2015 ජනාධිපතිවරණයේදී සහරාන් හංසයාට වැඩ කළා මම මහින්ද මහත්තයාට වැඩ කළා

නැගෙනහිර පළාත් හිටපු ආණ්ඩුකර එම්.එල්.ඒ.එම් හිස්බුල්ලා මහතා

2015 දී පාර්ලිමේන්තු මැතිවරණයේ නාමයෝජනා අවසන් වු විට සහරාන් ඔහුගේ කාර්යලයට ආරාධනා කළ බවත් පසුව ඡන්ද ලබා ගැනීමට අවැසි නිසා ඔහුගේ කොන්දේසිවලට එකඟතාවය දැක්වු බවත් පැවසු හිස්බුල්ලා මහතා පසුව එම කොන්දේසි කඩ වීම හේතුවෙන් තමා සමඟ සහරාන් විරසක වු බව ද කියා සිටියේය.

පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරය සම්බන්ධයෙන් සොයා බැලීමට පත් කළ පාර්ලිමේන්තු‍ විශේෂ කාරක සභාව හමුවේ සාක්ෂි ලබාදීම සඳහා අද (13) පැමිණි නැගෙනහිර පළාත් හිටපු ආණ්ඩුකර එම්.එල්.ඒ.එම් හිස්බුල්ලා මහතා මෙහිදී සාක්ෂි ලබා දෙමින් පවසා සිටියේ, 2015 ජනාධිපතිවරණයේ දී තමාඑකසත් ජනතා නිදහස් සන්ධානයෙන් තරගකළ මහින්ද රාජපක්ෂ මහතාට සහය ලබා දුන් බවත් සහරාන් සම්පූර්ණයෙන් හංසයාගේ ලකුණින් තරග කල මෛත්‍රීපාල සිරිසේන මහතාට සහය ලබා දුන් බවත් ය.

සහරාන් එවකට ජාතික තව්හිද් ජමාද් නැමති සංවිධානය පිහිටුවා ගනිමින් ආගමික මතවාදයෙක් ලෙස කටයුතු කර බවත්, ඔහු ඒ කාලේ ත්‍රස්ථවාදියෙක් නොවන බවත් හිස්බුල්ලා මහතා සඳහන් කර සිටියේ සහරාන් තමන් සමග විරසකව සිටි නිසා මුස්ලිම් කොංග්‍රසයට තමාගේ ඡන්දය ගිය බවත් එහිදි තමා පැරදු බවත් සහරාන් එය සිදු කළ බවත් හිස්බුල්ලා මහතා වැඩිදුරටත් පැවසීය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *