රිෂාඩ්ගේ බිරිඳ සහ සහෝදරයන්ගේ අක්කර 3000ක ඉඩම් පලහිලව්ව ගැන පරීක්ෂණ ඇරඹේ

විමර්ශනවලදී තහවුරු වී ඇත්තේ මෙම ඉඩම් රජය සතුව පැවති ඒවා බව

හිටපු අමාත්‍ය රිෂාඩ් බදියුදීන් මහතාගේ බිරිඳගේ ව්‍යාපාරයක නමට සහ ඔහුගේ සහෝදරයින්ගේ නම්වලට ව්‍යාජ ඔප්පු සකස්කර ගනිමින් මන්නාරම ඉඩම් අක්කර 3000ක් ලබාගෙන ඇතැයි, 2015 – 2018 වර්ශවල රාජ්‍ය ආයතනවල සිදුව ඇති දූෂණ වංචා සෙවීමට පත්කළ ජනාධිපති කොමිසම වෙත ලැබී ඇති පැමිණිල්ල සම්බන්ධ විමර්ශන ආරම්භ කර ඇතැයි වාර්තා වේ.

පැමිණිල්ලට අදාල මූලික විමර්ශනවලදී තහවුරු වී ඇත්තේ මෙම ඉඩම් රජය සතුව පැවති ඒවා බවත් එම ඉඩම්වල පදිංචිව සිටි පිරිස් යුද්ධය සමයේ ඒවා අතහැර ගොස් ඇති බවත් ය.

යුධ සමය අවසන් කිරීමෙන් පසු පදිංචිව සිටි පිරිස් නැවත පැමිණ ඇති අතර රුපියල් ලක්ෂ 5 -10 අතර මුදලක් ලබාදී එම ඉඩම් රිෂාඩ් ඇමතිවරයාගේ ඥාතීන් විසින් පවරාගෙන ඇති බවට කොමිසම හමුවේ සාක්ෂි ලබාදෙමින් ඉම ඉඩම්වල මුල් පදිංචිකරුවන් පවසා ඇත.

මේ වනවිට පුද්ගලයින් 15 දෙනෙකු කැඳවා සාක්ෂි සටහන් කරගෙන ඇති අතර වැඩිදුර විමර්ශන සිදුකරන බව පරීක්ෂණ කොමිසම පවසයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *