මහත් අනුසස් ලැබෙන හෙළ රජවරුන් පවා පැවැත්වූ තේජවන්ත ගිරිභණ්ඩ පූජාමය පිංකම බලන්න-(විඩියෝ සහිතයි)

මහත් අනුසස් ලැබෙන හෙළ රජවරුන් පවා පැවැත්වූ තේජවන්ත ගිරිභණ්ඩ පූජාමය පිංකම බලන්න

දුර්ලභ ගිරිභණ්ඩ පූජාව පසුගිය දින එනම් 2019 ජුනි 23 වැනි දින ගම්පහ තනි පොල්ගහවත්තේ ශ්‍රී සුනන්දාරාම විහාරස්ථානයේ සිදු කෙරිණි විහාරාධිපති කම්මට්ඨාචාර්ය ත්‍රිපිටකවේදී කල්‍යාණි සාමග්‍රි ධර්ම මහා සංඝ සභාවේ ගම්පහ පාර්ශව උප ප්‍රධාන සංඝනායක විහාරාධිපති මීගස්තැන්නේ රතනජෝති නාහිමිගේ අනුශාසකත්වයෙන් විහාරස්ථ දායක සභාව මගින් මෙය සංවිධානය කර තිබුණි

ඉතිහාසයේ ගිරිභණ්ඩ පූජාව ගැන මුලින්ම සඳහන් වන්නේ අනුරාධපුර යුගයෙනි අනුරාධපුරයට සැතපුම් අටක් පමණ නැගෙනහිරින් මිහින්තලා පව්වෙනි දහවැනි සියවසේ ලියැවී ඇති එහි කර්තෘ 4 වෙනි මිහිදු රජතුමා ය

ගම්පහ තනි පොල්ගහ වත්තේ සිරිසුනන්දාරාම විහාරස්ථානයේ ඉදිකිරීමට අපේක්ෂිත දෙමහල් දහම් පාසල් ගොඩනැගිල්ලේ සම්පූර්ණ කර නිම කිරීම සඳහා අරමුණු කරගනිමින් මෙම ගිරිභණ්ඩ පූජාව පැවැත්වීමට කටයුතු කෙරිණි

මෙම පූජාව අතීතයේ සිට මෙරට රජකල රජවරුන් විසින් පවා සිදුකරන ලද පූජාවක් බව ඉතිහාසයේ සඳහන් වේ ගිලියන් කන්දයි භාණ්ඩ යනු පරිස්කාරයක් පරිෂ්කාර කන්දක් උසට පිරිකර තෙරුවන් විසින් පූජා කරනු ලබන දුර්ලභ පූජාවකි

මෙහිදි චෛත්‍යරාජයාණන් වහන්සේ වැසෙන පරිදි අටපිරි දහසක් පූජා කිරීම සිදු කෙරිණි

මෙම පූජාවෙන් ලැබෙන මහානිසංස මෙසේ සඳහන් වේ
1- සියලු යස ඉසුරු සම්පත් ලබාදෙයි
2-සියලු රෝග යටපත් කොට නිරෝගී සුවය උදාකර දෙයි
3-සියලු කරදර කම්කටොලූ ඉවත්ව යයි
4- දෙලොව සැප සම්පත් ලබාදෙයි
5-සතර අපායේ නුපදි
6-කාම භවයන්හි පමණක් උපදී
7- උපදින සෑම භවයකදීම ඥානවන්තව ශ්‍රද්ධාවන්ත උපදී
8- බුදුරදුන් කෙනෙක් හමුවේ එහි භික්ෂු භාවයෙන් පැවිද්ද ලබා දුක් කෙළවර කරයි

මහත් අනුසස් ලැබෙන හෙළ රජවරුන් පවා පැවැත්වූ තේජවන්ත ගිරිභණ්ඩ පූජාමය පිංකම බලන්න

Leave a Reply

Your email address will not be published. Required fields are marked *