ආරක්ෂක හමුදා පරීක්ෂා කිරීම් ගැන කථාකළ අසාද් සාලිට ලුණු ඇඹුල් ඇතිව සරත් ෆොන්සේකාගෙන් පිළිතුරු

පාර්ලිමේන්තු තේරීම් කාරක සභාවේදී සදහන් කරන ලදී

පත්තරයක සහරාන්ගේ පින්තූරය තිබුනා කියලා අවුරුදු 80 ක පමණ මුස්ලිම් පුජකයෙකු අත්අඩංගුවට ගත්තා අත්අඩංගුවට ගත් අහිංසක මුස්ලිම් වරුන්ට දැඩි පීඩාවක් ඇතිකළා මේ සිදුවීම් වලට ආණ්ඩුව වග කියන්න ඕන හමුදාව ඇතුළු ආරක්ෂක අංශ අපේ ප්‍රජාවට බොහෝ හිරිහැර කළා

හිටපු බස්නාහිර පළාත් ආණ්ඩුකාර අසාද් සාලි අද පවතී පාර්ලිමේන්තු තේරීම් කාරක සභාවේදී සදහන් කරන ලදී.

ආරක්ෂක හමුදාව පරීක්ෂා කිරීම් වලදී ජනතාව අපහසු තාවයට පත්වෙනවා මෙවැනි තත්වයකදී ආරක්ෂක අංශ සිදුකරන රාජකාරිය සම්බන්ධයෙන් විවේචන කරන්න බැහැ ඒ වෙලාවේ ආරක්ෂක අංශ කරපු රාජකාරිය කාටවත් අභියෝග කල නොහැකියි

අසාද් සාලි අද දින පාර්ලිමේන්තු තේරීම් කාරක සභාවේ සිදුකල සාක්ෂි ලබාදීමේදී සිදුකල ප්‍රකාශ සම්බන්ධයෙන් පීල්ඩ් මාෂල් සරත් ෆොන්සේකා මහතා පිළිතුරු ලබා දෙමින් සදහන් කරන ලදී.

අසාද් සාලි :

සහරාන් ඇතුළු හත් දෙනෙකු කල මේ වැඩේට මුස්ලිම් ප්‍රජාව දුක්විදින්න අවශ්‍ය නැහැ

සරත් ෆොන්සේකා:

හත් දෙනා කරපු වැඩේ නිසා ජීවිත 250 ක් පමණ නැතිවුණා තවත් 500 පිරිසක් තුවාල ලැබුවා අපි එදා ආරක්ෂක අංශ පාලනය කරන විට මෙවැනි සෝදීසි මෙහෙයුම් කළා අත්අඩංගුවට ගැනීම් සිදුවුණා එහෙම නැතිව කොහොමද මේ අනතුර පාලනය කරන්නේ කවුරු හරි හිතනවානම් සහරාන් ඇතුළු කණ්ඩායම නැතිවුණා කියලා ත්‍රස්ත වාදීන් අවසන් කියලා ඒක මෝඩ තර්කයක් එහෙම දවසින් දෙකින් ත්‍රස්තවාදය අවසන් කරන්න බැහැ ඒකට නිසි නායකත්වයක් සහ වැඩපිළිවෙලක් අවශ්‍ය වෙනවා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *