ඉතිහාසයේ පළමු වතාවට ආරක්ෂාව නිසා හේම්මාතගම මිහිදු මහ පෙරහැර දහවල් විදී සංචාරය කරයි

හෙම්මාතගම 73 වැනි ඓතිහාසික මිහිදු මහ පොසොන් පෙරහැර ඊයේ 06 මුල් වරට දහවල් විදී සංචාරය කිරිම ආරක්ෂක හේතුන් මත සිදු විය.
වසර 73 කට පසුව හෙම්මාතගම පෙරහැර මෙලෙස දහවල් පෙරහැරක් ලෙස මුල් වරට විදි සංචාරය කිරිම සිදු වු ප්‍රථම වතාවට බව සංවිධායක මණ්ඩලය පවසති. හෙම්මාතගම කපුරැක්ක සිරි සමග්ගෝදය මහ පිරිවෙනේ මුලික කර ගෙන හෙම්මාතගම ප්‍රාදේශිය එක්සත් බෞද්ධ සුභ සාධක බල මණ්ඩලය විසින් මෙම පෙරහැර මංගල්‍ය සංවිධානය කරයි.
හෙම්මාතගම බෞද්ධ මන්දිරය අසලින් ආරම්භ වන පෙරහැර හෙම්මාතගම මාවනැල්ල අලූදෙනිය මං සන්දියෙන් අවසන් වෙයි. පසුව කරඩුව රැගෙන යන හස්තියා නැවත බෞද්ධ මන්දිරය දක්වා පැමිණ කරඩුව ගෙවදිමෙන් පසුව පෙරහැර මංගල්‍ය අවසන් වෙයි.
පසුගිය අප්‍රේල් 21 වැනිදා සිදු වු පාස්කු දින ප්‍රහාරයෙන් පසුව රටේ පවතින ආරක්ෂක හේතුන් මත මෙවර පෙරහැර මංගල්‍ය සංවිධායක මණ්ඩලය විසින් ඉතා අපහසුවෙන් වුවද පැවැත්විමට තීරණය කර අතර හෙම්මාතගම කපුරැක්ක විහාරස්ථානයේ විහාරාධිපති ශාස්ත්‍රපති හකුරුගම්මන සූසීල හිමියන්ගේ අනුශාසකත්වය හා මග පෙන්විම පෙරහැර මංගල්‍ය පැවැත්විම කෙසේ හෝ පැවැත්විම කෙරෙහි උන් වහන්සේගේ උපදෙස් සංවිධායක මණ්ඩලයට නිරන්තයෙන් ලැබුණි.
ඒ අනුව මෙම පෙරහැර මංගල්‍ය වෙනුවෙන් මුල්‍ය දායකත්වයන් ලබා ගැනිමේදි වෙනදා මෙන් මුස්ලිම් ජනතාවගෙන් හෝ ව්‍යාපාරකයගෙන් මුදල් ලබා නොගෙන පෙරහැර මංගල්‍ය සිදු කිරිමට සංවිධායක මණ්ඩලය තීරණ කර අතර එහිදි මැති ඇමැතිවරුන්ගේ මුල්‍ය ආධාර මෙම කටයුත්තට ඛෙහෙවින් වැදගත් විය.
73 වැනි මෙම පෙරහැර මංගල්‍ය වෙනුවෙන් මුදල් පරිත්‍යාග කිරිමේදි ඉතිහාසයේ ප්‍රථම වරට රුපියල් ලක්ෂ 05 ක මුදලක් හිටපු නියෝජ්‍ය අමාත්‍ය මාවනැල්ල ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ප්‍රධාන සංවිධායක නිතීඥ දුෂ්මන්ත මිත්‍රපාල මහතා විසින් ලබා දෙන ලදි. අනිකුත් මැති ඇමැතිවරුන්ද මෙම අවස්ථාවට සහභාගි වෙමින් මුදල් පරිත්‍යාග කොට පෙරහැර වෙනුවෙන් සුභ පැතුම් එක් කරන ලදි.
රාත්‍රී පෙරහැරක් දැකිමට බොහෝ ජනතාවකගේ කැමැත්ත තිබුණද එය රටේ පවතින වාතාරවරණය යටතේ සිදු නොවිම ගැන බෞද්ධ ජනතාව ඉතා කනගාටුවට පත් වුවද දහවල් පෙරහැර ඉතා අලංකාර ලෙසින් විදී සංචාරය කිරිමට කටයුතු කර තිබුණි.
මෙම පෙරහැර මංගල්‍ය වෙනුවෙන් සහභාගි වු විශෙAෂ ආරාධිතයන් සියලූ දෙනාම සුදු වතින් සැරසි පෙරහැර ආරම්භක අවස්ථාවට එක් වු අතර අමාත්‍ය කබිර් හෂිම් මහතා පමණක් කොළ පැහැති ඇදුමක් ඇද මෙම ඓතිහාසික අවස්ථාවට එක් විම සම්බන්ධයෙන්ද කාගෙත් කතා බහට ලක් විය. පෙරහැර පස්වරු 3 පසු වි ආරම්භ වුයේ ඓතිහාසික කරඩුව හිටපු අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා විසින් ඈතා පිට කරඩුව තැන්පත් කිරිමෙන් අනතුරුවයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *