“ජනපතිකමට ඉල්ලන්න මට විවිධ පාර්ශව ඉල්ලීම් කරනවා” // වන්නිලා ඇත්තෝ කියයි!!

ඔය මඩගොහොරුවේ එරෙන්න මම කැමති නැතැයිද ආදිවාසී නායකයා පැවසීය.

ජනාධිපතිවරයට  ඉදරිපත් වන්නැයි මටත් විවිධ පාර්ශවයන්ගෙන් ඉල්ලීම් තිබෙනවා. ඒ සඳහා දක්ෂතාවය සහ හැකියාව නම් ම්ට තිබෙනවා. නමුත් ඔය මඩගොහොරුවේ එරෙන්න මම කැමති නැතැයිද ආදිවාසී නායකයා පැවසීය.

‘බෙහෝ අය උපන්දිනය සැමරීම  සදහා මත්වතුර බී සාද පැවැත්වීම සිදුකරන නමුත් තමා දායක සභාවේ සභාපති ධුරය දරන මාවරගල ආරණ්‍ය සේනාසනයේදී  සාමනේර හිමිවරු 95නමක් විෂයෙහි  සපිරිකර දක්ෂිණාවක් පවත්වා  රුක්රෝපණ වැඩසහටනකට සහභාගි වූ බවයි.

මෙම ආරණ්‍ය සේනාසන භූමියේ මීපැල 100 ක් සහ පළතුරු පැළ සිටුවන බවද වන්නියලැ ඇත්තෝ සඳහන් කළහ.
අපේ රටේ ජනාධිපති සොඳහා සුදුසු කවරෙක්දැයි විමසූ අවස්ථාවේ ආදිවාසී නායකයා පැවසුවේ රටට, සංස්කෘතිකයට හා පරිසරයට ආදරය කරන කෙනෙක් රටේ නායකයා වීම අත්‍යාවශ්‍ය බවයි.එසේ නොවුන හොත් කිසිසේත්ම මෙම රට ගොඩනැගිය නොහැකි බව අවධාරණය කරමින් පැවසුවේ අද පාර්ලිමේන්තුව හා පාලකයන් පැන්සලට, මකට කෑල්ලට ගහගන්නා පුංචි ළමයි වගේ හැසිරිම නින්දා සහගත බවයි.

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *