විශ්වාසභංගයට සහය ඉල්ලා බලකරමින් ආර්. සම්බන්ධන් මහතාගේ ත්‍රිකුණාමලය නිවස ඉදිරිපිට විරෝධතා

පාස්කු ඉරුදින සිදුවූ ත්‍රස්ත ප්‍රහාරය මැඩ පැවැත්වීමට ආණ්ඩුව අපොහොසත් වීම නිසා ආණ්ඩුවට එරෙහි ජනතා විමුක්ති පෙරමුණේ විසින් ඉදිරිපත් කර ඇති විශ්වාසභංග යෝජනාවට සහාය දෙන්නැයි බලකරමින් දෙමළ ජාතික සන්ධානයේ නායක ආර්. සම්බන්ධන් මහතාගේ ත්‍රිකුණාමලය නිවස ඉදිරිපිට ඊ.පි.ආර්.එල්.එෆ් පක්ෂය විසින් අද (11) පෙරවරු 9.30 ට පමණ විරෝධතාවයක් පැවැත්විණි.ඊ.පි.ආර්.එල්.එෆ් පක්ෂයේ ත්‍රිකුණාමල සහ මඩකලපුව දිස්ත්‍රික්කවල නඟර සභා, ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරුන් විසින් මෙම විරෝධතාවය පවත්වමින් තිබේ.

One thought on “විශ්වාසභංගයට සහය ඉල්ලා බලකරමින් ආර්. සම්බන්ධන් මහතාගේ ත්‍රිකුණාමලය නිවස ඉදිරිපිට විරෝධතා

Leave a Reply

Your email address will not be published. Required fields are marked *