මීළග තරග තුනේ ලංකාව මුලින් පන්දුවට පහර දීම ජයග්‍රහණයේ මාවතයි

ලෝක කුසලාන ඉතිහාසයේ වැඩිම වාරගණනක් කාසියේ වාසිය දිනු කණ්ඩායම

මීළග තරග තුනේ ලංකාව මුලින් පන්දුවට පහර දීම ජයග්‍රහණයේ මාවතයි පවතී ලෝක කුසලාන තරගාවලි වලදී වැඩිම වාර ගණනක් කාසියේ වාසිය ජයග්‍රහණය කර ඇති කණ්ඩායම ශ්‍රී ලංකාව බව ඔබ දන්නවාද එම කාසියේ වාසිය ඉදිරි තරග තුනේදී ලැබෙන්නේනම් මුලින් පන්දුවට පහරදී පන්දු යැවීමේ බල ඇණිය ක්‍රියාත්මක කර ප්‍රතිවාදී කණ්ඩායම් පීඩනයට ලක් කර කඩුලු ලබාගෙන තරගයට පිවිසීමේ මාවත සකසා ගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායමට අවස්ථාව හිමිවනු ඇත මී ළගට තිබෙන තරග තුන ගැන එකවර නොසිතා අවම වශයෙන් දකුණු අප්‍රිකාව සහ කොදෙව් කණ්ඩායම් පරාජය කිරීමට ඇති උපරිමය ලබාදීමය.

එය පහසු නොවනු ඇත මන්ද දකුණු අප්‍රිකානු කණ්ඩායම මෙම ලෝක කුසලානයේ දරුණු කඩා වැටීමටකට ලක්ව ඇති කණ්ඩායමකි මේ නිසා ඔවුන් දන්දෙන් පහර කෑ සර්පයෙකු මෙන් කිපී සිටීම අපට නම් එතරම් හිතකර නොවනු ඇත විශේෂයෙන් ලකුණු පිපාසයෙන් පෙලෙන හසීම් අම්ලා ට සහ ජේ පී ඩොමිනි ට තවත් අවස්ථාවක් ලබා නොදිය යුතුමය මන්ද කඩාවැටුණු පිතිකරුවන්ට සේලයින් දීම අපේ කණ්ඩායමේ හැටියක් නිසාය මෙය අතීතයේ සිට සිදුවූ දෙයකි ඒ නිසා වහාම එයින් ප්‍රවේසම් විය යුතුමය දැනට කණ්ඩායමේ ඇති තත්වය යම් සැනසිලි දායක තත්වයක තිබුණද ජීවන් මෙන්ඩිස්ගේ ස්ථානය පිරවීමට නොහැකි වීම කණ්ඩායම තොරණ අවස්ථාවේ සිතිය යුතුව තිබුණි.

එම ස්ථානයට ඊළග ආදේශකය මිලින්ද සිරිවර්ධන හෝ ජෙෆ්ප්රි වැඩසන්ය ඔවුන් දෙදෙනා ලෝක කුසලාන තගයකට සුදුසු ක්‍රීඩා රටාවක් සහිත ක්‍රීඩකයන් නොවෙති ඒ අතින් තවදුරටත් ජීවන් මෙන්ඩිස්ට අවස්ථාව ලබාදීම හොදය. තේරීම් කමිටුව මෙම තරගාවලියට දසුන් ශානක සහ අසේල ගුණරත්න එක්කර ගත්තානම් මෙම ගැටලුව ඇති නොවනු ඇත විශේෂ තුන් ඉරියව් ක්‍රීඩකයන් තේරීමේදී ලෝකයේ සියලු කණ්ඩායම් ඉහලින් සිටියද අපේ කණ්ඩායම එම තත්වය මග හැර ඇත. කෙසේ හෝ දැන් තිබෙන්නේ පවතින සම්පත් වලින් උපරිම ප්‍රයෝජන ගැනීම පමණි

1996 ලෝක කුසලාන අවසන් තරගයෙන් පකිස්ථානයේ ලාහෝරයේ ගඩාපි ක්‍රීඩන්ගනයෙදී ශ්‍රී ලංකාව ඔස්ට්‍රේලියාව පරාජය කිරීමෙන් අනතුරුව එදා මෙදා තුර ලෝක කුසලාන එක්දින තරගාවලියකදී ඔස්ට්‍රේලියාව පරාජය කිරීමට හැකියාවක් ලැබී නොමැත එමෙන්ම 1999 ලෝක කුසලාන තරගාවලියෙන් පසු එංගලන්ත කණ්ඩායමට ශ්‍රී ලංකාව පරාජය කිරීමට හැකියාව ලැබී නොමත. ක්‍රිකට් ඉතිහාසය පුරාම අපි ලෝක කුසලාන තරග වලදී වැඩි වශයෙන් පරාජය වී තිබෙන්නේ ඔස්ට්‍රේලියාව ,ඉන්දියාව සහ පකිස්ථානය රටවල් වලට එරෙහිවය වැඩිම තරග ප්‍රමාණයක් ජයග්‍රහණය කර තිබෙන්නේ නවසීලන්තයට එරෙහිවය.

එදා මේද තුර අපේ කණ්ඩායමේ ප්‍රධාන සතුරා ඔස්ට්‍රේලියාවය. ශ්‍රී ලංකා කණ්ඩායමට තිබෙන ඊලග තරග තුනේදී කාසිය වාසිය ලබාගැනීමට අවස්ථාව ලැබුනහොත් පසු පළමුව පන්දුවට පහර දී තරගයක් ලබාදිය හැකි ලකුණු ප්‍රමාණයක් ලබාගැනීමෙන් අනතුරුව අපේ පන්දු යැවීමේ බල ඇණිය යොදවා පීඩනයක් එක් කිරීමෙන් ප්‍රතිවාදී කණ්ඩායම ට පීඩනයක් එල්ල කිරීමට හැකි යාව ලැබෙනු ඇත මන්ද මෙම ලෝක කුසලාන තරගාවලියේ දැන් දැන් පිතිකරුවන්ගේ දක්ෂතා අභිබවා පන්දු යවනන්ගේ දක්ෂතා ඉස්මතු වීමට පටන්ගැනීම නිසාය.

ඊයේ පවතී ඉන්දීය සහ ඇෆ්ගන්ස්තන් තරගයත් පන්දු යවන්නන්ගේ තරගයක් විය.මේ මොහොතේ හොදම දෙය පන්දු යවන්නන් ගෙන් උපරිම ප්‍රයෝජන ගැනීමය ලසිත් මාලිංග බොහෝ විට තමන් ක්‍රීඩා කරන අවසන් ලෝක කුසලානය තරගාවලිය මෙය නිසා ඔහුගේ උපරිමය මෙම තරගාවලියේදී මුදා හරිමින් ඇත.

එම තත්වයෙන් ප්‍රයෝජන ගැනීමට සියලු ක්‍රීඩකයින් උත්සුක විය යුතුය එදා එංගලන්ත තරගයේදී බෙන්ස් ටෝක් ලබාදුන් උඩ පන්දුව කුසල් මෙන්ඩිස් අත් නොහරින්නට පහසු ජයග්‍රහණයක් සහ මාලිංගට කඩුලු පහක් ලබාගැනීමට අවස්ථාව තිබුණි. ක්‍රීඩකයින් සියලු දෙනා සිතා ගතයුතු එක දෙයක් ඇත එනම් ඔබ අත් හරින්නේ උඩ පන්දුවක් නොව තරගයි. ප්‍රතිවාදීන්ගෙන් ලැබෙන අවස්ථාවෙන් ප්‍රයෝජන ගන්නා විදිය ක්‍රීඩකයින් ඕනෑවටත් වඩා හදාරා ඇත එහෙත් නොවන්නේත් එයම වීම කණගාටු දායකය

Leave a Reply

Your email address will not be published. Required fields are marked *