය ඔස්සේ කඩින් කඩව හෝ මුදාහලද සිංහල භාෂාවෙන් ගුරු අත්පොත් මුදාහැරීම 2019 මැයි මස සිට සිදුවු බැවින් සිංහල භාෂා මාධ්‍යයෙන් ජීව විද්‍යා නව නිර්දේශය මත හැදෑරීම සිදු කළ පාසල් සිසුන්ට දැඩි අසාධාරණයක් සිදුව ඇති බවත් මේ අනුව උසස් පෙළ විභාගය ආරම්භ කෙරෙන අගෝස්තු 5 වෙනි දින පැවැත්වීමට නියමිත නව විෂය නිර්දේශයට අදාල ජීව විද්‍යා ප්‍රශ්ණ පත්‍රය ලබාදීම එම විභාගය අවසානයේදී ( විද්‍ය විෂය ධාරාවේ අවසානයේදී ) පැවැත්වීමට කටයුතු සලසා දෙන ලෙසට ඉල්ලා සිටින බවත් මෙහිදී ප්‍රකාශ කළහ.

මෙහිදී අදහස් දැක්වූ පුහුණු විද්‍යපීට හා උපාධිධාරී ගුරු සංගමයේ සාමාජික මංජුල විජේරත්න මහතා අදහස් දක්වමින් :- “

2019 නව ජීව විද්‍යා විෂය නිර්දේශය යටතේ පළමු වරට මෙවර උසස් පෙළ විභාගයට පෙනී සිටින සිසු සිසුවියන්ට දැඩි ගැටළුවක්ට මුහුණ පෑමට සිදුව තිබෙනව. මේ නිසා මෙවර ජීව විද්‍යා ප්‍රශ්ණ පත්‍රය සම්බන්ධයෙන් සහනයක් සලසන ලෙස අපි මව්පිය සංසදය වශයෙන් ඉල්ලා සිටිනව. ජීව විද්‍යා විෂය දරුවන් ඉතා උනන්දුවෙන් හැදෑරුවත් 2017 වසරේ හදුන්වා දුන් නව ජීව විද්‍යා විෂය නිර්දේශය යටතේ සිසුන් දැඩි අපහසුතාවයකට පත්ව සිටිනව. මේ නිසා ඉදිරියේදී ජීව විද්‍යා විෂය හැදෑරීමේ සිසුන් යොමු නොවීම මත රටේ වෛද්‍ය වරුන් බිහිවීමේ අඩුවක් පවා විය හැකියි.

ජීව විද්‍යා නව විෂය නිර්දේශය සම්බන්ධයෙන් වගකිවයුතු අයට අපි පෙන්වා දෙනු ලැබූවත් මෙය සැලකුවේ නැහැ. මෙය නොසැලකිලිමත්කම සහ විෂය පිළිබඳ දැනුවත් කමක් නැතිකම නිසා සිදුවූවක් කියලයි අපි හිතන්නෙ. මේ විෂය මේ විදියට කප්පාදුවට ඉඩදිය නොහැකියි.

නව විෂය නිර්දේශය යටතේ ගුරුවරුන්ට ඉගැන්වීමට හැකිව ඇත්තේ ඒකක පහක් පමණයි. පසුගිය ජුනි මාසය මුලදී අලුතින් 2021 වසරේ උසස් පෙළ විභාගයට පෙනී සිටින සිසුන් ඇතුළත් වනවිට මෙවර උසස් පෙළ පෙනී සිටින සිසුන් පාසල් ඉවත්වීම සිදු උනා. පාස්කු බෝම්බ ප්‍රහාර නිසා නියමිත කාලයෙදි පාසල් ආරම්භ කළ නොහැකිවු නිසා මාසයක් පමණ පමා උනා.මේ නිසා කිසිම පාසලකට ජීව විද්‍යා විෂය යටතේ ඒකක සියල්ල සම්පූර්ණ කළ නොහැකි වුනිසා ඒකක පහක යටතේ පමණක් ප්‍රශ්ණ පත්‍රය සැකසීම කරන ලෙසයි අපි ඉල්ලා සිටින්නේ.

ඉංග්‍රීසි මාධ්‍ය යටතේ කලින් වරින් වර නව ජීව විද්‍යා විෂය නිර්දේශ ඒකක ගුරු අත්පොත නිකුත් කළද සිංහල භාෂාවෙන් ඒකක 1 , 2 සහ 3 ගුරු අත්පොත අන්තර් ජාලයට මුදා හැරීම සිදු කළේ 2019 මැයි මාසයේ 2 වෙනිදායි. ඒකක 5 මුදා හැරීමසිදු කළේ ඉන් පසුව. ජුනි 28 ඒකක 8 සහ 9 මුදාහැරීම සිදුකළා. ඒකක 6 සහ 7 මුදාහැරියෙ ජුලි 2 වෙනිදාය. 5 වෙනි ඒකකය අන්තර්ජාලයට මුදා හැරීම සිදු කළේ ජුලි 5 වෙනිදායි. මේ වනවිට විභාගයට පෙනී සිටින සිසු සිසුවියන් පාසල් එන්නේ නැහැ.

මේ තත්ත්වය යටතේ දරුවෝ විශාල අසහනයකට පත්ව සිටිනව.දරුවන් පමණක් නොව මව් පියන් සහ ගුරුවරුන් ලෙස අපිත් විශාල අසහනයකට පත්ව සිටිනව.

මේ නිසා නව ජීව විද්‍යා විෂය නිර්දේශය යටතේ ඒකක පහ දක්වා පමණක් ප්‍රශ්ණ පත්‍රයට ඇතුලත් කරමින් සිසු දරුවන්ට සහනයක් සලසන ලෙස අපි අධ්‍යාපන අමාත්‍ය වරයා ඇතුළු බලධාරීන්ගෙන් ඉල්ලා සිටින අතරම මෙවර උසස් පෙළ විභාගය ආරම්භයේ අගෝස්තු 5 වෙනි දින පැවැත්වීමට නියමිත ජීව විද්‍යා ප්‍රශ්ණ පත්‍රය දින 30 ක් පමා කොට විභාගය අවසානයේදී පවත්වන ලෙසත් අපි ඉල්ලා සිටිනව.

ඒ වාගේම ජීව විද්‍යාව විෂයේදී පාරිභාෂික ශබ්ද මාලාව නිවැරදි විය යුතුයි. මෙය හරියට සලකනව.මෙය ඉතා සියුම්ව බලන ප්‍රශ්ණ පත්‍රයක්.මෙයින්ද සහනයක් සලසන ලෙස ඉල්ලා සිටිනව.මොකද අපිට ජීව විද්‍යා නව විෂය නිර්දේශය ලබා දීම කළ මුත් ඉගැන්වීම් කළයුතු සීමාවන් සහ වචන අපට ලැබුනේ නැහැ. සම්පත් පොත ලැබූනු පසුවයි අපි භාවිතා කළ යුතු වචන දැනගත්තේ. මේ පොත ලැබෙන විට සිසුන් පාසල්වවල නැහැ. මීට ජාතික අධ්‍යාපන ආයතනය වගකිව යුතුයි.”

කීර්ති ජයතිලක මහතා. ( සංසදයේ ලේකම්) :-

” දරුවන් පළමු ශේණියෙහි සිට උසස් පෙළ දක්වා පාසල් යවල විවිධ දුෂ්කරතා මධ්‍යයේ අවුරුදු 13 අධ්‍යාපන ලබාදීම සිදු කරල, ඵල නෙලා ගන්නා අවස්ථාවේ , ජීවිතයේ තරගකාරීම විභාගයට මුහුණ දීමට සිදුවන අවස්ථාවයි. මේ අවස්ථාවේදී තමයි ළමයින්ට බලාපොරොත්තු නොවුන ගැටළුකවට මුහුණ දීමට සිදුව තිබෙන්නේ. මෙය මේ රටේ ජීව විද්‍යාවෙන් අධ්‍යාපනය හදාරන ලක්ෂ සංඛ්‍යාත සියලුම දරුවන්ට බලපාන ගැටලුවක්.

ඒවගේම මෙය ලබන මාසයේ පැවැත්වෙන උසස් පෙළ ජීව විද්‍යා අංශයෙන් පෙනී සිටින සියලුම සිසු කණ්ඩායම් වලට බලපාන. මෙය ජාතික මට්ටමේ ගැටළුවක් බවට පත්වෙලා තිබෙනව. මෙය අහඹු ලෙස ඇතිවු ගැටළුවක් නොවෙයි.මෙය හිතා මතා ඇති කළ ගැටලුවක්. මේ ගැන දැනුවත් කළද විසදුම් ලැබූනේ නැහැ.ඉදිරියේදී මෙවන් තත්ත්වයක් ඇති නොවීමට නිවැරදි යාන්ත්‍රණයක් ඇති කළ යුතුයි , යන්න අපි පෙන්වා දෙනවා.”

මෙහිදී විද්‍ය පීඨ ජීව විද්‍යා සංගමයේ සභාපති ඩී.ඒ.ඩී.ඉෂාන්ත මෙසේ අදහස් දැක්විය

ජාතික අධ්‍යාපන ආයතනය හා අධ්‍යාපන අමාත්‍යංශය මේ කටයුත්ත දැන් වහගෙන තමයි ඉන්නේ මෙම ප්‍රශ්නය අධ්‍යාපන අමාත්‍යංශයට ඉදිරිපත් උනාට අධ්‍යාපන අමාත්‍යවරයාගේ එක් අවස්ථාවක අදහස වූයේ මේක ටියුෂන් ගුරුවරුන්ගේ ගැටලුවක් කියා බලන්න අවශ්‍ය නැහැ කියලා නමුත් සියළු ජීව විද්‍යාව උගන්වන ගුරුවරුන්ට මෙය බලපානවා

සියලු ගුරුවරුන්ට විෂය නිර්දේශය ද නිකුත් කරලා තියෙන්නේ මාසයකට කලින් ඒක නිසා ගුරුවරුන්ට ඉගැන්වීමට අවස්ථාවකුත් නෑ ළමයින්ට ඉගෙන ගැනීමට අවස්ථාවකුත් නැහැ

වෛද්‍ය සිඩ්නි පෙරේරා යන මහත්වරුන්ද අදහස් දැක්වූහ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *