අත්අඩංගුවට ගත් යුද හමුදාවේ බුද්ධි අංශයේ මේජර්වරයා රක්ෂිත බන්ධනාගාරයට

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මගින් අත්අඩංගුවට ගත් යුද හමුදාවේ බුද්ධි අංශයේ මේජර්වරයා ලබන 19 දා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කරයි 

හිටපු හිටපු කර්තෘ පාලි තෙන්නකෝන් මහතාට පහරදීමට සම්බන්ධ හමුදා බුද්ධි අංශය කටයුතු කළ මේජර් වරයකු අද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මගින් අත්අඩංගුවට ගෙන ගම්පහ මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව ලබන 19 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කරයි 

2009 වසරේ ජනවාරි 23 දින ගම්පහ ඉඹුල්ගොඩ ප්‍රදේශයේ දී සිය නිවස ඉදිරිපිට දී හිටපු රිවිර කර්තෘ උපාලි තෙන්නකෝන් මහතාට පහර දීම සම්බන්ධව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මගින් සිදුකරන පරීක්ෂණවලට අනුව තවත් සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන ඇත   ඔහු හමුදා බුද්ධි අංශයේ කටයුතු කළ මේජර් වරයෙක්   එම සැකකරු අද ගම්පහ මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කළ අතර ප්‍රධාන මහේස්ත්‍රාත් ඩී ඒ රුවන්පතිරණ මහතා ලබන 19 දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට නියෝග කළේය
මිට පෙර අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මගින් සැකසහිත හමුදා නිලධාරීන් හයදෙනෙකු ගම්පහ මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කළ අතර ඔහු න්මේ වනවිට ඇප ලබාදී ඇති අතර නඩුව අඛණ්ඩව විභාග වෙමින් පවතී

Leave a Reply

Your email address will not be published. Required fields are marked *