ශ්‍රී ලංකා කණ්ඩායමේ මෑත කාලයේ ශාරීරික යෝග්‍යතාවය පිරිහිලා ද???

 අපේ ශාරීරික යෝග්‍යතාවය සම්බන්ධයෙන් දෙවරක් සිතිය යුතු නොවේද

අද තරගයේදී දිනන කණ්ඩායම සම්බන්ධයෙන් පුර්ව අනාවැකි සම්බන්ධයෙන් කීමට පරිසම් වීම සියලු දෙනාගේ යහපත සදහා වනු ඇත. මන්ද ලෝක කුසලානයේ තරග සියල්ල අවසන් නොමැති නිසාත් ක්‍රීඩකයන්ගේ මානසික තත්වය වර්ධනය කලයුතු නිසාත් අදහස් පලකිරීමට මේ කාලයක් නොවුවද ක්‍රිකට් පරිපාලනයේ දුර්වල ස්ථාන සම්බන්ධයෙන් ඇස් කන් නොමැති සේ සිටීමට නොහැක.

එදා තරගයේ වීරයා නුවන් ප්‍රදීප් ආබාධයට ශ්‍රී ලංකා කණ්ඩායමේ මෑත කාලයේ ශාරීරික යෝග්‍යතාවය පිරිහිලා ද පසුගිය වසර පහ තුල මෙරට ජාතික කණ්ඩායම නියෝජනය කරන ක්‍රීඩකයන් බහුතරයක් අබාධ වලට ලක්වීම නිසා තරග පමණක් නොව තරගාවලි ද අහිමි වීම බහුලව දක්නට ලැබුණි විශේෂයෙන් වේගපන්දු යවන ක්‍රීඩකයින් අවස්ථා ගණනාවකදී අබාධයන්ට ලක්වීම දක්නට ලැබුණි මෙය අහඹු සිදුවීමක් වීමට නොහැක ලෝකයේ අනෙක් කණ්ඩායම් හා බැලු විට අපේ කණ්ඩායමේ ක්‍රීඩකයන් ශාරීරික අබාධ වලට ලක්වීම වැඩිය එසේනම් අපේ ශාරීරික යෝග්‍යතාවය සම්බන්ධයෙන් දෙවරක් සිතිය යුතු නොවේද වෙනත් රටවල කණ්ඩායම් වල ක්‍රීඩකයින් විවේක ගන්වන්නේ ඊලග තරගවලිය ඉලක්ක කරගෙනය එහෙත් අපේ රටේ සිදුවන්නේ අනිවාර්ය විවේක ගැන්වීම් සිදුකිරීම නොවේද???

අද තරගය ශ්‍රී ලංකාව සහ බංගලාදේශය අතර තරගයක් වුවද සමස්ථ තරගවලියේ ඉතාමත් තියුණු තරගයක් අද දිනයේදී දැක ගත හැක අයහපත් කාලගුණයෙන් බාධාවක් නොවන්නට එය එසේ වෙනවාට කිසිදු සැකයක් නොමැත කණ්ඩායම් දෙකෙහි දක්ෂතා බැලු කල බංගලාදේශ කණ්ඩායම වර්තමානයේ ශ්‍රී ලංකාවට වැඩ බොහෝ ඉදිරියෙන් පසු වෙති ශ්‍රී ලංකාව පැත්තෙන් ගත්කල පන්දු යැවීම පැත්තෙන් ඉහල මට්ටමක තිබුණද පිතිකරණය පැත්තෙන් යහපත් මට්ටමක නොමැත පසුගිය තරගයේ වීරයා වශයෙන් තේරුණු නුවන් ප්‍රදීප් අබාධයකට ලක්වීම අවාසනාවන්ත තත්වයකි.

ප්‍රබල තරගයක් පෙනෙන මානයේ තබා ප්‍රබල පන්දු යවන්නෙකු අබාධයකට ලක්වීම සම්බන්ධයෙන් සුළුවෙන් තැකිය නොහැකිය අපේ ක්‍රීඩකයන් පසුගිය සාමය පුරාම තරගාවලි අතර තුර විවිධ අබාධ වලට ලක්වීම දක්නට ලැබුණි මෙවන් තත්වයක් කණ්ඩායමේ ඇතිවීම යහපත් ද ???

මෙරට හිටපු ක්‍රීඩකයෙකු වන මාරියෝ වෙල්වරායන් දැනට බංගලදේශ කණ්ඩායමේ ප්‍රධාන ශාරීරික යෝග්‍යතාවය සම්බන්ධ ප්‍රධානියා වශයෙන් තම කණ්ඩායම මෙහෙයවන ආකාරය සහ ඔවුන්ගේ කණ්ඩායමට ලබාදෙන දායකත්වය අපි ශ්‍රී ලාංකිකයින් වශයෙන් ලජ්ජාවට පත්විය යුතුය මෙවන් දක්ෂයන් මෙරට රදවා ගැනීමට මෙරට බලධාරීන් අපොහොසත්වීම කණගාටු දායකය අපේ රටේ සම්පත් වලින් වෙනත් රටක ජාතික කණ්ඩායමක් ඉහලට එසවීමට හැකිනම් අපේ රටේ ක්‍රිකට් බලධාරීන් තවමත් මර නින්දේ සිටීම සම්බන්ධයෙන් දෙවරක් සිතිය යුතුය.

අද තරගය සම්පුර්ණයෙන්ම බංගලාදේශ පිතිකරුවන්ගේ සහ ශ්‍රී ලංකාවේ පන්දු යවන්නන්ගේ තරගයක් වනවාට කිසිදු සැකයක් නොමැත.පසුගිය තරගයේදී බටහිර ඉන්දීය කොදෙව් දේශයෙන් බිහිවූ අග්‍රගන්‍ය පිතිකරුවෙකු වූ බ්‍රයන් ලාරා කියාසිටියේ ශ්‍රී ලංකා කණ්ඩායම අවතක්සේරුවට ලක්කළ නොකළ යුතු බවත් ඔවුන් ඕනෑම අවස්ථාවක නැගී සිටිය හැකි ප්‍රබල කණ්ඩායමක් බවත් ලෝක කුසලාන දෙකකට හිමිකම් කියන ශ්‍රී ලංකාව තම අතීත අත්දැකීම් තුලින් තරගාවලියට පිවිසිය හැකි බවයි.සැබවින්ම විය යුත්තේ එය නොවේද!! අපේ ක්‍රිකට් කණ්ඩායමට ගොඩ ඒමට තිබෙන හොදම තැන අද තරගය විය හැක එය ලෝක කුසලානයේ ඉදිරි තරග සදහා විශාල මානසික ශක්තියක් වනු ඇත

Leave a Reply

Your email address will not be published. Required fields are marked *