මාවනැල්ල ප‍්‍රාදේශීය සභාව උණුසුම් සභාවට පොලිසියත් කැදවයි

සභාපතිවරයා හා විපක්ෂ මන්ත‍්‍රීවරුන් අතර උණුසුම් වචන හුවමාරුවක්

කෑගල්ල සමන් විජය බණ්ඩාර

මාවනැල්ල ප‍්‍රාදේශිය සභාවේ මහා සභාව පැවැති අද 09 සභාව පවත්වාගෙන යෑමට විපක්ෂයේ මන්ත‍්‍රීවරුන් නැගිට බාධා කරන බව පවසමින් මාවනැල්ල ප‍්‍රාදේශිය සභාවේ සභාපතිවරයා විසින් සභාව පැවැත්වෙන අතරවාරයේදි මාවනැල්ල පොලිසියේ ස්ථානාධිපතිවරයාට දුරකථන ඇමතුමක් ලබා දි සභාවට පොලිස් කණ්ඩායමක් ගෙන්වා ගත්තාය.

මාවනැල්ල ප‍්‍රාදේශිය සභාවේ මන්ත‍්‍රීවරුන්ගේ මාසික සභා රැුස්විමට පැවැත්වුයේ එහි සභාපති එජාපයේ අනුර චන්දන ජයන්දල මහතා මුලිකත්වයෙනි.

සභාව ආරම්භ කරමින් පසුගිය සභා වාර්තාව සභා සම්මත කිරිම ආණ්ඩු පක්ෂ වන එජාපයේ මන්ත‍්‍රී පුතුල උඩගම මහතා විසින් සිදු කර නමුත් විපක්ෂ නායක පොදුජන පෙරමුණේ කේ.ජි පියතිස්ස මහතා මෙන්ම ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂයේ එම්.එස්. කාමෙල් මහතා විසින් පසුගිය සභාවාරයේ සංසෝදන කිහිපයක් මෙන්ම අලූත් සංසෝසදන කිහිපයක් මෙන්ම විපක්ෂය විසින් සභාව වෙත ඉදිරිපත් කර ඇති බවත් ඒවා ඇතුලත් කර නැවත සභාවක් කැඳවිමට කටයුතු කරන ලෙස ඉල්ලා සභාව ඉදිරියට ගෙන යෑම අද දිනයේ නොහැකි බව පැවසිය.

එමෙන්ම සභාව පැවැත්වෙන අතරවාරයේ විපක්ෂ මන්ත‍්‍රීවරුන් කතා කරන ලද කරුණු කිසිදිනක සභා වාර්තාවට ඇතුලත් විමක් සිදු නොවෙන බවද විපක්ෂය සභාවතිවරයාට දැන්විය. මෙම කතා බහ දුර දිග ගොස් සභාපතිවරයා හා විපක්ෂ මන්ත‍්‍රීවරුන් අතර උණුසුම් වචන හුවමාරුවක් සිදු විය.

එම උණුසුම් අවස්ථාවේ එජාපයේ ( දැනට මාවනැල්ල සභාවේ ආණ්ඩු පක්ෂය * මන්ත‍්‍රීවරුන් අදහස් දැක්විමට ඉදිරිපත් වු අතර විපක්ෂය විසින් ඔවුන්ට දිගෙන් දිගටම බාධා කරමින් තමන් ඉද ගෙන සිටින ස්ථානයේ ඇති මේස තල්ලූ කරමින් ඔවුන්ට බාධා කරන්නට විය. පසුව දෙපිරිසේම මන්ත‍්‍රීවරුන් විසින් සභාව තුල හූ හඩවල් නගමින් අසන්වර ලෙස හැසිරෙනු දක්නට ලැබුණි.

සභාපතිවරයා මුස්ලිම් මන්ත‍්‍රීවරයෙකුට අන්තවාදි අදහස් තියෙන ත‍්‍රස්තවාදියෙකු යැයි නම් කරමින් බැන වැදිම නිසා එම උණුසුම් තත්වය තව තවත් වැඩි වන්නට විය.

එම උණූසුම් තත්වය පාලනය කිරිමට හා විපක්ෂයේ මන්ත‍්‍රීවරුන් වාඩි කිරිමට සභාපතිවරයා විසින් කිහිප වතාවක් උත්සාහ කරද එම තත්වය පාලනය කිරිමට නොහැකි විය. පසුව සභාපතිවරයා විසින් සභාව විනාඩි 10 කට කල් තැබිමක් සිදු කර අතර නැවත සභාව එම කාල සීමාවෙන් පසුව පැවැත්විය.

කල් තැබිමෙන් පසුව රැුස් වු සභාව ආරම්භ කරමින් සභාපතිවරයා විසින් සභාවට ගෙන එන ලද සභා අනුමැතිය ලබා ගැනිමට කරන ලද සියලූ යෝජනා වලට විපක්ෂය විසින් සිය ආසන වලින් නැගිට සිය විරෝධතාවය පල කිරිම නිසාත් සභාවේ නැවත වතාවක් පක්ෂ විපක්ෂ මන්ත‍්‍රීවරුන් අතර සිදු වු උණුසුම් වචන හුවමාරුව පෙර පරිදිම සිදු විය.

එම අතරවාරයේ විපක්ෂයේ මන්ත‍්‍රීවරයෙක් විසින් සභාපතිවරයාට යෝජනා කලේ අන්තවාදියා යැයි මුස්ලිම් මන්ත‍්‍රීවරයෙකුට සභාපතිවරයා පැවසිම හෙළා දකින බවත් එම ප‍්‍රකාශය අද දින සභාවේදිම ඉල්ලා අස් කර ගත යුතු බවයි. ඒ අනුව සභාපතිවරයා එම සමාව ලබා ගනිමින් පැවසුයේ එම අවස්ථාවේ පැමිණි ආවේගය සමග තමන් අතින් පිට වු වචනයක් වන බව සභාවට දන්වා සමාව ගත්තාය.

කෙසේ හෝ සභාවේ පැවැති එම උණුසුම් තත්වය අතරවාරයේ මාවනැල්ල පොලිසියේ නිලධාරින් 10 කට ආසන්න පිරිසක් සභාව වෙත පැමිණි අතර ඊටද විපක්ෂය විසින් සිය විරෝධතාය දැක්විය. ඔවුන් පැවසුයේ මාවනැල්ල සභා ඉතිහාසයේ සභාපතිවරයෙකු විසින් මන්ත‍්‍රීවරුන් මෙල්ල කිරිමට මුල් වරට පොලිසිය කැඳ වු බවයි.

මේ අතරවාරයේ සභාපති වරයාා විසින් සභාවේ මන්ත‍්‍රීවරුන්ගේ අනුමැතිය ලබා ගැනිමට කරන ලද සියලූ යෝජනා වලට විපක්ෂය විසින් විරෝධතාවය පල කර අතර එම විරෝධතාවයට මන්ත‍්‍රීවරුන් 22 ක් එක්ව සහයෝගය ලබා දිම සිදු විය. එදින බහුතරය අතතිව සභාවේ සමහර යෝජනා වලට විරුද්ධ වෙමින් බෙදිමක් සභාපතිවරයාගෙන් විපක්ෂය ඉල්ලා සිටි නමුත් ඊට සභාපතිවරයා විරුද්ධ වෙමින් පැවසුයේ බෙදිමක් නොව අදාල යෝජනා වලට විපක්ෂයේ මන්ත‍්‍රීවරුන් විරුද්ධ වු බව සටහන් කර ගන්නා ලෙසයි.

එලෙස පැවැති සභාවේ කටයුතු වෙනදා මෙන් නොව පැය එක හමාරක කාලයකදි අවසන් වි පිටව යන අතරවාරයේ ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂ මන්ත‍්‍රීවරයෙක් විසින් සභාවේ ලේකම්තුමියට බැන වැදිමක් සිදු කර බව පවසා සභාපතිවරයා ඇතුලූ ආණ්ඩුපක්ෂය ඒ වෙනුවෙන් නිතීය ක‍්‍රියාත්මක කරන බව පවසා එම දිනයේ මාවනැල්ල පොලිසියේ පැමිණිල්ලක් සිදු කරන බවද මාධ්‍ය වෙත පැවසිය.

සභාවෙන් පිටව ගිය සභාපතිවරයා ඇතුලූ පක්ෂ විපක්ෂ මන්ත‍්‍රීවරු අදහස් දක්වමින් මාධ්‍ය වෙත මෙසේ පැවසිය.

මාවනැල්ල ප‍්‍රාදේශිය සභාවේ සභාපති අනුර චන්දන ජයවන්දල මහතා.

විශේෂයෙන් දැන ගන්න ඔනෑ මේ සභාවේ පරණම සභාපතිවරයෙක් මෙන්ම උප සභාපති කෙනෙක් වන කාමෙල් මන්ත‍්‍රීතුමා අද රජයේ සේවයේ යෙදි සිටින ලේකම්තුමියට අපහස කරිම සම්බන්ධයෙන් අපි සියලූ මන්ත‍්‍රීවරුන් දැඩි විරෝධතාවය පල කරනවා.

අද දිනයේ සභාවත් අශිලාචාර විදිහට හැසිරිම නිසා බාධා ඇති වුනා විශේෂයෙන් අපේ සභාවෙන් ජනතාවට වැඩ කරන්න තියෙන ප‍්‍රාදේශිය සභාව එක එක අයගේ දේශපාලන බලපෑම් මත, දේශපාලක කුහකකම් මත බලයට තියෙන කෑදර කම නිසා නැවත මේ සභාව ලබා ගන්න කුමන්ත‍්‍රණ ක‍්‍රියාත්මක කරනවා.

සමහර අය මේ ප‍්‍රාදේශිය සභාවෙන් සල්ලි හම්බ කලා කෝටිපතියෝ වුනා ඒ අයට මේ සභාව නැතිව හරි අපහසුතාවයට ලක් වේලා ඉන්නවා මේ ප‍්‍රාදේශිය සභාව පත් වේලා අවුරුද්දයි මාස පහක් වාගේ කෙටි කාලයකින් අපි මේ නගරයේ කිසිම කෙනෙකුට වචා නොකර සභාව ජනතාවගේ සුභ සිද්ධිය වෙනුවෙන් කරගෙන ගියා. ඒ නිසා අද මේ සභාව කරගෙන යන්න විපක්ෂ මන්ත‍්‍රීවරුන් ඉඩ නොදිම සම්බන්ධයෙන් අපි කණගාටුවට පත් වෙනවා.

මාවනැල්ල ප‍්‍රාදේශීය සභාවේ විපක්ෂ නායක පොදුජන පෙරමුණේ මන්ත‍්‍රී කේ.ජි පියතිස්ස මහතා.

මේ ප‍්‍රාදේශීය සභාවේ අක‍්‍රමිකතා රැුසක් සිදු වෙනවා හැමදාම සභා වාර්තාවේ සංසෝදන කරනවා කියලා සම්මත කර ගන්න කිසිම දෙයක් ඊළග සභා වාර්තාවේ සංසෝදනය වෙන්නෙත් නැහැ ඊට විරුද්ධව අපි අද නැගි සිටියා. අද සභා වාර්තාවට විරුද්ධ වේලා නැවත මහා සභාවක් කැඳවන්න කියලා අපි ඉල්ලීමක් කලා.

ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂයේ එස්.එම්.එස් කාමෙල් මහතා.

අපි මේ සභාව පටන් ගත්ත දවසේ ඉදන් කියනවා සභා වාර්තාවේ වැරදි දේවල් සංසෝදනය කරන්න කියලා අද දිනයෙත් එක කරලා තිබුනේ නැහැ. ඒ නිසා සභාව වලංගු නැහැ අපි විරුද්ධව 22 ඉන්නවා 18 දෙනෙක් අනික් පැත්තේ ඉන්නේ ඒ නිසා සභාව ගෙන යන්න බැහැ. ඒ වාගේම මම අද ලේකම්තුමියට බැන්නා කියලා කියනවා මම කිසිම දෙයක් කිවේ නැහැ. මම ඔය හැම කෙනෙකුටම වඩා විනය ගැන දන්නවා මම සභාවේ ඉන්න මන්ත‍්‍රීවරුන්ගේ ජේෂ්ඨතම මන්ත‍්‍රීවරයායි.

පොදුජන පෙරමුණේ මන්ත‍්‍රී නිලංජන් හඳකුඹුර

සභාවේ කටයුතු නිතීයානුකූල නැහැ කියලා කියපුවාම සභාපති කතා කරන්නේ පොලිසියට පොලිසිය ගෙනත් මහජනතාවගේ ගැටලූ විසදන්න බැහැනේ අපි ජනතාව වෙනුවෙන් පෙනි සිටින්නේ ජනතාවට තමන්ගේ ගැටලූ වලට සභාවෙන් විසදුමක් ලැබෙන්නේ නැත්නම් වංචා සිදු වෙනවා නම් අපි ඊට විරුද්ධව නැගි සිටිනවා එකයි අද වුනේ.

කෙසේ වෙතත් මාවනැල්ල ප‍්‍රාදේශිය සභාවේ සභාපතිවරයා පත් කර ගැනිමේදි එකල ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂයේ මන්ත‍්‍රීවරුන් 5 දෙනා සහයෝගය ලබා දිම මුලින් සිදු විය. මාවනැල්ලට ශ‍්‍රීලනිප නව සංවිධායක ලෙස හිටපු නියෝජ්‍ය අමාත්‍ය පාර්ලිමේන්තු මන්ත‍්‍රී දුෂ්මන්ත මිත‍්‍රපාල මහතා පත් විමෙන් පසුව පොදුජන පෙරමුණ සමග සභාවේ කටයුතු සහයෝගයෙන් කර ගෙන යෑමට ගත් තීරණය සහ එකගතාවය සමග අද වන විට ආණ්ඩු පක්ෂේය් බහුතර බලය ගිලිහි ඇත. ඒ අනුව දැනට බහුතරය ඇත්තේ විපක්ෂයට වන අතර එය මන්ත‍්‍රීවරුන් 22 කින් සමන්විත වෙයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *