ත්‍රස්ත ප්‍රහාරය වන අවස්ථාවේ ආරක්ෂාභාරව සිටි හේමසිරි ප්‍රනාන්දු සහ පුජිත ජයසුන්දරට ඇප හිමිවෙයි

ජනාධිපති විශේෂ පරීක්ෂණ කොමිෂන් සභාවේ වාර්තාව අනුව

4/21 පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාර ගත කරන ලද පොලිස්පති පූජිත ජයසුන්දර සහ හිටපු ආරක්ෂක ලේකම් හේමසිරි ප්‍රනාන්දු මහතා ඇප මත මුදා හැර තිබේ.කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණය විසින් අද මෙසේ ඔවුන් ඇප මත මුදාහැර ඇත.

පාස්කු ඉරිදා මෙරටට එල්ල වූ බෝම්බ ප්‍රහාරය සම්බන්ධයෙන් පරීක්ෂණය කරන ලද ජනාධිපති විශේෂ පරීක්ෂණ කොමිෂන් සභාවේ වාර්තාව අනුව මොවුන් දෙදෙනාට එල්ලවූ චෝදනා හේතුවෙන් අත්අඩංගුවට ගන්නා ලදී.නමුත් ඔවුන් දෙදෙනාම රෝහල්ගත ව සිටිම නිසා රක්ෂිත බන්ධනාගාර ගත කරනු ලැබුවේද රෝහල්වල සිටියදීමය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *