මාධ්‍යයට තහංචි පැනවීම ශී‍්‍රලනිපය අනුමත කරන්නේ නෑ – මහින්ද අමරවීර

මාධ්‍යයට තහංචි පැනවීම ශී‍්‍රලනිපය අනුමත කරන්නේ නෑ – මහින්ද අමරවීර

මාධ්‍යයට තහංචි පැනවීමට සහ බලපෑම් කිරීමට ආණ්ඩුව සැරසෙන්නේ නම් එය ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂය කිසිසේත් අනුමත නොකරන බව එක්සත් ජනතා නිදහස් සන්ධානයේ මහලේකම් මහින්ද අමරවීර මහතා පැවැසීය.

මාධ්‍ය නිදහස ඇති කිරීමට ආණ්ඩුව පියවර ගත යුතු බවත්, එහෙත් එම නිදහස ප‍්‍රයෝජනයට ගෙන ජාතිවාදය අවුස්සන පුද්ගලයන්ට වැඩි ප‍්‍රචාරයක් ලබා දිය යුතු නැති බවත් මහ ලේකම්වරයා ඊයේ (5දා) ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂ මූලස්ථානයේ පැවැති මාධ්‍ය හමුවකට සහභාගී වෙමින් සඳහන් කළේය.

ඇතැම් නාළිකා සහ පුවත්පත් ජාතිවාදය අවුස්සන පිරිස්වලට දෙන අවස්ථාව අඩුකර මාධ්‍ය සදාචාරයක් ඇතිව කටයුතු කිරීම මාධ්‍ය ආයතන සතු වගකීම බවද මහ ලේකම්වරයා වැඩිදුරටත් සඳහන් කළේය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *