මවුවරුන් වඳ කරන්න දොස්‌තර කළ වැඩේ ලොව දරුණුම මනුස්‌ස සංහාරයක්‌! මුස්‌ලිම් ඇමැතිවරුන් අස්‌වීම උප්පරවැට්‌ටියක්‌;

මවුවරුන් වඳ කරන්න දොස්‌තර කළ වැඩේ ලොව දරුණුම මනුස්‌ස සංහාරයක්‌! මුස්‌ලිම් ඇමැතිවරුන් අස්‌වීම උප්පරවැට්‌ටියක්‌;

ජාතිය විනාශ කිරීමේ බලවේග දැඩි ලෙස ක්‍රියාත්මකව පවතින බවත්, කුරුණෑගල ශික්‍ෂණ රෝහලේ වෛද්‍ය ෂාµs සහබ්දීන් මවුවරුන් වඳභාවයට පත්කිරීම සම්බන්ධයෙන් මේ වන විට ලැබී ඇති පැමිණිලි 800 කට ආසන්න ප්‍රමාණය අනුව එය ලොව දරුණුතම මනුෂ්‍ය සංහාරයක්‌ බව පසක්‌ කරමින් පවතින බවත් පාර්ලිමේන්තු මන්ත්‍රී අතුරලියේ රතන හිමියෝ ඊයේ (07 වැනිදා) මල්වතු මහා විහාරයේදී අතිපූජ්‍ය මහානායක තිබ්බටුවාවේ ශ්‍රී සිද්ධාර්ථ සුමංගල නාහිමියන් බැහැදැකීමෙන් අනතුරුව මාධ්‍ය වෙත කියා සිටියහ.

ස්‌වකීය මාතෘ භූමිය, ජාතිය හා ශාසනය දිවි හිමියෙන් ආරක්‍ෂා කර ගැනීම සඳහා දේශමාමක සමස්‌ත ජනතාව එකම බලවේගයක්‌ බවට පත් වී සංවිධානය වීමේ ආත්ම ශක්‌තිය තමන් වහන්සේට සිව් දින මාරාන්තික උපවාසයෙන් ලබාදීමට හැකිවී යෑයිද අතුරලියේ රතන ස්‌වාමීන් වහන්සේ පැවසූහ.

මල්වතු පාර්ශ්වය වෙත කෘතඥතාව පළකිරීමත් උන්වහන්සේගේ සුවදුක්‌ විමසා තමන් වහන්සේගේ අනාගත වැඩපිළිවෙළ සම්බන්ධයෙන් දැනුවත් කිරීම සඳහාත් මල්වතු මහා විහාරයට වැඩම කළ බව පූජ්‍ය රතන හිමිපාණෝ පැවසූහ.

තමන් වහන්සේ ඉකුත් 31 වැනිදා මාරාන්තික උපවාසය ආරම්භ කළ අවස්‌ථාවේදීම ගැටලුවට විසඳුමක්‌ ලබා දෙන ලෙස ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතාට ප්‍රථමයෙන්ම දන්වා සිටියේ මල්වතු පාර්ශ්වයේ අතිපූජ්‍ය මහානායක ස්‌වාමීන්ද්‍රයන් වහන්සේ බව පූජ්‍ය අතුරලියේ රතන ස්‌වාමීන් වහන්සේ පැවසූහ.

රතන ස්‌වාමීන් වහන්සේ තවදුරටත් මෙසේද පැවසූහ. මගේ දේශය, ජාතිය සහ සම්බුද්ධ ශාසනය වෙනුවෙන් මා විසින් ගන්නා ලද පියවර පැහැදිළිව අවබෝධ කරගත් ජනතාව නන්දෙසින් බාධක තාප්ප බිඳ දමාගෙන මහනුවරට රොක්‌ වුණා. එම ජනතාව තවදුරටත් එකම බලවේගයක්‌ ලෙස තබා ගැනීම මාගේ අරමුණයි. ජාතියේ අනාගතය සඳහා එවැනි බලවේගයක අවශ්‍යතාව මැනවින් පෙනී යමින් තිබෙනවා.

ජාතිය විනාශ කිරීමේ බලවේග දැඩි ලෙස ක්‍රියාත්මක වෙමින් පවතිනවා. කුරුණෑගල ශික්‍ෂණ රෝහලේ වෛද්‍යවරයා සිංහල මවුවරුන් වඳකිරීමේ සැත්කම් සම්බන්ධ පැමිණිලි 800 කට වැඩි සංඛ්‍යාවක්‌ මේ වන විට ලැබී තිබෙනවා. මෙම වෛද්‍යවරයා සිදුකර තිබෙන්නේ ලෝකයේ දරුණුතම මනුෂ්‍ය සංහාරයයි.

කුරුණෑගල වෛද්‍යවරයා සිදුකළ වඳ සැත්කම් සම්බන්ධයෙන් නිවැරැදිව නවතම විද්‍යාත්මක පරීක්‍ෂණ ද පැවැත්විය යුතුයි. එමගින් වෛද්‍යවරයා සිදුකළ මිනිස්‌ සංහාරය අවබෝධ කර ගැනීමට හැකිවනු ඇති.

මුස්‌ලිම් ඇමැතිවරුන් අස්‌වෙනවා යෑයි කියා කළේ දේශපාලන උප්පරවැට්‌ටියක්‌. ඔවුන් සියලුම වරප්‍රසාද භුක්‌ති විඳිනවා. ජාති, ආගම්, කුල, මළ, දේශපාලන බේද නොතකා අප සමග ඒකරාශි වූවා වගේම රට ජාතිය වෙනුවෙන් මෙම ඒකරාශී බලවේගය ක්‍රියාත්මක කළ යුතුයි.

පක්‍ෂ දෙක අතර දේශපාලන මත වෙනස්‌කම් සහ බේද පැවතියත් රට ජාතිය වෙනුවෙන් ඒකරාශි වීම අවශ්‍යයි. උපවාසය දවස්‌වලදී ඒ ඒකරාශීවීම දකින්නට ලැබුණා.

රජයට විරුද්ධව ඉදිරිපත් වන විශ්වාසභංග යෝජනාවේදී ආණ්‌ඩුවට සිදුවන දෙය බලාගත හැකි වනු ඇත. රිෂාඩ් බදුර්දීන්, හිස්‌බුල්ලා සහ අසාද් සාලි ඉවත් කරන ලෙස අපි ඉල්ලා සිටියේ. කබීර් හෂීම් හොඳ දේශපාලකයකු ලෙස අප සිතා සිටියා. සිංහල බෞද්ධ ඡන්දයෙන් පාර්ලිමේන්තුවට ගිය කබීර් හෂීම්ට සිදුවන දේ ලබන මැතිවරණයේදී කෑගල්ල මාවනැල්ල ජනතාව ගන්නා පියවරෙන් දක්‌නට ලැබෙනු ඇති.

රාවුෆ් හකීම් දැන් ක්‍රියාකරන ආකාරයෙන් ඔහු අන්තවාදියකු බව පෙනෙනවා. මේ රටේ කටයුතුවලට ඇමරිකාව වැනි රටවල බලපෑම් අසීමිත ලෙස සිදුවෙනවා.

මෙවැනි බලවේගවලට රට ගොදුරු වීම වැළැක්‌වීම සඳහා රට පිළිබඳව තීන්දු තීරණ ගැනීමට ශක්‌තිය ඇති බල මණ්‌ඩලයක්‌ පත්කිරීමේ අවශ්‍යතාව පවතිනවා යෑයිද රතන හිමිපාණෝ පැවසූහ.

පූජ්‍ය ලියන්වල ශාසනරතන ස්‌වාමීන් වහන්සේ ද මෙම අවස්‌ථාවට සහභාගි වූහ.

පූජ්‍ය රතන ස්‌වාමීන් වහන්සේ අස්‌ගිරි පාර්ශ්වයේ අති පූජ්‍ය මහානායක වරකාගොඩ ශ්‍රී Æණරතන ස්‌වාමීන්ද්‍රයන් වහන්සේද බැහැදුටුහ.

දිවයින

Leave a Reply

Your email address will not be published. Required fields are marked *