මාවනැල්ලේ බුදු පිළිම සිද්ධියේ සැකකරුවන්ගෙන් තවත් තොරතුරු හෙළිවෙමින් පවතිනවා CID අධිකරණයට දන්වයි

කෑගල්ල සමන් විජය බණ්ඩාර
පසුගිය වසරේ දෙසැම්බර් 22 හා 25 අතර කාලයේ මාවනැල්ලේ බුදු පිළිම හතරකට වැඩි ප‍්‍රමාණයකට හානි සිදු කරන සිද්ධියේ නඩුව අද 13 මාවනැල්ල දිසා මහෙස්ත‍්‍රාත් අධිකරණයේදි විභාගයට ගත් අතර සැකකරුවන් ජුනි 27 දක්වා නැවත රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස මහෙස්ත‍්‍රාත් උපුල් රාජකරුණා මහතා නියෝග කර සිටියා.

එමෙන්ම අද දිනයේ අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුවේ රඳවාගෙන ප‍්‍රශ්න කරමින් සිටින සැකකරුවන් 15 දෙනෙකු මහෙස්ත‍්‍රාත් නිරික්ෂණය වෙනුවෙන් මාවනැල්ල මහෙස්ත‍්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කර සිටි අතර ඔවුන් සියලූ දෙනා නැවත සැත්තැම්බර් 12 වැනිදා මහෙස්ත‍්‍රාත් නිරික්ෂණය වෙනුවෙන් යොමු කරන ලෙසද නියෝග නිකුත් කරනු ලැබිය.

මෙම නඩුව සඳහා මාවනැල්ල අධිකරණය වෙත සැකකරුවන් 13 ක් ඉදිරිපත් කර අතර පසුගිය ජුනි 03 වැනිදා නඩුව පැවැති අවස්ථාවේ තවත් සැකකරුවෙක් මාවනැල්ල පොලිසිය විසින් අධිකරණය වෙත ඉදිරිපත් කරමින් කි‍්‍රයා සිටියේ මාවනැල්ල බුදු පිළිම කැඩිමේ සිද්ධියේ ප‍්‍රධාන සැකකරුවන් වන මාවනැල්ලේ දනාගම පදිංචි එකම නිවසේ අයියා සහ මල්ලි වන මොහොමඞ් ඉබ‍්‍රාහිම් සාහිඞ් අබ්දුල් හක් සහ මොහොමඞ් සාදික් අබ්දුල්ලා යන සැකකරුවන් සමග මාවනැල්ල පෞද්ගලික බැංකුවකින් මුදල් ගණු දෙනු කිරිමේ වරද සම්බන්ධයෙන් එම සැකකරු ඉදිරිපත් කර බවයි.

ඔහු මුදල් ගණූ දෙනු කරන ලැබ පෞද්ගලික බැංකුව හරහා ලබා ගත් එම වාර්තාවන්ද අධිකරණ නියෝග මත මාවනැල්ල පොලිසියෙන් ලබා ගෙන මාවනැල්ල පොලිසියේ උප පොලිස් පරික්ෂක රණසිංහ මහතා විසින් අධිකරණය වෙත ඉදිරිපත් කරන ලදි. ඔහුද නැවත 27 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත විය.එම සැකකරු අලූත් නුවර, හිගුල ප‍්‍රදේශයේ පදිංචි අවිවාහක අවුරුදු 24 ක් වන හස්බුල්ලා ඛාන් හම්දි අහමඞ් නම් වෙති.

නඩුව පැවැති 13 වැනිදා උදෑසන 8.45 ට පමණ බන්ධනාගාරයේ සිට විශේෂ ආරක්ෂාවක් යටතේ සැකකරුවන් බන්ධනාගාර බස් රථයකින් මාවනැල්ල දිසා මහෙස්ත‍්‍රාත් අධිකරණය වෙත රැුගෙන පැමිණි අතර එම දිනයේ මහෙස්ත‍්‍රාත් අධිකරණයේ ආරක්ෂාව වෙනුවෙන් යුධ හමුදාවද යොදවා තිබුණි.

මාවනැල්ල මහෙස්ත‍්‍රාත් අධිකරණ්‍ය වෙත ඉදිරිපත් කරන සැකකරුවන් 13 දෙනා වන්නේ මාවනැල්ල දෙල්ගහගොඩ මොහොමඞ් අලූෆර්, එම ප‍්‍රදේශයේම අංක 33 නිවසේ පදිංචි මොහොමඞ් ෆයිසර්, දෙල්ගහගොඩ, හිගුල, මාවනැල්ල පිදිංචි මොහොමඞ් අක්බර් මොහොමඞ්, දෙල්ගහගොඩ හිගුල පදිංචි මොහොමඞ් සුෆියාස්, කෙහෙල්වත්ත, හිගුල, මාවනැල්ල පදිංචි මොහොමඞ් අස්වර් අතීක්, අලූත්නුවර පාර, හිගුල, මාවනැල්ල පදිංචි මොහොමඞ් කලීල්, දනාගම, මාවනැල්ල පදිංචි නජිබුදීන්, කලූගමුව, ගෙලිඹය පදිංචි මොහොමඞ් අෆාර්දීන්, තඹාල, පොළොන්නරුව පදිංචි මොහොමඞ් මුස්තාපා, මාවනැල්ල දෙල්ගහගොඩ පදිංචි රෂිඞ්, දනාගම, මාවනැල්ල මොහොමඞ් අස්ලම් අකිල් අහමඞ්, නාවලපිටිය පාර, උලපනේ පදිංචි අබ්දුල් ජබාර්, නාවලපිටිය පාර, උලපනේ පදිංචි ඉසදීන් සිත්ති නසීරා යන කාන්තාවද ඒ අතර වෙති. එමෙන්ම පසුව ආරක්ෂක අංශ විසින් බුදු පිළිම කඩන ලද ප‍්‍රධාන සැකකරුගේ මව සහ සහෝදරයන් දෙදෙනෙක්ද අත්අඩංගුවට ගෙන තිබුණි. ඔවුන්ද 13 වැනිදා අධිකරණය වෙත ඉදිරිපත් කර තිබුණි.

මෙම සැකකරුවන් අධිකරණය වෙත ඉදිරිපත් කර පසු ඒ වෙනුවෙන් සිංහල නිතිඥ මහතෙකු එම සැකකරුවන්ගෙන් 8,9,11 යන සැකකරුවන් වෙනුවෙන් පෙනි සිටි අතර අද දිනයේ තවත් මුස්ලිම් ජාතික නිතිඥ මහත්මයෙකු එම සැකකරුවන් වෙනුවෙන් ඔහුට සහාය විය. තවද 1 සිට 7 දක්වා සැකකරුවන් වෙනුවෙන් සිංහල නිතිඥ මහත්මයෙකු පෙනි සිටින ලදි. ඒ අනුව සිංහල නිතිඥ මහත්වරුන් දෙදෙනෙක් සහ එක් මුස්ලිම් නිතිඥයෙකු සැකකරුවන්ගෙන් පිරිසක් වෙනුවෙන් පෙනි සිටින ලදි.

අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරියෙක් මෙන්ම මාවනැල්ල පොලිසියේ නිලධාරි මහත්මයෙක් සැකකරුවන්ට විරුද්ධව පැමිණිලි මහෙස්ත‍්‍රාත් වෙත ඉදිරිපත් කිරමින් මෙ සඳහා තව දුරටත් විමර්ශන කටයුතු සිදු කිරිමට අවශ්‍ය කාලය ඉල්ලා සිටිමද විශේෂත්වයකි.

අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුවේ රදවා ප‍්‍රශ්න කිරිමේ කටයුතු සිදු කරන සැකකරුවන් තව දුරටත් ප‍්‍රශ්න කිරිමේ කටයුතු වලට නියෝග ලබා දුන් අතර ඔවුන්ගෙන් තවත් තොරතුරු අනාවරණය වෙමින් පවතින බවද මහෙස්ත‍්‍රාත්වරයා වෙත කරුණු වාර්තා කරමින් අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තු නිලධාරියා පැවසිය.

එමෙන්ම දැනට මෙම සැකකරුවන් අත්අඩංගුවට ගැනිම් වලදි සොයා ගත් පුපුණ කුඩු වර්ගයක් විනාශ කිරිමටද අධිකරණයෙන් නියෝග ලැබුණු අතර පුපුරණ අනික් ද්‍රව්‍ය ආදාල ආයතන වලට යොමු කර ඉදිරි කටයුතු සිදු කිරිමටත් මෙම සියලූ නඩු භාණ්ඩ විනාශ කිරිමට හෝ රඳවා ගැනිමට පෙර ඒවායේ ජායාරූප ලබා ගැනිමටද අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුවේ සිට පැමිණි එම්.එම්. ජේ මාරසිංහ මහතා ඇතුලූ නිලධාරින්ට නියෝග ලබා දෙන ලදි.

කෙසේ වෙතත් මහෙස්ත‍්‍රාත්වරයා මෙම නඩුව තව දුරටත් විභාග කටයුතු සිදු කිරිමට අවශ්‍ය බව පවසමින් ජුනි 27 වැනිදා තෙක් කල් තැබිම සිදු කරන ලද අතර 8,9,11 සැකකරුවන් සම්බන්ධයෙන් සාක්සි සම්පිණ්ඩන වාර්තාවක් ඉදිරිපත් කරන ලෙසද නියෝග ලබා දිම පසුගිය ජුනි 03 වැනිදා නියෝග කර අතර එම වාර්තා අද ආරක්ෂක ප‍්‍රධානීන් විසින් අධිකරණය වෙත ඉදිරිපත් කරන ලදි.

කෙසේ හෝ මෙම නඩුව වෙනුවෙන් සැකකරුවන් තිදෙනෙක් සඳහා ඉදිරිපත් වු නිතිඥ ඉරංග විජේගුණවර්ධන යන අය අධිකරණයෙන් පිට වන අවස්ථාවේ මේ පිළිබඳව විමසු විට මාධ්‍යවේදින්ට පිළිතුරු දෙමින් නිතිඥවරයා පැවසුවේ මෙවැන්නකි.
අද දිනයේ නඩු අංක 11330,11343 යන නඩු අද ගරු අධිකරණය මගින් විභාගයට ගත් අවස්ථාවේ පසුගිය 03 වැනිදා මා ඉල්ලීමක් 8.9.11 යන සැකකරුවන් වෙනුවෙන් සාක්සි සම්පිණ්ඩණ වාර්තා ගරු අධිකරණයට ඉදිරිපත් කරන ලෙස ඒ අනුව එම නඩුවට අදාල සාක්සි සම්පිණ්ඩණ වාර්තා අධිකරණය මගින් ඉදිරිපත් කලා. ඒ අනුව අද අධිකණය විසින් 11330 ට ආදාලව තවත් සැකකරුවන් 15 දෙනෙක් අධිකරණය වෙත මහෙස්ත‍්‍රාත් නිරික්ෂණය වෙනුවෙන් ඉදිරිපත් කලා. නැවත එම සැකකරුවන් ලබන මස 12 වැනි දින නැවත මහෙස්ත‍්‍රාත් නිරික්ෂණයට ඉදිරිපත් කරන ලෙසද ගරු අධිකරණය නියෝග නිකුත් කලා. ඒ අනුව අනිකුත් සැකකරුවන්ගේ නඩුව මෙම මස 27 වැනිදා විභාග කිරිමටත් නියමිතව පවතිනවා යැයිද පැවසිය.

කෙසේ වෙතත් මෙම බුදු පිළිම නඩුවේ සැකකරුවන් කිහිප දෙනෙකු වෙනුවෙන් පෙනි සිටිමට පැමිණි නිතිඥ මහත්වරුන්ගේ කාර් රථයේ මාවනැල්ල ප‍්‍රාදේශිය සභා රථ ගාලේ නවතා තිබියදි එහි ඉදිරිපස ටයරයක ආපසු පැමිණෙද්දි සුළං බැස තිබු අකාරය දැක ගත හැකි වු අතර එය


The people who confiscated the Buddha’s wall in Mawanella were sent to jail again

යන්න මෙ වන තෙක් සොයා ගැනිමද නොහැකි වු බව එම නිතිඥ මහතා පැවසිය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *