ක්‍රිකට් පිටියෙන් එහාට ගිය විචාරයක් අවශ්‍ය යුගය එළඹ ඇත

හොරි කසපන් ගිනි පිබපන් කියන කියන පදයට නටන ගිරවුන් සේ ඇසෙන දකින

මෙරට ක්‍රිකට් ක්‍රීඩාවට සිදුව ඇති විපතක තරම ක්‍රිකට් පාලකයන්ට ක්‍රීඩකයනට හෝ විචාරකයන්ට ද නොවැටහේ එහෙත් ක්‍රිකට් ක්‍රීඩාවේ නිරත වෙනත් රටවල නම් පාලකයෝ ක්‍රීඩකයෝ පිස්සු කෙලින විට ක්‍රීඩා විචාරකයන් පෙරට පැමිණ තම රටේ ක්‍රිකට් ක්‍රීඩාව රැකගැනීමට උත්සුකවු අවස්ථා ඕනෑ තරම් ඇත විශේෂයෙන් ඕස්ට්‍රේලියාවේ ක්‍රිකට් ක්‍රීඩාව පසුගිය කාලයේ පතුලටම කඩාවැටෙන්න ගිය අවස්ථාවේ එරට ප්‍රවීණ විචාරකයන් එකතුව ඔස්ට්‍රේලියාවට හොද කණ්ඩායමක් ඇතිකිරීමට දායකත්වය සපයන ලදී, එමෙන්ම එංගලන්තය ,පකිස්ථානය ,ඉන්දියාව වැනි රට වලද මෙවැනි තත්වයක් ඇතිවන ලදී.

එහෙත් එම රටවල් වල ප්‍රවීණ විචාරකයන් සෘජුව මැදිහත්ව තම අදහස් සහ විවේචන ඉදිරිපත් කරමින් රටට අවශ්‍ය ක්‍රිකට් කණ්ඩායම් නිර්මාණය කිරීමට දායකත්වය ලබාදෙන ලදී එහෙත් අපේ රටේ කොළඹ සීත කාමරවල සිට විස්තර විචාරය ගෙනෙන විචාරකයන්ට මෙරට ක්‍රිකට් ක්‍රීඩාව වෙනුවෙන් කිසිම හැගීමක් නොමැති බව ක්‍රීඩා ලෝලීන්ගේ අදහසයි ඔවුන් හැම විටම කොළඹ කේන්ද්‍ර කරගත් ක්‍රීඩා සමාජයේ වර්ණවත් තමන්ට හිතවත් ක්‍රීඩකයන් ගැන සිදුකරන බොරු වරුනවත් නිසා මෙරට ක්‍රිකට් ක්‍රීඩාව වලට යාම අරුමයක් නොවෙති.

ඔවුන් සැබෑ ලෙස ක්රිකට වලට ආදරයක් කරන බවක් නොපෙනෙති එලෙස ඔවුන් මෙරට ක්‍රිකට් ක්‍රීඩාව වෙනුවෙන් මැදිහත් වූයේනම් අද මෙවැනි විපතක් ක්‍රිකට් වලට අත් නොවෙනු ඇත .ධනංජය සිල්වාට ,කුසල් මෙන්ඩිස්ට , නිරෝෂන් දික්වැල්ලට,චන්දිමාල්ට, දුන් අවස්ථාවන් අසේල ගුණරත්නට ,සීකුගේ ප්‍රසන්නට ,දසුන් ශානකට ,ජීවන් මෙන්ඩිස්ට ,සචිත්‍ර සේනානායකට ,ඩිල්ෂාන් මුනවීරට ඉසුරු උදානට, ලබා දුන්නේනම් අද ශ්‍රී ලංකා කණ්ඩායම ඉන්දියාවට පමණක් දෙවැනි නොවෙනු ඇත.

එවන් දක්ෂ ක්‍රීඩකයන් මෙලෙසින් සිටිද්දී ඔවුන් තරග වලට ආදේශ නොකර දිගින් දිගට අසාර්ථක ක්‍රීඩකයින් කණ්ඩායමේ රදවාගැනීමේ ප්‍රතිවිපාක පසුගිය කාලය පුරාම දක්නට ලැබුණි පසුගිය T 20 තරග වාර්තා අනුව ඉනිමක වාර්තාකළ ඉහලම ක්‍රීඩක ලකුණු ප්‍රමාණය අසේල ගුනරත්නගේය මෑතකදී වෙනත් කිසිදි ක්‍රීඩකයෙකුට එම ලකුණු ප්‍රමාණය වත් ඉමවා යාමට නොහැකිවී ඇත.මෙරට කිසිම විචාරකයෙක් කථානොකරන ඉහත ක්‍රීඩකයන් ගැන පසුගිය කාලය පුරාම සමාජ මාධ්‍ය මගින් වාර්තා කරන ලදී එහිදී මෙරට එක විචාරකයෙකු වත් ඉහත දක්ෂ ක්‍රීඩකයින් ගැන කථා නොකරන ලදී.

මෙරට දේශීය විචාරකයන් සිදුකලේ රුපවාහිනියේ හෝ ගුවන්විදුලියේ තම විචාරය ලබාදී ගනුදෙනුව පියවීමය මේක හොරිකඩ විචාරයක් බවත් තම හාම්පුතුන් පිනවන විචරක් මේකෙන් රටේ ක්‍රිකට් ක්‍රීඩාවට කිසිදු සෙතක් සිදුවන්නේ නැති බව ක්‍රීඩා ලෝලීන් චෝදනා කරයි. අපිද මෙරට ක්‍රීඩා විචාරකයන්ට දැන්වත් සදාලුතලයෙන් පහත මාලයට බසින ලෙස කියන්නෙමු ඒ හොරි කසපන් ගිනි පිබපන් කියන කියන පදයට නටන ගිරවුන් සේ ඇසෙන දකින දෙයට වඩා ගැඹුරක් දකින්නට ලැබේවායි අපි ප්‍රාර්ථනය කරන්නෙමු

Leave a Reply

Your email address will not be published. Required fields are marked *