පොඩි සනාගේ සහ දිමුත්ගේ උත්සාහය දියට කැපූ ඉනි විය….!!!!

මෙන්ඩිස්, මැතිව්ස්, තිසර ,ධනංජය ඔබ රට වෙනුවෙන් ක්‍රීඩා කරනවාදැයි සැකය

පොඩි සනාගේ සහ දිමුත්ගේ උත්සාහය දියට කැපූ ඉනි විය මෙරට ක්‍රිකට් ක්‍රීඩාවේ අදුර පලවා හැර ආලෝකය ලබන දිනය තවත් කොපමණ කලකින් එයිද යන පැනය තව දුරටත් යථාර්තයක් කරමින් ඔස්ට්‍රේලියාවට එරෙහි තරගයෙන්ද ශ්‍රී ලංකා පිල තවත් දරුණු පරාජයකට අද දමන ලදී. වැස්ස වලාහක දෙයියන්ගේ පිහිටෙන් ප්‍රසාද ලකුණු සටහනේ ඉදිරියෙන් සිටියද ශ්‍රී ලංකා කණ්ඩායමේ තත්වය කෝඩුකාර අප්ගන්ස්ථානයට යන්තම් උඩින් පමණක් ඇත.

වැස්සෙන් සේදුනු පකිස්තාන් තරගය සහ බංගලාදේශ තරග දෙක අපි තරග කලේනම් අත්වන ඉරණම ගැන කීමට දෙයක් නොමැත අද දිනයේ කුසල් ජනිත් පෙරේරා සහ දිමුත් කරුණාරත්න එක්කල ආරම්භය රැගෙන යන්නට හැකි ශක්තිමත් මැද පෙළක ඌ නතාවය තවදුරත් ගොදුරුව සිටින ශ්‍රී ලංකා කණ්ඩායම මෙම ලෝක කුසලානයේ අවසන් සිහින හතරට ඉදිරියේදී කෙසේ මුහුණ දෙයිද කියා සිතා ගැනීමට නොහැකි වනු ඇත මෙන්ඩිස්, මැතිව්ස්, තිසර ,ධනංජය ඔබ රට වෙනුවෙන් ක්‍රීඩා කරනවාදැයි සැකය

Leave a Reply

Your email address will not be published. Required fields are marked *