බදුයුදීන් ඇමතිවරයා ඉදිරි පොහොට්ටු ආණ්ඩුවකට එකතු කර ගැනීමකට සූදානම් යැයි තමන් පැවසූයේ නැහැ– වාර්තා සම්පූර්ණයෙන්ම අසත්‍ය යි–ප්‍රසන්න රණතුංග

 

බදුයුදීන් ඇමතිවරයා ඉදිරි පොහොට්ටු ආණ්ඩුවකට එකතු කර
ගැනීමකට සූදානම් යැයි තමන් පැවසූයේ නැහැ– වාර්තා සම්පූර්ණයෙන්ම අසත්‍ය යි–ප්‍රසන්න
රණතුංග

 

රිෂාඩ් බදුයුදීන් ඇමතිවරයා ඉදිරි පොහොට්ටු ආණ්ඩුවකට එකතු කර
ගැනීමකට සූදානම් යැයි තමන් පැවසූ බවට සමාජ මාධ්‍ය හා වෙබ් අඩවි
කිහිපයක පලව ඇති වාර්තා සම්පූර්ණයෙන්ම අසත්‍ය බව ශ්‍රී ලංකා
පොදුජන පෙරමුණේ ගම්පහ දිස්ත්‍රික් නායක පාර්ලිමේන්තු මන්ත්‍රී ප්‍රසන්න
රණතුංග මහතා අවධාරණය කරයි.

මේ සම්බන්ධයෙන් ප්‍රසන්න රණතුංග
මහතා සිය ෆේස්බුක් ගිණුමේ සටහනක් තබමින් මේ බව සදහන් කරයි.
අදාල ෆේස්බුක් සටහන පහත දැක්වේ.

රිෂාඩ් එක්ක ආණ්ඩු හදනවද?
රිෂාඩ් බදුයුදීන් ඇමතිවරයා අපේ ආණ්ඩුවකට එකතු කර ගැනීමට සූදානම්
බව මා පැවසූවේ යැයි එජාප මන්ත්‍රීවරුන් කීහිප දෙනෙකුගේ මුහුණුපොත්
වල හා එජාප හිතවාදී වෙබ් අඩවි කිහිපයක පලව ඇති වාර්තා
සම්පූර්ණයෙන්ම අසත්‍යය.

මාගේ පියාගේ ගුණ සමරුව දිනයේදී මාධ්‍යවේදියෙකු මගෙන් කල විමසීමට
මා විසින් ලබා දුන් උත්තරයක් පදනම් කර ගනිමින් එජාප හිතවාදී පිරිස්
ඊට වෙනත් අර්ථ කථනයක් ලබා දීමට මෙම පිරිස කටයුතු කරමින්
සිටිනුයේ ජනතාව අතර වැරදි මතයක් ප්‍රචාරය කිරීම සදහාය. එය
ඔවුන්ගේ සාමාන්‍ය පිළිවෙත නිසා ඒ ගැන පුදුම නොවෙමි.

මේ සම්බන්ධයෙන් මා එදින කළ ප්‍රකාශයේ අදාළ කොටස පහතින් දක්වා
තිබේ. එය හොදින් අසන ලෙස මම ඔබෙන් ඉල්ලමි. එහිදී රිෂාද් නැවත
අපේ ආණ්ඩුවට එකතු කර ගන්නා බවක් මා පවසා නැත. කිසිවෙකුට
එලෙස සිතෙන්නේනම් ඉතා පැහැදිලිවම කියමි රිෂාඩ් නොවේ මුස්ලිම්
අන්තවාදයට උඩගෙඩි දෙන කිසිවෙකු ඉදිරි අපේ ආණ්ඩුවකට අප
සම්බන්ධ කර ගන්නේ නැත.

ප්‍රසන්න රණතුංග.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *