තිරිගු පිටි කිලෝව රුපියල් 8කින් නගී

තිරිගු පිටි කිලෝව රුපියල් 8කින් නගී

තිරිඟු පිටි කිලෝවක මිල ඊයේ (16දා* සිට ක‍්‍රියාත්මක වන පරිදි රුපියල් 8 කින් ඉහළ දමා ඇතැයි තිරිඟු පිටි බෙදා හරින නියෝජිත ආයතන පවසයි.

එහෙත් රජය විසින් තිරිඟු පිටිවල බදු වැඩි කිරීමක් සිදු කර නැතැයි මේ සම්බන්ධයෙන් කළ විමසුමකට පිළිතුරු දෙමින් මහා භාණ්ඩාගාරයේ උසස් නිලධාරියෙක් කීවේය.

තිරිගු පිටි මිල සමාගම්වලට අවශ්‍ය ආකාරයට සංශෝධනය කළ නොහැකි බවත් ඊට හේතුව තිරිගු පිටි අත්‍යවශ්‍ය භාණ්ඩයක් ලෙස හඳුන්වමින් පාරිභෝගික කටයුතු අධිකාරිය විසින් තිරි`ගු පිටි කිලෝ එකක් සඳහා රුපියල් 87.00 ක උපරිම සිල්ලර මිලක් නියම කර තිබීම බවත් මේ සම්බන්ධයෙන් පාරිභෝගික අයිතීන් සුරකීමේ ජාතික ව්‍යාපාරය පවසයි.

මෙසේ කිසිදු හේතුවක් නොමැතිව තිරි`ගු පිටි මිල වැඩි කිරීම නිසා බේකරි නිෂ්පාදනවල මිල ඉහළයෑමට හැකියාවක් ඇති බව ද එම සංවිධානය කියයි.

රජයේ උපරිම සිල්ලර මිල අනුව කටයුතු කරමින් තිරි`ගු පිටි වැඩි මිලට අලෙවි කරනු ලබන ව්‍යාපාරිකයින්ට නීතිය ක‍්‍රියාත්මක කරන ලෙස පාරිභෝගික කටයුතු අධිකාරිය භාර ඇමැතිවරයා වන බුද්ධික පතිරණ ඇමැතිවරයාගෙන් ඉල්ලා සිටින බව ද පාරිභෝගික අයිතීන් සුරැුකීමේ ජාතික ව්‍යාපාරය තවදුරටත් පවසයි.

දිවයින

Leave a Reply

Your email address will not be published. Required fields are marked *