සහරාන්ගේ කල්ලියේ පළමු වෙඩි උණ්ඩයට ගොදුරු වු මාවනැල්ලේ තස්ලීම්ල් ගේ කථාව මෙන්න

සහරාන්ගේ කල්ලියේ පළමු වෙඩි උණ්ඩයට ගොදුරු වු මාවනැල්ලේ තස්ලීම්ල් ගේ කථාව මෙන්න

‘ ජායාරූප හා සටහන කෑගල්ල සමන් විජය බණ්ඩාර

පසුගිය පාස්කු ඉරු දින ප්‍රහාරයට පෙර සහරාන්ගේ කල්ලියේ පළමු වෙඩි උණ්ඩයට ගොදුරු වු මාවනැල්ලේ දනාගම පදිංචි 37 හැවිරිදි මොහොමඩ් රාසික් මොහොමඩ් තස්ලීම්ල් මෙ වන විට සුව අතට පත් වෙමින් පවතින අතර ඔහුගේ අලූත්ම තත්වය සොයා බැලිමට ඔහුගේ නිවස වෙත අප පසුගියදා ගොඩ විය.

ආගමික මතවාදයක් මුල් කර ගනිමින් ඉස්ලාමිය ජනතාව අතරින් බිහි වු අන්තවාදීන් මුලින්ම කලේ මාවනැල්ල අවට බුදු පිළිම වලට හානි කිරිමයි. එහිදි ජාතින් අතර ඇති විමට ගිය අසමගිය මැඩ පවත්වන්නට මේ ගැටලූවේ වැරදි කරුවන් කවුද යන්න සොයා ගෙන ඊට සම්බන්ධ බොහෝ පිරිසක් ඉතා කෙටි කාලයකදි ආරක්ෂක අංශ අත්අඩංගුවට පත් ගන්නටත් තස්ලීම් මහා විශාල කැප කිරිමක් කරන ලද මුස්ලිම් සමාජයෙන් පෙරට පැමිණි පළමු වීරයා ලෙස හැදින්විම වරදක් නොවෙයි.
ආරක්ෂක අංශ සමගත් දේශපාලන නායකයන් සමගත් අසල්වාසින් මෙන්ම සිංහල ආගමික නායකයන් සමගද ඔහු කිවේ අපේ ජාතිය නියෝජනය කරන මේ මිනිස් කොට්ඨාංශය මහ පාපකාරි මිනිසුන් කොටසක් වන බවයි. ඔවුන් ඉස්ලාම් අය නොවන බවද අන්තවාදි අදහස් ඇති අය බවද කිවාය. ඒ නිසාම මේ අන්තවාදීන් ගැන දිවා රෑ තොරතුරු සොයා ගත් තස්ලීම් විසින් පුත්තලම වනාතවිල්ලූවේ අන්තවාදීන්ගේ පුහුණු විම් සිදු කරන ලද ස්ථාන මෙන්ම අවි ආයුධ ඇතුලූ පුපුරන ද්‍රව්‍ය සොයා ගැනිමට ආරක්ෂක අංශවලට සහාය වි ඔහුද ඒ සමග දින හතරකට වැඩි කාලයක් එහි ගොස් ඒවා සොයා ගැනිමට සහාය දක්වන්නේ මේ මහා ජාතික විවසනය වලක්වා ගැනිමට ඔහුට විශාල වුවමනාවක් හා බලාපොරොත්තුවක් තිබු නිසාවෙනි.
ඔහු සැම විටම කිවේ මුස්ලිම් සියලූ ජාතින් මේ වරදේ කොටස් කාරයන් නොවන බව බවයි. 21 වැනි දින සිදු වු පාස්කු දින ප්‍රහාර මාලාව පවා වලක්වා ගැනිමට ආරක්ෂක අංශ වලට තස්ලීම්ගේ තොරතුරු ප්‍රමාණවත් වුවත් ඒ මහ විවසනය වන තෙක්ම ආරක්ෂක අංශ ප්‍රධානනින් තම රාජකාරි කටයුතු ඒ මොහොතේ පැහැර හැරිම, අනතුරු ඇගවිම හදුනා ගැනිමට නොහැකි විම මේ මහ විවසනයෙන් පසු රට තුල අද පවතින විවිධ අර්බුදකාරි ගැටලූ වලට මුල් වි ඇත.

ඉස්ලාම් ආගම මුල් කරගනිමින් අන්තවාදි ක්‍රියාකාරකම් සිදු කරන අයට විරුද්ධව තස්ලීම් කටයුතු කල නිසා එම අන්තවාදින්ගේ කටයුතු වලට තස්ලිම් බාධාවක් විය. ඒ නිසාම අන්තවාදි කණ්ඩායම් නායකයාගේ අනුදැනුම ඇතිව ඔහුන්ගේ ගෝලයන් විසින් පළමු ගොදුර බවට තස්ලීම් කොටු කර ගැනිමට මහත් වු වෙහෙසක් දාරා පසුගිය මාර්තු 09 වැනි දින අලූයම නිදි යහනේ සිටියදි හිසට වෙඩි තබයි.

තස්ලීම්ගේ හිසෙහි පිටුපසින් වැදුනු වෙඩි පහර පිට වන්නේ නළලට ඉහළ කොටසිනි. වෙඩි වැදිම නිසා බරපතල තුවාල ලැබු තස්ලීම් මාවනැල්ල දනාගම නිවසේ සිට මාවනැල්ල මහ රෝහලට ඇතුලූ කිරිමෙන් අනතුරුව මාවනැල්ල මහ රෝහලෙන් මහනුවර මහ රෝහල වෙත මාරු කර යවන්නේ ඒ වන විටත් තස්ලීම්ගේ හිසට වැදුනු වෙඩි පහර ඉතා දරුණු මට්ටමක තිබුණු නිසාය.
තස්ලීම් මාගේ මහත්තයා මේ ප්‍රහාරයට ලක් වුනේ පසුගිය මාර්තු 9 වැනිදා පාන්දර 4.30 ට විතර එතකොට අපේ ගෙදර හිටියේ මම මාගේ මහත්තයා එයාගේ අම්මා සහ දරුවෝ තුන්දෙනා. ගෙදර නිදා ගෙන හිටියේ මුළුතැන් ගෙට යන දොර ලග පසු පස කාමරයේ ඇදෙහි. ඒ කාමරයේ ජනෙලය ලග තමයි ඇද තියෙන්නේ. පොඩි පුතා ජනෙලය පැත්තටත් මම මැද හිටියා මහත්තයා ඇද අයිනේ හිටියේ. ඔය සිද්ධිය වෙන වේලාවේ ගේ ඇතුලේ වයර් ෂෝට් එකක් වෙනවා වාගේ ශබ්දයක් තමයි මට අසුනා.

මට මෙහෙමත් සිතුනා ෆොන් චාචරය පිපිරුවා වාගේ ද කියලාත් සැකයක් හිතුනා. මොකද්ද ශබ්දය කියලා මම මාගේ මහත්තයාගෙන් ඇසුවත් එයා කිසිම කතාවක් නැහැ එත් එක්කම අමුතු ගඳක් ආවා එක වෙඩි ඛෙහෙත් ගඳක්. මහත්තයා දිහාට හැරිලා බලපුවාම මම දැක්කා ලේ එයාගේ ඔළුව පැත්තෙන් යනවා. එයාට කතා කරගන්න බැහැ මාගේ අත්දෙක මහත්තයා ඇල්ලූවා එයා ඇදෙන් වැටෙන්න යනවා දැක්කා සිහිය නැතිව මම හිතුවේ මහත්තයා මිය ගියා කියලා මම ඇද මත එයා ආරක්ෂිත තියලා නිවසේ පිටුපස්සට දුවලා බැලූවා එතකොට දැක්කා පිටුපස දොර පියන් දෙකේ වහලා තිබුණු එක පියනක් ඇරිලා තියෙනවා. මම එලියට ගිිහින් නෑනාට කෑ ගහලා කතා කරනකොට පිටුපස වත්තේ ඉදලා දෙන්නෙක් දුවගෙන යනවා කළුවරේම දැක්කා. ඔය වෙඩි තියෙන අය ඇවිත් තිබුණේ අපේ දොර පිටුපස සොයිබය කැඩිලා තිබුණු දොරෙන් යැයි මෙම සිද්ධිය සම්බන්ධයෙන් විස්තරයක් කරන ලද තස්ලීම්ගේ බිරිඳ වන 28 හැවිරිදි මොහොමඩ් සාහිඩින් ෆාතිමා ජන්නත් යන අය අපට කිවාය.

ඩී. 36/2, දනාගම, මාවනැල්ල ලිපිනයේ පදිංචි මොහොමඩ් රාසික් මොහොමඩ් තස්ලීම්ට ව්‍යාපාරිකයෙකි. විවාහක බිරිඳ මොහොමඩ් සාහිඩින් ෆාතිමා ජන්නත් වන අතර මේ දෙදෙනාට දරුවන් තිදෙනෙක් සිටින අතර ඔවුන් සියලූ දෙනාම පිරිමි දරුවන්ය. ලොකු පුතාගේ වයස අවුරුදු 9 ක් වන දෙවැනි පුතනුවන්ට වයස අවුරුදු 6 කි. කුඩා පුතණුවන්ගේ දැන් වයස අවුරුදු 1 මාස 6 ක් වන බව මෙ සම්බන්ධයෙන් අප කරුණු සොයා දනාගම තස්ලීම්ගේ නිවසට ගිය අවස්ථාවේ අප සමග කතා කරමින් සිටි තස්ලීම්ගේ බිරිඳ පැවසීය. \\

මට දරුවෝ තුන් දෙනෙක් ඉන්නවා මේ පුතා තමයි ලොක්කා. එකම පිරිමි දරුවා. මාගේ පුතා පුංචි දවස් වල ඉදලාම මිනිස්සුන්ට උදව් පදව් කරන්න හරි කැමැතියි. මුලින්ම පාසල් ගියේ දනාගම ගමේ පාසට ඊට පස්සේ මාවනැල්ලේ සහිරා එකට උසස් පෙළ කරන්න ගියා. මාගේ මහත්තයා මාව අත්ඇරලා යනකොට මේ පුතාට වයස අවුරුදු 6 යි. ඒ වේලාවේ ඉදන් මම මාගේ සහෝදරයන්ගේ ගෙවල් වල වැඩ කරලා දිලා කියක් හරි හොයා ගෙන මේ දරුවෝ ලොකු මහත් කලා පුතාට දැන් වේලා තියෙන කරදරට ගැන මට මතක් වෙන කොට හරි දුකයි යැයි තස්ලීම් පිළිබඳව මහත් වු වේදනාවකින් පසුවන්නේ ඔහුගේ මව පමසන්නේය. දැනට 62 වන වියේ පසු වෙන මොහොමඩ් සරිෆ් මුම්මෝ ලයිමා උම්මා තස්ලීම්ගේ ආදරණිය මව වන්නේය. දෙනෙතට කඩා හැලෙන උණු කදුළු පිස දමමින් තස්ලීම්ගේ අම්මා අප සමග මෙසේ ද පවසයි.

මාගේ පුතා පාසලේ 9 වසරේ ඉන්නකොට අපිට සමෘද්ධිය ලැබුණා. එතකොට පුතා පාසල් යනවා එයා මට ඉස්කොලේ ගිහින් ඇවිත් දවසක් කිවා zz අම්මේ අපිට මේ සමෘද්ධීය ඔනෑ නැහැ අපිටත් වඩා දුප්පත් මිනිස්සු මේ ගමේ ඉන්නවා ඒ අය හොයලා ග්‍රාම සේවා මහත්තයාටයි සමෘද්ධී මහත්තයාටයි අපේ සමෘද්ධීය ඒ කෙනෙකුට දෙන්න කියලා කියන්න එක පිනක් ZZ කියලා පුතා සමෘද්ධිය අයින් කරන්න ලියුම් පවා ලියලා ඒවා ඒ මහත්වරුන්ට දෙන්න කියලා මට දුන්නා එහෙමයි අපේ සමෘද්ධිය පුතා අයින් කර ගත්තේ. ඒ කරලා එයා පාසල් ගිිහින් ඇවිත් හවස මාවනැල්ල ටවුමේ අපේ ඥාතියෙකුට අයත් සිල්ලර් බඩු කඩයක වැඩ කරලා අපේ ගෙදර අවශ්‍යතා වෙනුවෙන් වැඩ කලා. මේයා පාසල් යන කාලේ ඉදම්ම හොඳ කෙනා. යාළුවෙක් මොනවාද ඉල්ලන්නේ එයාට නැති වුනොත් එයා දෙනවා. සිංහල අයත් එක්ක හොඳින් හිටියා. මොකද මේ අවට තියෙන්නේ ඔක්කොම සිංහල ගම් ඒ අයගේ අවුරුදු වලට විතරක් නොවෙයි නිකම් ඉන්නකොට පවා ඒ ගෙවල් වලට ගිහින් කතා බහ කරලා කරදරයකදි එයා බැහැලාම වැඩ කරනවා.

පුතා මට කියන දෙයක් තමයි සිංහල මේ අවට මළ ගෙයක් වුනාම ඒ ගෙදරට බත් උයාගෙන යන්න ඔනෑ කියලා. ඒ වේලාවට ඒ අඩුපාඩු එයා කොහෙන් හරි ගෙනත් දෙනාවා. මේ විදිහට පාසල් ගිහින් අවසන් වුනාට පස්සේ ගමේ තරුණයක් එකතු කරගෙන ඒ අයට නායකත්වය දිලා කරපු සමාජ වැඩනම් කියලා නිම කරන්න බැහැ.

තස්ලීම්ගේ බිරිඳ අප තස්ලීම්ගේ මව සමග කතා කරමින් සිටි අතරවාරයේ මෙසේද අප සමග අදහස් දක්වන්නට විය.
තස්ලීම් මාගේ මහත්තයාට මේ සිද්ධිය වේලා මාස දෙකයි දවස් 11 කට පස්සේ දැන් මාගේ මහත්තයා කතා කරනවා අපිව හදුනනවා. විස්තර අහනවා මාගේ ලොකු පුතාලා දෙන්නාගේ වයසත් එක්ක එයාලාට හොඳට තේරෙනවානේ එයාගේ තාත්තා මෙච්චර දවසක් කතා නොකරන හිටපු නිසා එයාලාත් දුකෙන් හිටියේ නමුත් දැන් මහත්තයා මේ වෙන කොට කතා කරන නිසා එයාලාගේ හිතට හොඳයි දැන් එයාලා අහන්නේ තාත්තා ගෙදර එන්නේ කවදාද කියලා විතරයි.
මාගේ මහත්තයාට කතා කර ගැනිමට පුළුවන් තත්වයට පත් වුනත් හොඳ සිහි කල්පනාව තිබුණත් එයාගේ වම් පැත්තේ හිසට වැදුනු වෙඩිල්ල නිසා එයාගේ දකුණු පැත්ත අප්‍රණිකව තමයි තියෙන්නේ නමුත් ඒ පැත්තත් ඉක්මනින් සනීප වෙයි කියලා වෛද්‍යවරුන් කියනවා.

මුලින්ම ප්‍රතිකාර ලබපු රෝහලේ නොවෙයි දැන් ඉන්නේ යම් තත්වයකට හොඳ නිසා එයාගේ මාන්සික තත්වයන් හදන්නටත් ස්නායු ඇතුලූ වෛද්‍ය ප්‍රතිකාර පහසුවෙන් කරන්න වෙනත් රජයේ රෝහලක ( ආරක්ෂක හේතුන් මත රෝහලේ නම මෙහි සටහන් නොකරනු ලබයි ) නේවාසිකව ප්‍රතිකාර ලබනවා. එයාගේ ඇප උපස්ථාන කරන්න දෛනිකව පවුලේ ඥාතීයෙක් ලග තියලා ඒ කටයුතු සිදු කරගෙන යනවා. දැනට මේයාගේ ආරක්ෂාවට පොලිසියේ මහත්වරුන් දෙදෙනෙක් ඉන්නවා.
දිගන ප්‍රදෙAශයේ ජිවත් වන නුවර පොලිසියට අනුයුක්තව රාජකාරි කරන බන්දුල කියන මහත්තයා සිංහල කෙනෙක් නමුත් මහත්තයා මෙ වෙන කොට හොඳ සිහි කල්පනාවෙන් කතා කරන්නත් ඔහුගේ මාන්සික තත්වය හඳන්නත් ඒ මහත්තයා සහෝදරයෙක් වාගේ එහි පොලිස් රාජකාරි කරමින් කටයුතු කරා එක මේ වේලාවේ මතක් කරලා එතුමාට මං පිං දෙනවා.
අපේ පවුලේ අය ගියාපුවාම ඒ මහත්තයා හිතා හොඳින් කතා කරනවා ඒ වාගේම ඒ පොලිස් මහත්තයාගේ නිවසේ අයත් මහත්තයා බලන්න රෝහලට එනවා. සහෝදරයෙක් වාගේ එම පොලිස් නිලධාරියා ලබා දෙන සහාය වාගේම අද මහත්තයා සුවපත් වි සිටින තත්වයට ගෙන්න මහන්සි වුන සියලූම වෛද්‍යවරුන්ට අපි පිං දෙනවා. ඔවුන් කරන ලද කැපවිම උත්සාහය කිසි වේලාවකවත් අපිට මිල කරන්න බැහැ යැයිද ඇය පැවසීය.

තස්ලීම්ගේ මව පුතා පිළිබඳ නැවත වතාවක් සිය අදහස් පල කරමින් මෙසේද කියයි.
මාගේ පුතා වැඩි වශයෙන් උදව් කරලා තියෙන්නේ සිංහල දුප්පත් ළමයින්ට, පාසල් වලට මෙන්ම දහම් පාසල් වලට පසුගිය දවස් වල අරණායක සාමසර කන්ද නාය ගියාට පස්සේ ඒ කන්ද පාමුල තියෙන දෙබත්ගම වියන්එළිය පන්සලේ හාමුදුරුවෝ මුණ ගැසිලා ඒ ජනතාවගේ අඩුපාඩු පන්සලේ අඩුපාඩු හොයලා අපේ මුස්ලිම් ධනපතියන්ගේ උදව් අරන් අසරණ මිනිස්සුන්ට උදව් කලා. සුනාමිය, රත්නපුරේ ගං වතුර වාගේ පිට පළාත් වල මහ ඛේදවාචකයන් අවස්ථාවන් වලදි දවස් ගණන් ගිහින් උදව් පදව් කරනවා ගමේ අයත් එකතු කරගෙන.
පුතාට මහ ලොකු ලැබිමක් තමයි තිබුණෙA එයාගේ සමාජ මෙහෙවරට සල්ලි තියෙන මිනිස්සු උදව් කලා. ඒ අය පුතා විශAවාස කලා පුතාගේ ගමන් මග ඒ අය තේරුම් ගත්තා ඒ නිසා මේ මාගේ දුප්පත් කොල්ලා හැම කෙනෙකුටම උදව් කරමින් හොඳට ජිවත් වුනා.

එයා හැම වේලාවේම කියන්නේ අපි මොන ජාතියේ වුනත් ඒවා අමතක කරලා මේ රටේ ජිවත් වෙනකොට සහෝදරයන් වාගේ එකා වාගේ ජිවත් වෙන්න ඔනෑ කියලා. පුතාගේ සමහර සමාජ සේවා කටයුතු වලදි මාත් පුළුවන් විදිහට උදව් කරනවා. එතකොට තස්ලීම්ගේ අම්මා කියලා මටත් මිනිස්සු හරි ආදරෙයි පුතාට මේ වෙච්ච කරදරය ලොකු වේදනාවක් මට තිඛෙනනවා පුතා අද ජිවත් වෙන්න තරම් වාසනාව පුතාට හිමි වුනේ එයා කරපු පින නිසා කියලායි මට හිතෙන්නේ. කාගේවත් හිතක් රිදවපු නැති පුතා සමාජයේ ඔනෑම ප්‍රශAන තියෙන තැනකට ගියත් එක සමනයකට පත් කරන්න තරම් දක්ෂයෙක්.

අවුරුදු ගාණක් සිංහල වාගේම හැම ජාතියක් එක්කම හොඳින් අපි ජිවත් වුනා වැරදි දේවල් මග පෙන්විම් ඉගෙන ගෙන මුස්ලිම් අපේ අයගේ තරුණ කණ්ඩායමක් ඇවිත් අපි සියලූ දෙනාටම ප්‍රශ්න ඇති කලා පුතා හැම වේලාවේම කිවේ මේ අය මං නැති කරන්න පොලිසියට හමුදාවට උදව් කරනවා අම්මේ කියලා පුතේ යන්න එපා ඔයාට කරදයක් වෙයි කියලා මට කියන්න හිතුනත් ඒ ගමන පුතාගේ නවත්වන්න බැහැ කියලා මම දන්නවා. පුතාගේ සමාජය සේවයට වේලාවක් නැහැ. ඒ විදිහට තමයි පුතා මෙච්චර කාලයක් ජිවත් වුනේ යැයි ද විටක ඇය ආඩම්බරයෙන් කියන්නේය විටක දුක් වන්නේ පුතාගේ දැන් පවතින අසනීප තත්වය ගැන ඇය සුසුම් හෙළන්නේය.

තස්ලීම්ගේ බිරිඳ ෆාතිමා විටක මේසේද පවසන්නේය. දැන් මහත්තයා යම් තරමකට හොඳ සිහි කල්පනාවෙන් ඉන්නවා මහත්තයාට වෙඩි වැදුනු දවසේ සිදු විම මතකදැයි මා තස්ලීම්ගේ බිරිදගෙන් විමසු විට ඇය පැවසුයේ එදින සිදු වු සිද්ධිය සම්බන්ධයෙන් එයා කිසිම දෙයක් දන්නේ නැතැයි කියාය.

එහෙමනම් තස්ලීම් දැන් මොකද කියන්නේ ඔහු සුව වි නිවසට පැමිණ පසු නැවත කරන්නේ මොනවාද කියලා ඔබ ඇසුවාදැයි හා ඇසිය ඊට පිළිතුරු දුන් තස්ලීම්ගේ බිරිඳ ෆාතිමා
එයා නැවත නැවත කියන්නේ මම කරගෙන ගිය සමාජ සේවය නැවත කරගෙන යන්න ඔනෑ කියලායි. ඒ වාගේම අපි පත්තර සිංහල දෙමළ ගිහින් දෙනවා ඒවා එයා කියවනවා ටිවි තියෙනවා බලන්න එයා මේ රටේ වෙන ඒවා දැන් බලලා කියනවා මේ දේ නොවෙන්න තමයි මම ප්‍රසිද්ධියේ එළියට බැස්සේ කියලා.

ඒ වාගේම එයා කියනවා zz සියලූ දෙනා දේශපාලන පක්ෂ පාට අමතක කරලා එකතු වේලා මේ විවසනය සිදු විම වැලැක්විමට කලින් කටයුතු කලේ නැහැ ZZ කියලා අද එයා දුක් වෙනවා යැයිද ෆතීමා පවසති.
තවමත් තස්ලීම් ඔබේ ස්වාමියාට ආරක්ෂාව පිළිබඳ ප්‍රශAන තියෙනවාද ? මා ඇසිය ඔව් එයා ගෙදර ආවොත් ඒ ප්‍රශAනය අපිට ඉදිරියේදි ඇති වෙයි. රෝහලේ වෛද්‍යවරුන් පවා කියන්නේ මේයා ප්‍රතිකාර කරන රෝහලේ මේයාගේ ආරක්ෂාව තව දුරටත් සැපයිය යුතු බවයි.

තස්මිල්ගේ ජිවිතයේ තවත් සමාජ සේවාවන් රැසක් අපිට කිවේ ඔහුගේ මිත්‍රයෙකු වන දනාගම පදිංචි මොහොමඩ් මුන්තාස් මහතායි.
තස්ලීම් අපිට උපදෙස් දෙන දේවල් ක්‍රියාත්මක කලේ අපි ඔහු මහ පුදුම සමාජ සේවකයෙක් එක උපන් ගතියක් කියලායි මටනම් හිතෙන්නේ. එයාට පොඩි ලොරියක් තියෙනවා ඒ ලොරිය තමයි හැම සමාජ වැඩ කටයුත්තකට ගන්නේ මේ ගමේ කෙනෙක් කොහේ හරි හදිසියේ මිය ගියොත් ඒ ලොරිය අරන් ගිහින් තමයි ඒ මළ මිනිය අරන් එන්නේ ඒ විදිහට එයාගේ මේ ලොරියේ මිනි 100 කට වැඩි ප්‍රමාණයක් එදා සිට මේ දක්වා ඇදලා ඇති. මෙයා සිංහලයා දෙමළා කියලා මිනිස්සු වර්ගිකරණයක් කලේ නැහැ ඒ හැම කෙනෙකුටම සැලකුවා දුප්පත් ළමයින්ට පොත් පත් ඛෙදා දුන්නා රට වටේ ගිහින් ඒ වාගේම මේ අවට විහාරයකම භික්ෂුන් වහන්සේලා එක්ක හොඳ සමීප සම්බන්ධතාවයක් පැවැත්තුවා.
දනාගම මේ කොටස කෙළවරින් මා ඔය ගලා ගෙන යනවා ඒ මා ඔයේ zzපුහුවලZZ කියලා කවුරුත් හදුන්වන කොටසක් තියෙනවා එතන ජල පහර වැඩි විශාල වලක් තියෙනවා නාන්න ගියපු ළමයෙක් මෙ වලට ගිහින් එයා මරණයට පත් වුනා ඒයාගේ ජිවිතය බේරා ගන්න මහ කැපකිරිමක් කරපු තස්ලීම් එදා මා ඔය ගමේ තරුණයක් එක්කරගෙන ගිහින් හරස් කරලා එම ස්ථානයෙන් යන ජල පහරේ වේගය අඩාල කරලා ඒ වල ඇතුලට පීනලා ගිහින් ඒ මිනීය ගෙනාවා එයා අපේ කෙනෙක් නමුත් හැම ජාතියකම අය මේ ස්ථානය විනෝද වෙන්නට එන නිසා එහි නැවත අවදානමක් ඇති නොවෙන්නට ඒ වලට කොන්ක්‍රීට් දාලා මුදල් වියදම් කරලා එතන ආරක්ෂිතව තස්ලීම් හැදුවා අපි නම් ඒ දේවල් හිතුවේ නැති වුනත් ඒයා කියන්නේ ඒ වාගේ දේවල් තමයි අපි කරන්න ඔනෑ කියලා අදටත් ඒ ස්ථානයේ ළමයි විනෝද වෙනවා කිසිම අනතුරක් නොවි.
ඒ විතරක් නොවෙයි දනාගම සහ ඒ අවට සිංහල මුස්ලිම් තරුණයන් මත්ද්‍රව්‍ය වලට යොමු වෙනවා යැයි පවසමින් ඒවා යම් තරමකට හෝ මැඩ පවත්වා ගන්න ඔනෑ කියලා මහ ලොකු ක්‍රීඩා පිටිය හදන්න ඔහු මුල පිරුවා විතරක් නොවෙයි මහ මඩ වගුරක එරිලා දවස් ගණන් උදෑල්ලෙන් ඒ ක්‍රීඩා පිටිය සකස් කරන අපේ තස්ලීම් වැඩ කලා.
ජාතින් අතර සංහිඳියා වැඩසටහන් වලදි එතුමා කැපි පෙනෙන චරිතයක් වු අතරම ඔහු හොඳ කථීකයෙකි. ඒ සමාජ විඥාණයෙන්ම ඉගෙන ගත් ඔහු සිංහල භාෂාව මෙන්ම ඉංග්‍රීසි භාෂාව හා තම භාෂාව හැසිරවිමට හැකි කථීකයෙකි. සිය ගමේ මිත්‍රයන් සමග ක්‍රිකට් ක්‍රිඩා කරන ඔහු වටා සිංහල මුස්ලිම් බොහෝ පිරිසකගේ කණ්ඩායමක් සිටි අතර ඔවුන් හරහා දුප්පත් ගම් වල සිටින දුප්පත් ජනතාවට මෙන්ම පාසල් දරුවන්ගේ අවශ්‍යතා සොයා බලා ඔවුන් නගා සිටුවිට කටයුතු කරන ලද ගමේ නායකයෙකි.
මේ නිසාම තම පල්ලියේ දායක සභාවේ ලේකම් තනතුරද හිමි කර ගත් ඔහු කබිර් හෂිම් මහත්මයාගේ ලේකම්වරයා ලෙස සිටියත් ඔහුට අමාත්‍යවරයා ලබා දි තිබු නිල රථය රැගෙන කිසිම මොහොතක ගමට පැමිණියේ නැත. ඔහු තම මිත්‍රයන්ට ඒ සම්බන්ධයෙන් කතා කරන ලද අවස්ථාවන් වලදි පවසා ඇත්තේ මම ගමේ සාමන්‍ය මිනිහෙක් මම ඔය නිල වාහාන අරන් ගමට ආවොත් ගමේ මිනිස්සු එකේක කතා කියනවා ඒක මාගේ වාහානයක් නොවෙයි එක හැමදාම මට ලැඛෙන දෙයකුත් නොවෙයි ඒ නිසා මිනිස්සුට උදව් කරන්න නිල රථ අවශ්‍ය වෙන්නේ නැහැ ඒ නිසා දේශපාලනයෙන් උදව් කර හැකි හැම මනුෂයෙකුටම මම දේශපාලනයෙන් අවශ්‍ය සහායෝගය ලබා දෙනවා.

ඔහු සරල මිනිසෙකි විටක සතුන්ට වල් වැටහිර තණ කොළ සොයා අසල් ගම් දනව් වල ඇවිද ගොස් කොළ මිටි බැද කා සමගත් සිනාමුසු මුහුණින් කතා කර තම කටයුතු පවත්වාගෙන ගියාය.\

වරක් ඔහු සිය මවට පවසා ඇත්තේ තමන්ට දේශපාලනයට පැමිණ මහජන නියෝජිතයෙක් වෙන ලෙස ජනතාවගෙන් ඉල්ලිම් ඇති නිසා ඒ හරහා ඉදිරියේදි කටයුතු කරන්නට තමන් බලාපොරොත්තු වන බවත් ඒ හරහා මහ විශාල සේවයක් කර හැකි බවද ඔහු සිය මව සමග විවේකි අවස්ථාවක කතා කරන විට පැවසු බව තස්ලීම්ගේ මව අප සමග පැවසීය.
තවමත් මවගේ නිවසේ ජිවත් වන තස්ලීම්ට ඇත්තේ වසර ගණනාවකට ඉහත සකස් කර නිවසකි එහි පිටුපස සමහර බිත්ති ඉරි තැලි ගොස් ඇති අතර වැසිකිලියේද කොටසක් නාය ගොස් තිබුණත් බිරිඳ සහ යාළු මිත්‍රයන් පවසන්නේ ඔහු අන් අයට සලකන්නට මුදල් වලින් පවා ණය වි ඇති බවයි.

තස්ලීම්ගේ හදිසි අනතුර සමග දැන් මේ පවුලේ අය අසරණ වි ඇති අතර ඔවුන්ට ගමේ අය ඥාතීන් උදව් කරද මේය කොපමණ කාලයක් සිදු කරන්නට හැකි වේද එය ඔවුන්ගේ අනාගතයට මුහුණ දිමට ඇති ප්‍රශAනයයි. තස්ලීම්ගේ බිරිඳ දරුවන් තිදෙනෙක් සහිත ජිවිතයක් ගත කරන්නේ ස්වාමියාගේ මවද රැක බලා ගනිමිනි. ඇයටද ස්ථීර රැකියාවක් නැත. සිය පවුලේ කටයුතු වලට නායකත්වය ලබා දුන් ගමට රටට නායකත්වට ලබා දුන් මෙම නිවසේ නායක තස්ලීම් අද ලෙඩ ඇදෙය. ඒ නිසා මේ අයගේ අනාගතය ගැනද වගකිව යුත්තන්ගේ අවදානය යොමු විය යුතුව පවති.

තස්ලීම් පිළිබඳව සිංහල බෞද්ධ ස්වාමින් වහන්සේලා පවා කම්පාවෙන් සිටිති. දෙබත්ගම සාමසර කන්දේ පාමුල ඇති වියන්එළිය විහාරස්ථානයේ නායක හිමියන් තස්ලීම් බැලිමට ගොස් පිරිත් කියා අතේ නුලක්ද බැද පිරිත් පැන් බිමට දි තස්ලීම්ට ඉක්මන් සුවය ප්‍රාර්ථනා කර අතර තවත් ස්වාමින් වහන්සේලා රැසක්ම තස්ලීම්ගේ සුව දුක් සොයා බැලිමට රෝහල වෙත ගොස් කම්පාවට පත් වි ඇත.

දනාගම අවට පදිංචි සිංහල ජනතාවගෙන් කොටසක් අවට විහාරස්ථාන වල තස්ලීම්ට ඉක්මන් සුවය පතා බෝධිපූජාවන් සිදු කර ඇති අතර තවත් පිරිසක් මාවනැල්ල අලූත්නුවර දේවාලයට තස්ලීම් සුව වු පසු භාරයක් වන බවටද පොරොන්දු වි ඇත.
දනාගම ජිවත් වන සිංහල බෞද්ධ අයෙකු වන පී.එච්.ජි දයානන්ද මෙන්ම ඉන්ද්‍රනි යන අය අදහස් දක්වමින් අපට කිවේ.
තස්ලීම් මුස්ලිම් වුනත් ඔහු මුස්ලිම් අයට වඩා සිංහල අයට උදව් කරන ලද අයෙකු බවයි. සිංහල ගමේ පැවැත්වෙන ශ්‍රමදාන විවාහ උත්සවයක මළ ගෙදරක සිටින ඔහු නිදහස් උත්සව සිංහල අලූත් අවුරුදු උත්සව පවා මුස්ලිම් අයද සහභාගි කර ගෙන සිදු කිරිම විශෙAෂත්වයක් වන බවයි ඔවුන් වැඩි දුරටක් අදහස් දක්වමින් පැවසීය.

මාවනැල්ල නගරයේ සිට රඹුක්කන මාර්ගයේ මිටර් 200 ක් පමණ ගොස් දනාගම පල්ලිය අසලින් නිවස වෙත යෑමට ඇත්තේ මිටර් 300 ක පමණ දුරකි. නිවස වෙත ගිය අපට තස්මිල් සම්බන්ධයෙන් බොහෝ තොරතුරු පවසන්නට ගමේ අය බොහෝ දෙනෙක් ඉතා සුළු මොහොතකදි එක් රැස් වුයේ ඔහු ගමේ අය සමග එතරම්ම සමීප සම්බන්ධතාවයක් පවත්වා ගත් නායකයෙක් වන නිසාවෙන් බව අපට සිතුනි.

ලියා නිම කර නොහැකි සමාජ සේවාවන් රැසක් සිදු කරන ලද තස්ලීම් සම්බන්ධයෙන් අමාත්‍ය කබිර් හෂිම් මහතා පවසන්නේ තමන්ගේ ලේකම්වරයා මේ අන්තවාදීන් සොයා දිමට ආරක්ෂක අංශ වලට සහාය විමට යොදා ගත්තේ තමන්ගේ මග පෙන්විමෙන් බවයි. බුදු පිළිම කැඩිමේ සිද්ධිය සැල විමත් සමග බොහෝ තොරතුරු සැකකරුවන් සම්බන්ධයෙන් ආරක්ෂක අංශ වලට ලබා දි ඉතා කෙටි කාලයකින් ඔවුන් අත්අඩංගුවට ගැනිමට සහයෝගය ලබා දි දින ගණන් ආරක්ෂක ප්‍රධානින් සමග තස්ලීම්ට ලැඛෙන තොරතුරු හරහා කටයුතු කරල ලද බවත් එය මෙතරම් ඉක්මනින් මේ අන්තවාදින් කොටු කර ගැනිමට පිටුවහලක් වු බවද කියයි.

මේ තොරතුරු සොයා ගිය අපට ගමේ කිහිප දෙනෙකු පැවසුයේ පුත්තලම ප්‍රදේශයේදි අන්තවාදීන්ගේ අවි ආයුධ අල්ලා ගැනිමටත් පුපුරණ ද්‍රව්‍ය සොයා ගැනිමටත් කටයුතු කර අවස්ථාවේ එම කණ්ඩායමේ තස්ලීම් සිටින ජායාරූපයක්ද අන්තර්ජාලය හරහා ප්‍රසිද්ධ විම හේතුවෙන් ත්‍රස්තවාදින්ගේ පළමු ගොදුර ලෙස තස්ලීම් තෝරා ගන්නට ඇති බවයි
.
මේ වන විට තස්ලීම්ගේ පවුලේ අය අපට කිවේ ඔහුට වෙඩි ප්‍රහාරය එල්ල කරපු අය අත්අඩංගුවට ගෙන ඇති බවයි. තවද ඔවුට වෙඩි ප්‍රහාරය සිදු කර ඇත්තේ ද සහරාන් හෂිම්ගේ දැනුම් දිමට අනුව බව මේ වන විට ආරක්ෂක අංශ සිය තොරතුරු වලින් සනාථ කර ගෙන ඇත. අන්තවාදින්ගේ කටයුතු වලට තස්ලීම් බාධාවක් වු හෙයින් එසේ සිදු කරන්නට ඇති බවද වාර්තා වෙයි.
තස්ලීම් බුදු පිළිම කැඩිමේ සිද්ධිය වාර්තා වි ටික දිනක් ගෙවි යද්දි ඔහු පැවසුයේ මෙය ජාතින් අතර අසමිය ඇති කරන්නට සිදු කරගෙන යන ක්‍රියාවක් වන බවයි. ඔහු සැම විටම කා සමගත් පැවසුයේ
zz විවිධ ජාති සහ ආගම්වලට අයත් මිනිස්සු සමාදානයෙන් ජිවත් වෙන්න ඹ්නේ කියලායි. ඔවුන් කරපු දේ වැරදියි කියලා අපේ ආගමේ එවැනි දේ අනුමත කරන්නේ නැහැ එම නිසා ඔවුන් අල්ල ගත යුතුයි ZZ යැයි ඔහු නිතරම පැවසු වදනකි.
සමහර අවස්ථාවන් වලදි ඔහු තනිවම යතුරු පැදියේ අන්තවාදීන්ගේ තොරතුරු සොයා අත්අඩංගුවට පත් කර ගන්නට ඔවුන් ජිවත් වු මාවනැල්ල අවට ගම්මාන වලට ගියාය.

කෙසේ වෙතත් පාස්කු ඉරු දින ප්‍රහාර මාලාවත් සමගින් ශ්‍රී ලංකාව තුළ මුස්ලිම් විරෝධී කෝලාහල මාලවක් දියත් විය. වෙළෙඳ සැල් ප්‍රහාරයට ලක් වු විය. විශෙAෂයෙන් පොලිසිය වෙත සහාය දැක්විමට හෝ බලධාරීන්ගේ අවධානය ලක් කිරිමට උත්සහ ගෙන කිබියදි සිය ප්‍රජාව ත්‍රස්තවාදීන්ට රැකවරණය ලබා දෙන බව සමස්ත මුස්ලිම් ප්‍රජාවට දෝශාරෝපණය කිරිම සම්බන්ධයෙන් මුස්ලිම්වරුන්ගේ කෝපයට ලක් වි ඇති වර්තමාන ප්‍රධානතම ගැටලූවයි. \

මෙම තත්වයන් ඇති විමට රජය මෙන්ම ආරක්ෂක අංශ සෘජුව වග කිව යුතු වන්නේ මේ සියලූ ප්‍රහාරයන් වලක්වා ගැනිමට අවශ්‍ය තොරතුරු කල් වේලා ඇතිව ලැබි තිබියදි ඒ වෙනුවෙන් කටයුතු නොකිරිම නිසායි. මෙම ලිපිය ලිවිම අප මාවනැල්ල දනාගම නිවසට ගිය පසු එහි එක් වු මුස්ලිම් ජාතිකයන් බොහෝ දෙනෙකු මෙසේද පැවසිය.

දැන් අපි හදුන්වන්නේ ඉස්ලාම් අන්තවාදීන් කියලා එදා මේ රටේ අවුරුදු 30 ක යුද්දයක් තිබුණා එතකොට කොටි ත්‍රස්තවාදීන් කියලා ඔවුන් හැදින්වුවා ඔවුන්ට දෙමළ ජාතින් කියලාවත් හින්දු ජාතින් කියලාවත් දෙමළ අන්තවාදින් හෝ හින්දු අන්තවාදින් කියලාවත් කිවේ නැහැ එහෙමනම් ඇයි අපිට ඉස්ලාම් අන්තවාදින් කියලා කියන්නේ ඒ මතය මේ සමාජයෙන් අයින් වෙන්න ඔනෑ. තවමත් අපි ආසයි මේ රටේ සාමයෙන් සතුටින් සාමාදානයෙන් ජිවත් වෙන්න ඒ නිසා මේ සංහිඳියාව නැවත අපිට ඇති කරලා දෙන්න යැයිද ඔවුන් වගකිව යුත්තන්ගෙන් ඉල්ලා සිටින ලදි.
එමෙන්ම මේ පිළිබඳව කරුණු සොයා ගිය අපට තස්ලීම්ගේ තවත් තොරතුරු බිරිඳගෙන් මෙන්ම ඥාතින් හා යාළුවන්ගෙන් දැන ගැනිමට හැකි විය.

තස්ලීම් අමාත්‍ය කබිර් හෂිම් මහතාගේ සම්බන්ධීකරණ නිලධාරියෙකු ලෙස වසර ගණනාවක් පුරා කටයුතු කර ඇත. තස්ලීම් මහතාට වෙඩි වැදුනු විගස කිහිප වතාවත් අමාත්‍යවරයා විසින් තස්ලීම්ගේ රෝගි තත්වය සුව කර ගැනිමට අවශ්‍ය කටයුතු වලට උදව් කර ඇත. පවුලේ අය තම කාර්යාලයට ගෙන්වා සාකච්ජා කර තස්ලීම් සුව කර ගැනිම හා පවුලේ කටයුතු සොයා බලමින් අදත් ඒ වෙනුවෙන් සිය කැපවිම සිදු කරයි. තස්ලීම්ගේ ආරක්ෂාව වෙනුනේද අමාත්‍යවරයා අවශ්‍ය පහසුකම් ලබා දිමට මැදිහත් වි ඇත.

තමන්ගේ කටයුතු වලටත් වඩා අන් අයගේ කටයුතු සොයා බලමින් දිවා රෑ වෙහෙසුනු තස්ලීම්ට ඇත්තේ මව සිටි පරණ නිවස පමණි. එම නිවස පිටුපස ඔහුගේ සත්ව ගොවිපොල ඇති අතර එහි එළගවයන් සහ එළුවන් ඇත. මෙම සත්ව ගොවි පොලට අමතරව ඔහු මිරිස් කුඩු පැකට් කර වෙළෙඳ පොලට අලෙවි කර අතර ඒ මගින් උපයා ගත් මුදලින් පවුලේ කටයුතු සමාජසේවා කටයුතු පවත්වාගෙන යන නිහතමානි සමාජ නායකයෙකි. අප ඔහුට ඉක්මන් සුවය ප්‍රාර්ථනා කරන්නෙමු.
ඡායාරූප සහිතයි

Leave a Reply

Your email address will not be published. Required fields are marked *