මිරිගම පොදු ප‍්‍රවාහන ගැටලු විසඳීමට මිරිගම ශ්‍රී.නි.ප සංවිධායිකාව මැදිහත් වෙයි–(විඩියෝ සහිතයි)

පසුගිය දා එල්ල වූ ත‍්‍රස්තවාදී ප‍්‍රහාරය හේතුවෙන් රටේ සාමාන්‍ය ජන ජීවිතයට සිදුවූ හානිය පදනම් කරගනිමින් ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතාගේ උපදෙස් මත රාජ්‍ය ආයතන හා ජාතික වැදගත්කමක් ඇති ස්ථානවල ආරක්ෂාව තහවුරු කිරීමේ අරමුණින් මීරීගම බස්නැවතුම්පොල සදහා පත්කල ආරක්ෂක කමිටු සාමාජිකයින්ට පත්වීමේ ලිපි භාර දීම සහ බස් කර්මාන්ත කරුවන් මුහුණ දෙන ගැටළු පිළිබදව සාකච්ඡුා කිරීම බස්නාහිර පළාත් මාර්ගස්ථ ප‍්‍රවාහන අධිකාරියේ සභාපති දේශබන්දු තුසිත කුලරත්න මහතාගේ ප‍්‍රධානත්වයෙන් පසුගිය දා සිදු කෙරිණ.

මෙහිදී මිරිගම ශ්‍රී ලංකා නිදහස් පක්ෂ සංවිධායිකා සුනේත්‍රා සමරකෝන් මහත්මිය ප්‍රකාශ කළේ මිරිගමi මැතිවරණ කොට්ඨාසයේ ග්‍රාමීය මාර්ග වල ජනතාවට අද බස්රථ නොමැති වීම නිසා ගැටලු රැසක් පැන නැගී ඇති හෙයින් එම මාර්ග වලට බස්රථ යෙදවීමේ වශ්‍යතාවයක් පැන නැගී ඇති බවයි කඩිනමින් එම මාර්ගවලට බස් රථ යෙදවිමෙි අවශ්‍යතාව පිළිබඳව ද ඇය මෙහිදී කරුණු පෙන්වා දෙනු ලැබීය ඇය වැඩිදුරටත් සඳහන් කළේ ප්‍රමාණවත් පරිදි බස්රථ නොමැති මාර්ගවලටද වැඩිපුර බස්රථ යෙදවීමට කටයුතු කළ යුතුව ඇති බවත් ය

මාර්ගස්ථ ප‍්‍රවාහන අධිකාරියේ සභාපති තුසිත කුලරත්න මහතා සඳහන් කළේ මේ මිරිගම ජනතාවගේ ප්‍රවාහන අවශ්‍යතාවය පිළිබඳව උනන්දුවීම සම්බන්ධව මිරිගම ශ්‍රී ලංකා නිදහස් පක්ෂ සංවිධායකවරියට ද විශේෂයෙන් ස්තූතිවන්ත වන බවත් එම කරුණු සලකා බලා කඩිනමිව ප්‍රවාහන අවශ්‍යතාවයන් සම්පූර්ණ කිරීමට වැඩපිළිවෙළක් සකස් කරන බවත්ය

මේ අනුව බස් නැවතුම්පලහි දේපල හා වත්කම් , ඉන් ගමන් කරන හා අවසන් කරන බස්රථයන්හි සහ සේවා සපයා ගැනීම වෙනුවෙන් පැමිනෙන මගී ජනතාවගේ ජීවිත හා දේපල වල සුරක්ෂිත භාවය වෙනුවෙන් කටයුතු කිරීම මෙම කමිටුවට පැවරේ.
බස්රථ හිමිකරුවන් , බස්රථ රියදුරන්, සහායකයින් වේලා සටහන් කරුවන් මෙම ආරක්ෂිත කමිටුවලට ඇතුලත් වේ.
පත්වීම් ලිපි ප‍්‍රධානය කිරීමෙන් අනතුරුව මීරිගම බස් නැවතුම්පල කේන්ද්‍ර කර ගමන් කරන බස් රථ මුහුණපාන ගැටළු සම්බන්ධයෙන් සාකච්ඡුා කල අතර මගී ජනතාවට වඩා ගුණාත්මක බස් රථ සේවයක් ලබා දීම සදහා සකස් විය යුතු යෝජනාවන් ද ඉදිරිපත් කෙරින.

මෙම අවස්ථාවට බස්නාහිර මාර්ගස්ථ මගී ප‍්‍රවාහන අධිකාරියේ සාමාන්‍යධිකාරී ජගත් පෙරේරා, ගම්පහ ප‍්‍රාදේශිය කළමණාකාර තිලක් වීරසිංහ , ධාවන කළමණාර හෙන්රි ප‍්‍රනාන්දු , මීරිගම ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂ ප‍්‍රධාන සංවිධායිකා සුනේත‍්‍රා සමරකෝන් යන මහත්ම මහත්මීන් සහභාගී විය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *